ගලා යන ජීවිතය!


IMG_2980 - CopyIMG_2983 - CopyIMG_2985 - CopyIMG_2986IMG_2988IMG_2989IMG_2993IMG_2995

මා කලින් සටහනේ ලියුවා වගේ, ‘ප්‍රකුර්ති’ ජීවිතයට  යලි ඒම  නිරායාසයෙන්ම සිදුවන දෙයක්. මනුෂ්‍යයාගේ තියන මේ ගතිය, එනම්, වෙනස්වීම් වලට, ඉතා ඉක්මනින් හුරු වීම, වෙනස් පරිසරයන් සිතා මතා සොයා යාම, අපේ ඉතිහාසයේ සිදුවුණු වැදගත් බොහෝ සිද්දීන්ට මූලික  වෙච්ච දෙයක්.

ඈත උතුරු කුවින්ස්ලන්තයේ තියන කුක්ටවුන් කියන වෙරළාසන්න නගරයට, ඒ කාලයේ ලෙෆ්ටිනන්ට් කෙනෙකු වූ ජේම්ස් කුක් ඇවිත් තියෙන්නේ 1770 ජූනි  මස. එයාගේ නැව  වන එන්ඩෙවර්, ගල්පරයක හැපීමෙන් තුවාල ලබපු නිසා, එම ප්‍රදේශයේ තියන ගංගාවකින් රට ඇතුලට ටිකක් දුර ගිහින්, දවස් විස්සක් විතර නැවතිලා, ගොඩ බිමේ කුඩාරම් ගහගෙන, නැව අලුත් වැඩියා කරගෙන තියනවා.

මිනිහ ඒ නැවෙන් ඕස්ට්‍රේලියාව  වටේ යත්දී සිඩ්නි වල බොටනි බොක්කට ගොඩ බැහැ  තියෙන්නේ ඒ අවුරුද්දේ අප්‍රේල් වල. හැබැයි දින අටක් විතර එහි නැවතිලා තිබුනත්, කිසිදා රට ඇතුලට ගිහින් රැයක්  ගත කර නැහැ. මුලින්ම රට ඇතුලේ කුඩාරම් වල නිදා ගෙන තියෙන්නේ අර කුක්ටවුන් වල.

මේ කාලය තුල කුක්ගේ කණ්ඩායම මෙහි මුල් පදිංචි කරුවන් වන, ඇබොරිජිනල් වරුන් එක්ක ගනු දෙනු කර තියනවා, සුහදශීලිව. සුදු සමට  කුතුහලයක් දැක්වූ, මෙහෙ හිටපු අයට, ඔවුන්ව අත ගාන්නට පවා ඉඩ දී තියනවා. එය සංහිදියාවේ ප්‍රථම පියවර ලෙස, අර්ථකථනය කළත්, නැව කැඩිලා අමාරුවේ වැටිලා හිටපු ඒ වෙලාවේ, ඔවුන් දක්වපු කෛරාටික කමත් වෙන්න පුළුවන්.

ලංකාවට සුද්දන් ආවේ, එයිනුත් දශක තුනකට පමණ පසුව  1802 දී විතරනේ. පසුගිය දා ලංකාවේ නිදහස් සැමරුම නිසා, මේ අතීතය ගැන මිනිසුන් මතකය අවදි කර ගන්න ඇති. ඒ වගේම ලඟදි තිබුණු (ජනවාරි 26) ඕස්ට්‍රේලියානු ජාතික දිනය නිසාත්, මේ අතීත සිදුවීම් නැවත කරලියට ආව.

අතීත සිදුවීම් දෙස විවිධ දෙනා බලන්නේ වෙනස්ව. අපට දැන් වෙනස් කරන්න බැරි වුවත්, සමහරුන් කේන්ති ගන්නවා, තවත් අය  සතුටු වෙනවා, තවත් අය  පුදුම වෙනවා. ඔන්න ඔය වගේ වෙනස් හැඟීම් අපට දැනෙනවා ඇති.

ටයිම් ටු සේ ගුඩ් බයි නැවත අසමු!

 

Advertisements

5 Comments

Filed under Nature, Opinion, Photography

5 responses to “ගලා යන ජීවිතය!

  1. ඒ වෙනස් හැඟීමුත් හරියට ජිවිතේ වගේ.එක එක විදියයි.

    • මනෝ ගොඩක් වෙලාවට, අතීතය ගැන ඔය වගේ (තරහ, සතුට හෝ වෙනත්) වෙනස් හැඟීම් ඇතිවන්නේ, අප ගේ වර්තමාන ජීවිතය පවතින තැන අනුවත් තමා.

  2. pra jay

    Clear water becomes muddy when disturbed.
    Muddy water looks white when disturbed a lot.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.