මා කලින් සටහන ප්‍රශ්නයකින් නිම කෙරුවේ හේතුවක් නිසා. රැකියාවක් කළත්, නොකළත් අප බොහෝ දෙනෙකුට විවේකයක් කියන එක ගැන සිතන්න, විවේකයක් එන්නේ නැතිව ඇති. රැකියාව, ගෙදරදොර වැඩ, දරුවන්ගේ කටයුතු, දෙමාපියන් හා නෑදෑයන් ගේ වැඩ, ලිහන්න බැරි ප්‍රශ්න හා අතපොවන්න බැරි සමාජ ප්‍රශ්න යනාදියෙන් ජීවිතය වෙලා ගෙන තියනවනේ.
එහෙම දේවල් අතරිනුත්, විවේකයක් ලැබෙනවා නම්, එයට වෙන කෙනෙකුගේ විවේකය කැපකර තිබෙනවා බොහෝ විට. ඒ කියන්නේ ඉවීම, දරුවන්ගේ හා ගෙදර දොර කටයුතු වගේ දේවල් තව කෙනෙක් කරන නිසා තමා අපට විවේකයක් ලැබෙන්නේ. එයා යාලුවෙක්, සහකරුවෙක්, දෙමාපියන් හෝ වෙනත් කෙනෙක් වන්නට පුළුවන්. අප ඒ ගැන වැඩිපුර සිතන්නේ නැහැ.
අප සමහර විට සම්භාව්‍ය කියා ගීත අසනවා. හැබැයි කියැවෙන්නේ, තමන්ගේ කලින් පෙම්වතිය ඔබට ආදරේ කරන්න කලින්, මටත් ආදරේ කළා කියා චෝදනාවක්. ඇයි එයා හැරගියේ කියා එතැනදී හිතුවා නම් නේද වඩාත් හොඳ? අපි සුපුරුදු පරිදි පීචං ගිතයකයට යමු!