යකඩ වලටත් ගුල්ලන් ගැහීම (1)!


අද මට ලී  කුවාන් යූව මතක් වුනේ කරුණු කිහිපයක් නිසා. එකක් තමා ආර්ථික අභිවුර්දියකින් තොරව, සමාජයකට යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි ද්විතියිකයි නේද කියල සිතීම. අනෙක තමා, මේ දෙවෙනි එව්වා නැතුව පළමු වැනි කරුණට යන්න පුළුවන්ද  කියන එක.

ලී  සිතුව හැටි මා කෙටියෙන් ලියුව සටහනක එන මෙන්න මේ දේ බලන්න //“සමාජයේ සිටින අන්තවාදීන් සියල්ලක්ම නඩු ඇසීමෙන් තොරව මහා උළු ගෙදර යවන්න ඕනේ. ඔවුන්ගෙන් සමහරක් කොමියුනිස්ට් කාරයන් වෙන්න පුළුවන්, තව අය භාෂාමය අන්තවාදීන්, සමහරුන් ආගමික අන්තවාදීන්. මෙහෙම කෙරුවේ නැත්නම් රට හබක්”.// අප කැමති වුවත් නැතත්, එකඟ වුවත් නැතත්, ලී  කියන්නේ තමා ජීවත්  වුන කාලයට වඩා ඉදිරියෙන් සිටිය කෙනෙක්.

මා ගිය සතියේ එක දිනෙක දවල් කෑම කන විට, එම මේසයේ ම කමින් සිටිය තරුණ චීන ජාතිකයා මගෙන් ඇහුවේ, සති අන්තයේ අහන්නට ලැබුණ  කණගාටුදායක ආරංචිය දන්නවා ඇති නේද කියා. ඔහු අදහස් කෙරුවේ, ජනාධිපති ශි ජී  පින් ගේ ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳවයි.

ඒ ගැන කියුවොත්, නව චීනයේ නිර්මාතෘ ලෙස සැලකෙන ඩෙන් ෂියා ඕ පින් හඳුන්වා දුන්න, එක ජනපති කෙනෙකුට උපරිමයෙන් වසර 10යි (එනම් වසර  5හේ වාර දෙකක්) ඉන්න පුළුවන් කියන, නිතිය වර්තමාන ජනාධිපති වරයා වෙනස් කිරීම ගැන තමා මේ තරුණ චීන ජාතිකයා මතක් කෙරුවේ.

ෆේක් නිවුස් ද, ඇත්ත එව්වද කියා කියන්න මා දන්නේ නැහැ, ඇමෙරිකානු ජනාධිපති වරයා මේ ගැන අහපු වෙලේ කියුවා කියන්නේ, අපත් හරිනම් ඕකම කරන්න ඕනි කියල වගේ කතාවක් කියා, ප්‍රවුර්ති අඩවි වල මා දුටුවා.

ඒවා පැත්තක තියමු කෝ, මේ නිදහස් වෙළඳාම කියන එක කොතරම් නිදහස් ද කියන එක ගැන සුපර්ෆිෂලි ලියවුන සටහන් පෙළක් වන ඔයාගේ මහත්තයට නම් මා කැමතියි    කියන සටහන් පෙළේ  මා සඳහන් කෙරුවේ, ලෝකයේ සමහර රටවල්, යලිත් ප්‍රාදේශිකවාදයකට යන්න අර අඳිමින් ඉන්න වග.

එම සටහන් පෙළේ මා උපුටා දක්වපු,  සටහනේ එන අන්තර්-පැසිෆික් සහයෝගිතාවය කියන ගිවිසුමේ කටයුතු ආරම්භ කෙරුවේ ඇමරිකාවයි. නමුත්, වත්මන් ජනපති වරයා බලයට පත්වීමෙන් පසු, එය වෙරි බෑඩ් ඩීල් එකක් කියා අයින් වූවා. එතැන් පටන් එම ගිවිසුමට අත්සන් කරන්න හිටිය අනික් රටවල් 11 හ වෙනම කතාව දිගට ගෙන ගියා.

එම කතා වල ප්‍රතිඵලයක් ලෙස, අද එම රටවල් එම නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබුව වග වාර්තා වූවා. කලින් කියපු පරිදි ඕස්ට්‍රේලියාව  ඉන් එක රටක්. අර සටහනේ මා ලියා ඇති පරිදි ඇමෙරිකාව අයත් වුවා නම්, ලෝක දළජාතික නිෂ්පාදනයෙන් 40% මේ රටවල් 12 හේ තමා කරන්නේ. ඇමෙරිකාව නැති වුන විට මේ අගය 14 දක්වා පහල බැහැල. ඉතින් තේරෙනවනේ ඇමෙරිකාවේ දායකත්වයේ තරම.

හැබැයි මේ ගිවිසුන නිසා විශේෂයෙන් ඕස්ට්‍රේලියානු තිරිඟු වලට, පනවා ඇති (ආනයනික) බදු ජපානය, කැනඩාව වැනි රටවල් අයින් කිරීමෙන්, මෙහි කෘෂිකර්මයට වඩාත් හිතකර තත්වයක් උදාවනු ඇතැයි කියනු ලබනවා.

ඔන්න ඔය අතර අද ඇහුනු අනික් කතාව තමා, ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකාවට ආනයනය කර යකඩ හා ඇලුමිනියම් වලට පිළිවෙලින් 25% හා 10% බද්දක් නියම කිරීම. පසුගිය කාලයේ මෙහෙම දෙයක්මේ කරන්නට යනවා කියන  කතාව කරලියට ආපු පසු, ඕස්ට්‍රේලියානු රජයේ විවිධ අමාත්‍යවරුන්, පස්ස කැඩිච්ච කුඹින් මෙන් ඇමෙරිකාවේ, තමන්ගේ අනෙක් පාර්ශවය සමග කතා කාලය කියා කියවුනේ කරුණු දෙකක් හෝ වැඩි ගණනක් නිසා.

එකක් තමා ඇමෙරිකාවට යකඩ යවන රටවල් අතර ඕස්ට්‍රේලියානු සමාගම් ද තිබීම. අනෙක තමා ඇමෙරිකාව මේ ‘ලාභ යකඩ’ ගෙනත් අතහරින (ඩම්ප් කිරීම) එක නතර කළොත්, එව්වා යින්  වැඩි කොටසටක් මෙහෙට, කඩා වැටෙන්න පුළුවන් වීම. අනික් කරුණ නම්, මේ මගින් ආර්ථික යුධයක් ඇති වීමේ අවදානම.

ජනපති ට්‍රම්ප් නම් කියුවේ, යුද්ධ (ආර්ථික) ඇතිවුනාට  කමක් නැහැ, එයින් ජයගන්නට හැකි නම් කියා.

අර චීන තරුණයා ගේ සිතන්නේ කොහොමද, ඩම්ප් කිරීම කියන්නේ මොකක්ද, එහි කප්පිත්තන් කවුද හා තවත් මගේ සිතිවිළි  ටිකක් ඊළඟ සටහනින්.

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “යකඩ වලටත් ගුල්ලන් ගැහීම (1)!

  1. මිනිස්සු බෙදිලා වෙන් වෙන්න හැදුවාට ආර්ථික සමාජ කරනා එක්ක එහෙම බෙදෙන එක ලේසි පහසු දෙයක් නෙමේ.එක තැනකින් ලිහෙන කොට තව තැනකින් ගැට ගැහෙනවානේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.