හෙට යයි තවත් දිනක් ඇත මට, ඔබ නිසා!


අපේ නියෝජ්‍ය අගමැති මේ සතියේ මුල, තනතුරින් අස්  වුණේ, විවිධ කාණ්ඩ වලින් එල්ලවූ බලපෑම හමුවේ. මහජන මතය ද ඉන් එක කාණ්ඩයක් (ප්‍රධාන එක ද කියන එක නම් ප්‍රශ්නයක්). එයා අස් වන්නට හේතු වුණ කාරණා  අතර මුල් වූවේ තමන් යටතේ සේවය කරපු කෙනෙක් සමග ඉන්ටිමේට් සඹදතාවයක් ගෙන යාම.

වැඩිහිටි දෙදෙනෙක් අතර ඇතිවන මෙවැනි සම්බන්දතාවයන් ගැන මෙච්චර වද වන්නේ මොකටද? ඔහුගේ විවාහය දෙදරා ගිහින් ඇතිවග, ඔහුම පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ගිය වසරේ, විවාහය කියන එකේ නීතිමය අර්ථකථනය වෙනස් කරන පාර්ලිමේන්තු විවාදයේදී.

හැබැයි මේ කාරණාව එළියට  ආපු වෙලාවේ,  කියවුන කාරණාවක් තමා, මහජන මුදල් අවභාවිතාව. මොකද මේ සම්බන්දයේ අනික් පාර්ශවය වන කාන්තාවට රැකියාව සපයා තියෙන්නේ මහජන මුදලින් වීම. එයිට එහා යන තව කරුණක් තියනවා. නියෝජ්‍ය අගමැති නියෝජනය කරන ජාතික පක්ෂය පෙනී ඉන්නේ සම්ප්‍රදායික සමාජ, දේශපාලන හා ආර්ථික කරුණු වෙනුවෙන් නිසා. විවාහය පිලිබඳ නීතිමය අර්ථකථනය වෙනස් කරන්න එරෙහි වූ කාණ්ඩ අතර නියෝජ්‍ය අගමැතිගේ පක්ෂය මුලටම ඉන්නවා.

අප කවුරුත් දන්නා පරිදි, සාමාන්‍ය මහජනතාවට, එක ජිවන රටාවක් කියන, සම්ප්‍රදායික කරුණු වෙනස් වන්නට ඕනේ නැතැයි  කියන, බයිබලයේ මෙහෙම තිබුණා යයි කියන, මෙවැනි ක්‍රියාකාරීන්ගේ පෞද්ගලික ජිවන රටාව එයිට සහමුලින්ම වෙනස් වීම. මේක හරියටම පල්ලි වල දේවගැති කියන කට්ටියගේ චර්යාමයි.

මා ඒ ගැන වැඩිදුර සිතන්නේ නැහැ. මොකද, ඔහුගේ ඉවත්වීම කියන්නේ, එම තනතුරේ ඉඳීම ඔහුට හෝ වර්තමාන රජයට හෝ ඔහුගේ පක්ෂයට තව දුරටත් වාසියක් වෙන්නේ නැතිය කියන එක නිසා. අප වැඩිදුර සිතන්න ඕනේ, එහෙම තෙරපුමක් සමාජයෙන් හෝ වෙනත් කණ්ඩායම් වලින් එන්නේ මොකද කියන එක.

පසු වදන

මා ලාංකික රූපවාහිනි වැඩසටහන් කිසිවක් නරඹන කෙනෙක් නොවේ. හැබැයි සිංහල ගීත අහන විට මගේ අවධානයට ලක්වූ එක වැඩසටහනක් තමා, සිහිනයකි රෑ. එය අතරතුර දැන්වීම් නැති නම් (ජාතික රූපවාහිනී නිසා නැතුව ඇති) සජීවීව වුවත් බලන්නට හැකි, සිත්ගන්නා සුළු කතා බහ ඇතුලත් එකක්.

Advertisements

2 Comments

Filed under Lifestyle, Opinion, Politics

2 responses to “හෙට යයි තවත් දිනක් ඇත මට, ඔබ නිසා!

  1. සිහිනයකි රෑ මගෙත් ප්‍රියතම වැඩසටහනක්. ඒත් කාලෙකින් බලන්න බැරිවුනා..ආයම බලන්න ඕන…

    ප්‍රියා සූරියසේන…ඒ කාලෙ අපේ ප්‍රියතම ගායකයෙක්..මගේ නම් තවමත් එහෙමයි… 🙂

  2. වැඩසටහන කරන මහේෂ් ටත් මා කැමතියි. දෙපිට කැපෙන කතා ඉඳහිට කියනවා, අප හැමෝම වගේ.
    රවී, ප්‍රියාට විතරක් නොවේ, නුවන්ටත් මා කැමතියි. එකම දේ නුවන්ට හරි හමන් ගීත ටිකක් නැති එක. ප්‍රියාට, ප්‍රේමකීර්ති ලියපු ගීත ලැබුණා. මා කැමති තව කෙනෙක් තමා, කිර්ති පැස්කුවල්. ඔහුටත් හරි හමන් ගීත නැහැ. හැබැයි ඔහුගේ කටහඬට (හා ‘යුරෝපීය’ ශරීරයට) මා කැමතියි.