Monthly Archives: March 2018

වෙරි ගුඩ් සිකුරාදා!


අද අපට නිවාඩු. මොකද පාස්කු සමය නිසා. ලොව ඉපදුන සුවිශේෂී මිනිසෙකුගේ අකල් පමණක් නොවේ කුරිරු මරණය අනුස්මරණය කෙරෙන දින කිහිපයක්. මෙවැනි අය සාමාන්‍ය මිනිසුන් නොවේ, දෙවියන්ගේ පුත්‍රයන් කියා හෝ මිනිසුන් නොවන අය කියා හෝ, සිතන්න මිනිසා පෙළඹෙන්නේ කරුණු කිහිපයක් නිසා.  ඒවායිනුත් ප්‍රමුඛ වන්නේ ඔවුන් අන්‍යයන් වෙත දක්වපු දයාවයි. මැයි මස ලාංකිකයන් ගෙන් බහුතරයක් අනුස්මරණය කරණ ගෞතම බුද්ධට පවා එය එලෙසම අදාලයි.

මා අද කිසිම ආගමක අනුගාමියෙකු නොවේ විතරක් නොවේ, එය කියන්න පසුබට වන්නේත් නැහැ. අද මගේ ජිවිතයේ කරන විදිහට පමණක්හෝ නොවේ,  මගේ මරණයේදී හෝ ආගමික වතාවත් කිසිවක් නොකරනු ඇතැයි  මා බලාපොරොත්තු වනවා. එය මගේ පෞද්ගලික කැමැත්තයි.

මගේ පෞද්ගලික කැමැත්ත සමාජය මත හෝ මගේ සමීප අය මත හෝ මත පටවන්න මගේ අභිලාශයක් නැහැ. මට කේන්ති එන්නේ, මෙහෙම පෞද්ගලික දේවල් මුළු සමාජයම මතම පටවන්න එන පිරිස් ගැනයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුවත්, බහුතර මතය කියන්නේ, සුළුතරය එම සමාජයෙන් අතුගෑම නොවේ.

ඕවා ගැන සිතීමට වඩා අපට වෙන දේවල් තියනවා. අද ගුඩ් සිකුරාදා නේද? එය වෙරි ගුඩ් සිකුරාදාවක් කර ගන්නේ කොහොමද? ඇත්තටම, ලෝකයේ කොපමණ ප්‍රශ්න තියනවද? මෙව්වා ඔබ තනිව මුහුණ දෙන පුරස්න හා ජිවත්වන සමාජය අතර බැඳී තියනවා. සාමාන්‍ය මිනිසෙකු හැටියට වෙනසකට අපට දෙන්න හැකි දායකත්වය බින්දුවට ටිකක් සමානයි. මා මේ කියන්නේ සාමාන්‍ය ජනතාව ගැනයි.

ලොවෙන් ඇසෙන කණගාටුදායක පුවත් අතර මා දුටුව  මේ පුවත ආකර්ශනිය එකක්. එනම්, අයර්ලන්තය අද අවුරුදු අනූවකට පසු ගුඩ් ෆ්‍රයිඩේ දිනයේ පබ්  වල මධ්‍යසාර විකුණන තහනම ඉවත් කෙරුව.  ලංකාවේ කාන්තාවකට බෝතලයක් කඩෙන් මිලදී ගන්න බැරි වග මා දැන  ගත්තේ, මංගල සමරවීර විසින් එම  නීතිය ඉවත් කිරීමට යෝජනා කෙරුව විට. මා හිතන්නේ, දැනට වඩා යුග ගණනක් ඈතින් ජිවත්වන ලංකාවේ ජනාධිපති එය අවලංගු කෙරුව. එම සමාජයේ මා ජීවත් වූවා  නම්, මා උභතෝටිකයට මුහුණ දෙනු ඇති.

 

ඔබ එනකම් මා සිටියේ….!

 

4 Comments

Filed under Opinion