ගලා යන සිතිවිළි!


සේවාස්ථානයේ යුවතියක් ගිය වසරේ ගර්භනීව ඉන්න සමයේ, මා ඇයට රුසියානු පන්නයේ තක්කාලි ‘අච්චාරුවක්’ දුන්නේ ඒ කාලයේ, කාන්තාවන් කැමති ආහාර ගැන දන්නා නිසා. පසුගිය දිනෙක, ඇය මට හිස් බෝතලය ගෙනවිත් දුන්නේ, තවත් බෝතල දෙකක් එක්ක.

ඉන් එකක්, ඇයගේ  අම්ම හදපු චීන මිරිස් බෝතලයක්. අනෙක කඩෙන් ගත්තු, අර අම්ම හදපු මිරිස් සම්බෝලයේ වෙළඳ අනුරූපය. ලෝකේ වැඩියෙන්ම මිරිස් කන්නේ, ලංකාවේ උපන් අප කියා සමහරුන් සිතුවාට, එම යුවතියගේ අම්ම හදපු මිරිස් ‘අච්චාරුව’  කෑවොත් එම සිතිවිල්ල වෙනස් වෙනවා.

එම චීන මිරිස, අපගේ දිවට ආගන්තුක රස වලිනුත් පිරී තියනවා. (පදම් කරපු) සෝයා  බෝංචි, රටකජු හා තවත් දේවල් එකතු කර තෙලේ බැදලා  හදා ගත්තු, එයිට සම මිරිස් රෙස්ටෝරන්ට් වල තියනවා. නමුත් මෙහි රසය එයිට වෙනස්. එහි වෙළඳ නිෂ්පාදනයේ කොලිටිය සම්පුර්ණයෙන් වෙනස්.

එයත් නොවේ මට කියන්න අවශ්‍ය දේ. ආසියාවේ තියන අප දන්නා එක සිරිතක්. කෑමක් යමෙකුට දුන්න විට, එහි හිස් භාජනය යලි දෙන්න අවශ්‍ය තරමේ එකක් නම්, අප යලිත් භාර දෙන්නේ හිස් අතින් නොවීම. අපගේ වැරදි ගැනම නිතර කියන අප, මෙවැනි කරුණක  තියන, අපූර්වත්වය  ගැන මොහොතකට සිතන්නේ නැහැ.

මට වැටෙහෙන විදිහට, ලංකාවේ ඉන්න සමහර දෙනෙක් අප වැනි සංක්‍රමණිකයන් දෙස බලන්නේ වෛරී සිතිවිල්ලකින්. මගේ ලිවීම් කියවන්න ලංකාවෙන්  එන පිරිස් ඒ ගොඩට අයිති නැහැ. නමුත්, මා දකිනවා මව් බිමට ද්‍රෝහී වූ කොට්ටාශයක්  ලෙස, අපව සාමාන්‍යන් දැකීම.

මා මුල් කාලයේ ලියපු කරුණකට ගියොත්, ලංකාවේ සහනාධාරයක් ලෙස විකුණන, පොහොර ගහන ‘ගොවීන් ‘ නිතරම, තමන්ගේ අස්වැන්නත් මහජනතාවට ම (රජයට) ගන්න කියා උද්ඝෝෂණ කරනවා. මෙහි නියම තේරුම බොහෝ දෙනෙකුට ඉස්සර තේරුනේ නැතත්, දැන් ටික ටික තේරෙන්න පටන්ගෙන තිබීම ප්‍රගතියක්.

ළදරු වයසේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය මහජනතාව විසින් දරපු පසුත්, එයාලව ජීවත් කරවන්න කියා මහජනතාවගෙන්ම ඉල්ලීම, මා කලින් ලියපු තවත් දෙයක්. මේ උදාහරණ දෙකම අප සිතන හැටි පෙන්වන කැටපතක් වගේ. මේවා  මගේ ජීවිතයට  ලොකුවට බලපාන්නේ නැති නිසා, මගේ ලිවීම් මිරිස් වලට සීමා  වෙමින් යාම වෙනම දෙයක්.

දේශපාලකයන් ගැන නිතර ලියන, දේශපාලනය ගැන නිතර වෙහෙසෙන පිරිස්, අවධානය යොමු කරන්න ඕනි, මහජනතාව එනම්, අපම හිතන හැටි ගැන කියවෙන  උදාහරණ දෙකක් තමා මා ඔය මතක් කෙරුවේ. එය ලංකාවට විතරක් සීමා  වන්නේ නැහැ. ප්‍රගමනයක් අවශ්‍ය නම් වෙනස් වන්න ඕනි අපගේ සිතිවිලිම තමා.

