සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්?


කලින් ලියපු  සටහනට යලි ගියොත්, බංග්ලාදේශකාරයාගේ කතාව ගැන යලිත් හිතන්න වෙනවා. අප වැනි සංක්‍රමණිකයන්, ඉඳහිට ලංකාවට ගියත්, දකින්නේ එහි වැරදි පමණයි ගොඩක් වෙලාවට. ගොඩක් දෙනා මැතිවරණ කාල වලට විශ්ලේෂණ, උපදෙස් හා අනාවැකි යනාදිය ඉදිරිපත් කරනවා. ෆේස්බුක් එකේ මා දකින සීමිත දේවල් වල සංක්‍රමණිකයන් කරන්නේ, දේශපාලනිකව කාට හරි බැනපු හෝ හිනා වෙන දේවල් හුවමාරු කර ගැනීම.

ඒ අතරම තාමත් සංක්‍රමණික තත්වයට පත් වී නොමැති මිත්‍ර පාඨක කන්ඩා ඉදිරිපත් කරන මේ අදහස ගැනත් හිතන්න මා යොමු වුණා //ලංකාවෙ කොයිතරම් ලස්සන තැන් තිබුණත් ඒ අලංකාරයට වැඩි කල් පැවැත්මක් නැහැ. ඒ යන තැනක් පිරිසිඳුවට තියා ගන්න දන්නෙ නැති ඉන්න, වඳුරන්ටත් අන්ත බහුතරයක් වන අපේ වානරයො රැළ නිසා.//

ඇත්ත වඳුරන් කියන්නේ යන තැන වනසන කාණ්ඩයක්. වනාන්තරයේ මොවුන් තැනින් තැනට යනවා. ඒ නිසා වනසන තැන ගස් වලට යලි ප්‍රකුර්තිය ලබා ගන්න හැකියි. අපිත් එයිට හපන්. අප කරන්නේ කැලෑව සම්පුරණයෙන්ම සමතලා කරන එකනේ. ගම් බිම්, නගර බිහිවී තියෙන්නේ එහෙමනේ.

එහෙම කියුවට, අපට යලි කැලෑවට යන්න නොහැකියි. ඉතිරිවී තියන සීමිත කැලෑ බිම් ටික ලෝකයේ සෑම  රටක්ම පාහේ සංරක්ෂණය කරන්න පියවර අරන් තියෙන්නේ හේතු විශාල සංඛ්‍යාවක් නිසා. දැන් අප මේ ඉන්න පරිසරය සාමන්‍යය ලෙස ගත්තොත්, ඒ පරිසරය අප පිරිසුදුවට තබා ගන්නට සැලකිලිමත් නොවීමට තියන හේතු මොනවාද?

ප්‍රධාන දෙය නම් මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජිවිත වල මුලට එන කරුණු අතර, වෙනත් දේවල් තියෙත්දී පරිසරය රැක ගන්න ඕනි කියන එක යටපත් වනවා. හැබැයි කන්ඩා  කියන්නේ මධ්‍යම පංතිකයන්  පවා පරිසරය ගැන සැලකිල්ලක් නොදක්වන්නේ මොකද කියන එක කියා මා අනුමාන කරනවා.

කලින් සටහනේ පින්තූර  වල වගේම ඉතාම පිරිසුදු වතුර ඇති කන්දකින් ගලා එන දිය කඳුරක් බැලීමට මා ලංකාවේ ඉන්න විට ගියා. ඔය මතුගම පැත්තේ මට මතක හැටියට. එතැන නාන්නත් පුළුවන්. අපත් එක්ක හිටපු එක කෙනෙකුගේ ඔළුවට ආපු අදහස මොකක්ද දන්නවද? එතන තියන ගල් ටික ගෙනත් මිදුල ලස්සන කර ගන්න එක.

මෙහෙදී වරක් අප කාණ්ඩයක්, මහා කැලයක්  උඩින් ගොස් බලන්න හදා තියන ගුවන් පාලමක් ඔස්සේ ගොස් කැලෙත් බලාගෙන, වාහන වලට නගින්න ආවහම, අසල කණ්ඩියක වැවිලා තිබුණු පර්ණාංග  ගස් උගුල්ල ගන්න දෙදෙනෙකු යොමු වුණා. එවිට එතැනින්  ගිය සුද්දෙකු, එයාල කරන වැඩේ කොතරම් වැරදිද කියා කියුව. එයින් අමනාපයට පත්වූ අර දෙදෙනා, මේ ගස් දෙක තුනක් ගලවන් ගියාම, මහා කජ්ජක් වෙනවද කියා නෝක්කාඩු තමන්ටම කියා ගත්ත.

තමන්ට ඉන්න හිටින්න තැනක් නැති මිනිසුන් සංරක්ෂණ කර තියන පෙදෙස් වල ගෙවල් හදා ගැනීම අපට තේරුම් ගන්න හැකි කරුණක් (මා මේ කියන්නේ මහා කෙරුම් කාරයන් විසින් මහජන දේපොළ මංකොල්ල කෑම  නොවේ). ඉන්න හිටින්න තැන්  තියන, (දෛනික ජිවිතයේ පරිසරය රැක ගැනීම ගැන, සතුන් මැරීම ගැන හා තවත් දේවල් ගැන විශේෂ උනන්දුවක් දක්වනවා යයි පෙන්වන)  මිනිසුන්, විනෝදයට බලන්න යන තැන් ගැන සංවේදී නැත්තේ මොකෝ කියන කරුණ අප හැමෝම හිතන්න ඕනි දෙයක්.

IMG_3282IMG_3283IMG_3284IMG_3288IMG_3290IMG_3293IMG_3294IMG_3300IMG_3306

 

 

2 Comments

01/30/2018 · 23:39

2 responses to “සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්?

  1. pra jay

    Wow!
    It looks a bit like NZ ?

  2. Are they too luxuriant for Australia?
    These are from Daintree river and the vicinity of Dantree village. Again, Daintree is a very small township (village) in far North Queensland with a population of less than 200 people. As you can see, the area is so beautiful.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.