සිමං නදිය(ද) නිසලව ගලා බසී!


Image result for barack obama and michelle obama in rain

ගිය සිකුරාදා වැඩ ඇරිලා අප කිහිප දෙනෙක් ගියා නගරයට, රෑට කන්න. අරමුණ වුණේ  බියර් එකක් බොමින් කාල, ඉන්පසුව නෙස්ටොමෝල්ට් වීදුරු කිහිපයක් බොන්න. මෙහෙම ගමන් වලදී මිනිසුන්ගේ විවිධ පැතිකඩ මතුවීමත් දකින්න හැකි වීම, එක අතකින් ප්‍රයෝජනවත්. මා කියන්නේ සමහරුන්, අනුන්ගෙන් ගැනීමට මැලි  නොවනවා වුවත්, තමන් අතින් වියදම් කිරීමට දක්වන මැලිකම. ඒවා ලිවීමට ගියොත් මේ සටහනේ අර්ථය ශුන්‍ය වනවා. එතැනදී, වෙනදා වගේම මා දැකපු දෙය නම්, පිරිමින් හා සමානව හෝ පිරිමින්ටත් වඩා වැඩියෙන් කාන්තාවන් සිටීම. අප නෙස්ටොමෝල්ට් බොන්න ගිය දෙතුන් ස්ථානයේම එම තත්වයේ වෙනසක් වූයේ නැහැ.

ඉහත සඳහනට මා ගියේ,  මෙයට කලින් ලියපු සටහනට ප්‍රතිචාරයක් දමපු රසික මෙහෙම කියා තිබුණ නිසා // කාන්තාවන්ට pubs වලට යෑම තහනම් කරන නීති රීති ඕස්ට්‍රේලියාවේ තිබුනාලු මං හිතන්නේ හැටේ දශකය පමණ වන තුරු. කාන්තා උද්ඝෝෂකයින් pubs තුළට ගොස් තමන්ම දම්වැල්වලින් කවුන්ටවලට බැඳ විරෝධය දක්වා තිබෙනවා//. එය සැබෑවක් ද?

රසික කියපු කතාවේ නිධානය මෙහෙමයි. හැටේ දශකයේ කුවින්ස්ලන්තයේ, ඔය කියන මහජන බාර් නැත්නම් පබ් වල, කාන්තාවන් සඳහා බීම විකිණීමට බාර්කාරයට අවසරයක් තිබිල නැහැ. එපමණක් නොවේ, බොන්න ගිය පිරිමින්ට පවා, කාන්තාවකට බීමක්  මිලදී ගෙන දෙන්න අවසරයක් තිබිල නැහැ. අරන් දෙන්න පුළුවන්, දඩ ගැහුම් කන්න බලාගෙන.

රසික කියා තිබුණ  දම්වැල් කතාවට මුල් වී තියෙන්නේ කාන්තාවන් දෙදෙනෙකු. ඔවුන් බ්‍රිස්බන් නුවර තියන රිගැටා කියන හෝටලයේ බාර් එකට ගොස්, කවුන්ටරය යට කොටසේ තියන බාර් (යකඩ) එකට තමන්ගේ කකුල් දම්වැල් වලින් බැඳ තියනවා. එම කතාව සරලව, මා රසිකගේ කොමෙන්ටුව ට දමපු පිළිතුර අවසානයේ තියන ලින්කුව සමග ඇති වීඩියෝ වේ තියනවා. එම කතාවේ 50 වන සැමරුම ගැන කුඩා සබැඳියක් මේ සටහන අවසනයේ ඇති.

මෙවැනි කතාන්දර මා හිතන්නේ, ඕස්ට්‍රේලියාවෙන් පිට කට්ටිය තබා, රසික වැනි කිහිප දෙනෙකු හැර, මෙහි ඉන්න සංක්‍රමණිකයන් වත් දන්නේ නැතිව ඇති. මාත් ඇතුළු සංක්‍රමණික ගොඩක් දෙනා, අපගේ උපන් රටේ සමාජය විවේචනය කරනවනේ. එතැනදී, අප අමතක කරන දෙයක් තමා, මේ සමාජ පසුගිය දශක 5 තුල වෙනස් වුනේ කොහොමද කියන එක.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බිහිවූ කැපී පෙනෙන මිනිසෙකු වූ මාටින් ලූතර් කිං ගේ ඝාතනයේ පනස්වන සැමරුමත් තිබුණේ  ඊයේ පෙරේදා. මෙයිට පනස් වසරකට පෙර රූපවාහිනී වැඩ සටහනක් නරඹන විට, ඇමෙරිකානු සමාජය, කොතැනක සිට අද ඉන්න තැනට පැමිණ තියනවද කියන එකේ දල අදහසක් ගන්න පිළිවන්.