කීම දෝ යන්නේ නොරැඳී ගලා…..?

Advertisements

8 Comments

Filed under Opinion

8 responses to “ගලා යන සිතිවිළි!

  1. ඔය හිස් පිඟන් නොදෙන පුරුද්ද නිසා දැන් නියම වැඩක් වෙනවා.. තවම අපේ ගම්වල දානයක් උත්සවයක් විශේෂ කෑමක් හැදුවම කෑම පිඟානක් එවන සිරිත තියෙනවා නේ.. ඉතින් හිස් පිඟාන ආපහු නොදී තියා ගත්තට වැඩත් එක්ක ඒක අමතක වෙලා..ළඟ ගෙවල් ඔක්කොගෙම වගේ පිඟන් කලවමක් තමයි දැන් අපේ ගෙදර තියෙන්නේ.. :))

    //මේවා මගේ ජීවිතයට ලොකුවට බලපාන්නේ නැති නිසා, මගේ ලිවීම් මිරිස් වලට සීමා වෙමින් යාම වෙනම දෙයක්// 😦 අපරාදේ..

    • //හිස් පිඟාන ආපහු නොදී තියා ගත්තට වැඩත් එක්ක ඒක අමතක වෙලා..ළඟ ගෙවල් ඔක්කොගෙම වගේ පිඟන් කලවමක් තමයි දැන් අපේ ගෙදර තියෙන්නේ..// කපටි නේ. දැන් ඉතින් දවසක් ගත කර හදන්න කැවිලි ටිකක්. 🙂

      /// //මේවා මගේ ජීවිතයට ලොකුවට බලපාන්නේ නැති නිසා, මගේ ලිවීම් මිරිස් වලට සීමා වෙමින් යාම වෙනම දෙයක්// 😦 අපරාදේ../// 😀

  2. pra jay

    //මා දකිනවා මව් බිමට ද්‍රෝහී වූ කොට්ටාශයක් ලෙස, අපව සාමාන්‍යන් දැකීම//

    සමහරුන්ට වීසා reject වුනාමත් එහෙම දැක්මවල් එනවා

  3. හැමදේම ආණ්ඩුවෙන් දෙන්න ඕනේ කියන න්‍යාය එක්ක කවදාවත් රට හදන්න බැහැ.ආණ්ඩුවේ මුලින්ම ඉගෙනගෙන ආණ්ඩුවෙන්ම රස්සා ඉල්ලන,පඩි වැඩිවීම් ඉල්ලන අය තේරුම් ගන්න ඕනේ මේ දේවල් දෙන්නේ තමන්ගේම සාක්කුවෙන් පික්පොකට් ගහලා කියලා.

    කොහොම උනත් කෑම “මිරිස්” වලින් විතරක්ම රස කරන්න බැහැ.ලුණු ඇබුල් එහෙමත් අඩු වැඩියෙන් මේ වගේ එකතු වෙන්න ඕනේ….:)

    • මනුෂ්‍ය සමාජය පරිණාමය වෙලා තියෙන්නේ සාමූහික ප්‍රයත්න තුලින් මනෝ. එකිනෙකාට උදව් කර ගැනීම තුලින් ඉතා දුෂ්කර අවස්ථා පසු කරන්නට හැකි වුන වගයි, මානව ඉතිහාසය අපට කියන්නේ.

      ඒ නිසා මහජන මුදල් යොදා දෙන (සැමටම අවස්ථාව) අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් සමහරවිට, කෙනෙකුගේ ජීවිතයත් මරණයත් තීරණය කරන දේවල් වෙන්න හැකියි. හැබැයි, නැගිටින්න අත දුන්නහම, කරටත් අරගන්න කියන එක මාර ගොන් පාර්ට් එකක්.

      අන්න එතකොට, දේශපාලකයන් විදිහට පත්කර ගන්න අයත් ඔබ කියනවා වගේ, ඒ දේවල් // දෙන්නේ තමන්ගේම සාක්කුවෙන් පික්පොකට් ගහලා //, ටිකක් එයාලගෙත් සාක්කුවට දමාගෙන. මොකද සර්වයිවල් එක තියෙන්නේ එහෙම කෙරුවොත් පමණයි.

      ලුණු ඇඹුල් විතරක් නොවේ, නෙස්ටොමෝල්ට් ටිකකුත් එකතු වෙන්න ඕනි. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.