වෙරි ගුඩ් සිකුරාදා!


අද අපට නිවාඩු. මොකද පාස්කු සමය නිසා. ලොව ඉපදුන සුවිශේෂී මිනිසෙකුගේ අකල් පමණක් නොවේ කුරිරු මරණය අනුස්මරණය කෙරෙන දින කිහිපයක්. මෙවැනි අය සාමාන්‍ය මිනිසුන් නොවේ, දෙවියන්ගේ පුත්‍රයන් කියා හෝ මිනිසුන් නොවන අය කියා හෝ, සිතන්න මිනිසා පෙළඹෙන්නේ කරුණු කිහිපයක් නිසා.  ඒවායිනුත් ප්‍රමුඛ වන්නේ ඔවුන් අන්‍යයන් වෙත දක්වපු දයාවයි. මැයි මස ලාංකිකයන් ගෙන් බහුතරයක් අනුස්මරණය කරණ ගෞතම බුද්ධට පවා එය එලෙසම අදාලයි.

මා අද කිසිම ආගමක අනුගාමියෙකු නොවේ විතරක් නොවේ, එය කියන්න පසුබට වන්නේත් නැහැ. අද මගේ ජිවිතයේ කරන විදිහට පමණක්හෝ නොවේ,  මගේ මරණයේදී හෝ ආගමික වතාවත් කිසිවක් නොකරනු ඇතැයි  මා බලාපොරොත්තු වනවා. එය මගේ පෞද්ගලික කැමැත්තයි.

මගේ පෞද්ගලික කැමැත්ත සමාජය මත හෝ මගේ සමීප අය මත හෝ මත පටවන්න මගේ අභිලාශයක් නැහැ. මට කේන්ති එන්නේ, මෙහෙම පෞද්ගලික දේවල් මුළු සමාජයම මතම පටවන්න එන පිරිස් ගැනයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුවත්, බහුතර මතය කියන්නේ, සුළුතරය එම සමාජයෙන් අතුගෑම නොවේ.

ඕවා ගැන සිතීමට වඩා අපට වෙන දේවල් තියනවා. අද ගුඩ් සිකුරාදා නේද? එය වෙරි ගුඩ් සිකුරාදාවක් කර ගන්නේ කොහොමද? ඇත්තටම, ලෝකයේ කොපමණ ප්‍රශ්න තියනවද? මෙව්වා ඔබ තනිව මුහුණ දෙන පුරස්න හා ජිවත්වන සමාජය අතර බැඳී තියනවා. සාමාන්‍ය මිනිසෙකු හැටියට වෙනසකට අපට දෙන්න හැකි දායකත්වය බින්දුවට ටිකක් සමානයි. මා මේ කියන්නේ සාමාන්‍ය ජනතාව ගැනයි.

ලොවෙන් ඇසෙන කණගාටුදායක පුවත් අතර මා දුටුව  මේ පුවත ආකර්ශනිය එකක්. එනම්, අයර්ලන්තය අද අවුරුදු අනූවකට පසු ගුඩ් ෆ්‍රයිඩේ දිනයේ පබ්  වල මධ්‍යසාර විකුණන තහනම ඉවත් කෙරුව.  ලංකාවේ කාන්තාවකට බෝතලයක් කඩෙන් මිලදී ගන්න බැරි වග මා දැන  ගත්තේ, මංගල සමරවීර විසින් එම  නීතිය ඉවත් කිරීමට යෝජනා කෙරුව විට. මා හිතන්නේ, දැනට වඩා යුග ගණනක් ඈතින් ජිවත්වන ලංකාවේ ජනාධිපති එය අවලංගු කෙරුව. එම සමාජයේ මා ජීවත් වූවා  නම්, මා උභතෝටිකයට මුහුණ දෙනු ඇති.

 

ඔබ එනකම් මා සිටියේ….!

 

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “වෙරි ගුඩ් සිකුරාදා!

  1. කාන්තාවන්ට pubs වලට යෑම තහනම් කරන නීති රීති ඕස්ට්‍රේලියාවේ තිබුනාලු මං හිතන්නේ හැටේ දශකය පමණ වන තුරු. කාන්තා උද්ඝෝෂකයින් pubs තුළට ගොස් තමන්ම දම්වැල්වලින් කවුන්ටවලට බැඳ විරෝධය දක්වා තිබෙනවා

    • මා යුග ගණනක් කියුවේ, ඇත්තටම දශක ගණනක් තමා රසික. මුස්ලිම් සමාජයේ කාන්තාවන් ගැන මා සුද්දෙකු සමග කරපු කතා බහකදී ඔහු කියුවේ, ඔවුනගේ සමාජයත්, ඔවුන් පොඩි කාලයේ එයිට වෙනස් නොවන වගයි.

      හැට හැත්තෑ පමණක් නොවේ අසූව විතර ගත්ත සමහර පොටෝ වල තියනවා මෙල්බර්න් හෝ සිඩ්නි නුවර මිනිසුන් පාර පනින හැටි.

      අද ලෝකයේ රටවල් 30ක පමණ, එකම දෙයට පිරිමින්ට එක නීතියකුත්, ගැහැණුන්ට තව නීතියකුත් තියන වග මා ඇහුවේ ඊයේ රේඩියෝවේ ගිය වැඩසටහනකදී.
      http://education.abc.net.au/home#!/media/1264357/women-rattle-the-chains-in-public-bars

  2. ඒ නීතියේ හොදම විහිලුව කාන්තාවන් නමට සුරාසැල් බලපත්‍ර නිකුත්කිරීම

    • හේ! හේ!! ලක්මාල්, අයිතිකාරයටවත් බඩු ගන්න බැහැ එහෙනම්?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.