වන සරණ හා වණ සරණ!


IMG_3065IMG_3078IMG_3079IMG_3082IMG_3084IMG_3085IMG_3091IMG_3096IMG_3103

නිවර්තනීය තෙත් වනාන්තර ගැනත් ලියැවී තියන, මා කුඩා කල කියවපු අපූරු  පොතක් තමා, ඒපී ගුණරත්න පරිවර්තනය කරන ළද  ආර්එල් ස්පිට්ල් ගේ වන සරණ නැත්නම් සැවේජ් සැන්ක්චුවරි පොත. ඉන්පසු වනාන්තර හා සතුන් ගැන විවිධ පොත්  කියවා හා වැඩසටහන් නරඹා තියනවා. ඒනාට මා ලංකාවේ නිවර්තන තෙත් වනාන්තරයක් බලන්න කිසිදා ගිහින් නැහැ.

හොඳට වහින දිනක වනාන්තරයක ඇවිදීම ගැන ඔබට මොනවගේ සිතෙවිද දන්නේ නැහැ. කූඩෑල්ලන් හා මදුරුවන් ඉන්නවා නම් එය ලෙහෙසිවෙන එකක් නැහැ.

මා කලින් සටහනේ ලියපු කරුණ, එනම් යම් තැනක් බලන්නට ගිහින්, එතැනින්  යමක් ගෙදර ගෙන එන්ට තියන වුවමනාව ක්රිමිනල් සිතිවිල්ලක් කියා මා දකින්නේ නැහැ. අප ගොඩක් දෙනා මේ වගේ. එනම් අප අන් අය, අප වෙනුවෙන් මේ සමාජය හදාවි, පරිසරය රැක දේවි කියා බලාපොරොත්තු වනවා. අරක බේරා ගනිව්, මේක බේරා ගනිව් කියා වර්චුවල් ලෝකයේ විප්ලව කෙරුවට, සැබෑ ජිවිතයේ ක්‍රියාකාරකම් වල ඒ හැඟීම් නැහැ.

දහසක් දිනකට බලන්න යන තැනකින්, එයින් 1% ක් දෙනෙක් ගහක්, ගලක් ගලවන් ගියොත් වසරකදී ඒ තැනට වන්නේ කුමක් ද කියා අපගේ සිතට දැනෙන්නේ නැහැ. එකක් දෙකක් ගෙනිච්චට තව දහසක් දේ තියනවනේ කියා හිතනවා.

මෙය පරිසරයට විතරක් නොවේ, නොයෙක් දේ වලට අදාලයි. අපට ජිවිතයේ සුන්දර කම කියා දෙන, මිනිසුන් බොහෝ දෙනෙකු වගේ, අප ජිවත් වෙන්න පටාන් ගත්තොත් මේ සමාජයේ වැඩ කිරීමට කෙනෙක් නැතිව, මුළු සමාජයම අංජබජල් නොවුනොත් තමා පුදුමය.

අනෙක් අතට අප මුහුණ පාන පුරස්න සමහර දෙනෙකුට සිඟන්නගේ තුවාලය වගේ තමා. මා නිතර කියන පරිදි ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ, එනම් ඔවුන්ගේ රැකියාව තමා, ප්‍රශ්න වලින් ජීවිතය ගෙන යාම. එයත් කුසලතාවයක් නම් තමා.

 

Advertisements

2 Comments

02/03/2018 · 10:09

2 responses to “වන සරණ හා වණ සරණ!

  1. pajayatunga

    Mr. Ryevillage, your home town/village in SL is in tropical rainforest zone though it is not a forest anymore

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.