එදා මෙදා තුර ….!


මිනිසුනට කාරුණිකව සැලකීම කියන්නේ, නොන්ජල් කමක් කියා අපේ ගොඩක් දෙනා සිතන වග මා තේරුම් ගත්තේ පාසල් වියේදී. එය ලාංකික සමාජයේ පමණක් තියන ලක්ෂණයක් නොවේ. ගොඩක් වෙලාවට අප දුෂ්ට (යයි සලකන) ගති ලක්ෂණ සහිත මිනිසුනට උඩින් බැන්නට, යටින් වන්දනාමාන කරනවා.

ගිය සති අන්තයේ අප, කෙනෙකුගේ දිවියේ වසර 50 සැමරීමට කෙරුණු ඇරයුමට සහභාගී වූවා. එයා කාන්තාවක්. කාන්තාවන්ගෙන් වයස අහන්න එපා කියනවනේ. වයස නොකියුවොත් එයාට පනහක් දෙන්න නොහැකියි. ශරීරය ගැන උනන්දු කාන්තාවන්ට විතරක් නොවේ, පිරිමින්ටත් මා කැමතියි. වද වෙන්න එපා, ජිවත් වන්නේ කොහොමද  කියන එක පෞද්ගලික කටයුත්තක් නේ.

ඇයගේ  ජීවිතයේ, අප දැන හඳුනා ගත්තේ පසුගිය වසර 10ක පමණ කාලයක. ඒ නිසා අප ඇයගේ  දිවියට ආගන්තුකයන් කියන්න හැකියි. සුදු ජාතිකයෙක් වන ඇයගේ ඇරයුම් කරුවන් අතර සිටි කළු කට්ටිය අප පමණයි.  එයින් මා කියන්න අදහස් කෙරුවේ, ඔවුන් අප හැදී වැඩී තියන සමාජයට (අඩුම ගානේ ජීවිතේ  මුල් කාලයේ) සහමුලින්ම ආගන්තුක වන බව විතරයි.

සමහරුන් කියනවනේ, මා නම්,  උපන් දින, සංවත්සර, අලුත් අවුරුදු වගේ කිසිම දිනයක් සමරන්නේ නැතිය කියා. එය ඔවුන්ගේ කැමැත්තයි. හැබැයි, එහෙම කියන විට යන්තමින් අඟවනවා, එවැනි සැමරුම් කරන අය  ඔවුනට වඩා ටිකක් ගොන් කියා. සැමරුම් නැතිව ජිවත් වීම තමන්ගේ කාරියක්. මා නම් හිතන්නේ, හැකි තරම් අප සැමරුම් කරන්න ඕනිය කියා.

කෙනෙක්  වසර 50ක් ජිවත් වීම හා සැමරීම  කියන්නේ හැම අතින්ම සංදිස්ථානයක්. සංවර්ධිත රටක වුවත් පරම ආයු කාලය ගත්තොත් දිවියෙන් භාගයකට වඩා දැන් ගත කර අවසන්. ඒ වගේම ජිවිතයේ කරපු මෝඩකම් හෝ නුවණක්කාර කම් වල ප්‍රතිඵල විඳින යුගයක්.

ගිය සතියේ මා යලි කුඩා කාලයට ගියේ, ඉතා කුඩා සිදුවීමක් නිසා. මා සිටුවා තිබුන අර්තාපල් පඳුරු දෙක තුන  ගලවා ලැබුණු අල වලින් කොටසක් තැම්බූවේ  හොද්දක් හදන්න. ලාංකික කමට සමු දෙන්න අවශ්‍ය නැහැනේ. මා තෝරා ගත්තේ ලපටි අල ටික.

කුඩා කාලයේ වරක් අපගේ අම්මලාගේ ගමේ ගියහම, ආතා, ඒ කියන්නේ අම්මගේ තාත්තා දිනක් එයාගේ ගොවිපොළට/හේනට එක්කන් ගියා. ඒ වන විට මා හිතන්නේ ඒ වන විට, එය අදායම් මාර්ගයකට වඩා විනෝදාංශයක් කියායි. නමුත් ගොවිතැන තමා එයාගේ වෘර්තිය කියන්න හැකියි.

එදා ආත, රෑට නවතින්න හදල තිබුණ කුඩා මඩුවේ, එවෙලේ  ගලවා ගත්  අර්තාපල් තැම්බුව. එම අර්තාපල් රසය එදායින් පසුව මට දැනුණේ  ගිය සතියේ නිසා, මා එම අතීතයට ගියා. ආතාලා අද මෙලොව නැහැ. එදා මෙදාතුර මා දන්නා අයගෙන් (සමීප) කිහිප දෙනෙක්ම මෙලොවින් සමු අරන් අවසන්. මා එම පරිසරයේ වත් නැහැ.

කෙනෙකු මගෙන් ඇහුවොත්, මා මරණය බයද කියා, මොකක්ද  මට කියන්න හැකි. පළමුවෙන්ම, එවැනි ප්‍රශ්න මගේ සිතට එන්නේ නැහැ. හැබැයි උපකල්පනය කළොත්, මට කියන්න හැකි මරණයට නොවේ මා බය, ජිවත් නොවීම කියන එකට. එය ප්‍රසිද්ද කියමනක්. එහි නියම අරුත මට කුඩා කාලයේ තියා, මෙයිට වසර 10කට පෙර වත් සිතිල නැහැ.

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “එදා මෙදා තුර ….!

  1. මරණයට බයද කියන ප්‍රශ්නය යමෙක් මගෙන් ඇහුවොත් මගේ එක උත්තරයක් “ඔව්” යන්නයි.මොකද ජිවිතයේ තියෙන බැඳීම් එක්ක යන්න අමාරුයි.ඉතිරි වෙන අයට අපේ නික්මයාම දුකක් වුනොත් කියලා.

    ඒ ප්‍රශ්නයට අනිත් උත්තරේ “නැහැ” යන්නයි.මොකද මරණයෙන් පස්සේ ජිවිතේ ගැන බයක් නැති නිසා….:)

    ප.ලි
    කමෙන්ට් අවුල විසඳුවාට ස්තුතියි….:)

    • මනෝ කියන එක තමා සිංහලෙන් මෙහෙම කියන්නේ //I’m not scared of dying. I’m scared of not living//

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.