මේ වෙනස් වීම් අනවරතයි වගේම, සරල රේඛීය  නැති වග මා විටින් විට ලියා ඇති. ජිවිතයෙන් භාගයක් පමණ, වෙන සමාජයක ඇති දැඩි වී, මේ රටවලට පැමිණි අප, ඒ වෙනස්වීම් දුටුවේ නැහැ. එය මා හිතන හැටියට, සංක්‍රමණිකයන්ට තියන ලොකු ප්‍රශ්නයක් ද වෙනවා. එම කතාව තව දුරටත් ලිවීම පසුවට තබනවා.

අද ගෙදර එන විට රේඩියෝවේ මා අහපු ප්‍රවුර්තියක් වුණේ පර්යේෂණයක තොරතුරු. එහි ප්‍රධාන පර්යේෂකයා කෙම්බ්රිඩ් සරසවියේ ඇන්ජෙලා  වුඩ්. මිනිසුන් (කියන්නේ ගැහැණුත් සමග) ලක්ෂ හයකට කිට්ටු පිරිසක් එක්ක කරපු මේ පර්යේෂණයෙන් කියන්නේ, බීම (ඒ කියන්නේ අරක්කු නැත්නම් ඇල්කොහොල්), මගින් ජිවිතාපෙක්ෂාව අඩුවන හැටියි.

අවුරුදු 40ක කෙනෙක්, සතියකට මධ්‍යසාර ග්‍රෑම් 200 – 350 ක් වගේ බොනවා නම්, ජිවිතයෙන් අවුරුදු 1-2 ක් අඩු වෙන්න හැකියි. එය 350 පැන්නොත් වැඩේ දරුණුයි. ඒ කියන්නේ අවුරුදු 4-5ක් අඩු වෙනවා. ඒ පර්යේෂණය කියන්නේ, මදපමනින් බීම, මාරාන්තික නොවන හර්දයාබාධ අඩු කරන්න හේතු වුවත්, තියන හානි වලින් එම වාසිය ශුන්‍ය වන බවයි. ඒ කියන්නේ පුතේ, බීමෙන් ශරීරයට කිසිම වාසියක් නැහැ.

එයට යමක් එකතු කළොත්, ඕස්ට්‍රේලියාවේ ජිවත් වන අපට දිනකට ස්ටෑන්ඩර්ඩ් ඩ්‍රින්ක් දෙකක්, එනම් සතියට 14 ක් බිවුවට කමක් නැතිය කියනවා. එය තමා හානියක් නොමැතිව බොන්න කියා රෙකමදාරු කරපු ගණන. ස්ටෑන්ඩර්ඩ් ඩ්‍රින්ක් එකක් කියන්නේ, මධ්‍යසාර ග්‍රෑම් 10 කට. මෙතැනදී මධ්‍යසාර බෝතල් වල තියන වතුර අයින් කරලා ගණන් තමන් හදා ගන්න. උදාහරණයක් විදිහට මධ්‍යසාර ප්‍රතිශතය 4.5 ක් වෙන බියර් මිලිලීටර 500ක් කියන්නේ, ආසන්න  වශයෙන් ස්ටෑන්ඩර්ඩ් ඩ්‍රින්ක්  දෙකක්. ඒ කියන්නේ සතියකට බියර් ලීටර 3.5 ක් බිවුවට ‘අවුලක්’ නැහැ (මධ්‍යසාර ප්‍රතිශතය 40 වන විස්කි 750 ml බෝතලයක් දින 15 ක් වගේ හෙමින් බොන්න ඕනි; හපොයි!).

පසු වදන

දැනට හැට හය වැනි වියේ පසුවන, ලොකු විධිමත් හෝ අවධිමත් ඉගෙනීමක් නොමැති,  ලංකාවේ ජනාධිපති වරයා විසින් කාන්තාවට මත්පැන් මිලදී ගැනීමේ අයිතිය දීමට අකමැති හේතුව අපට සිතා ගන්න හැකිනේ. මෙයට අවුරුදු 53 කට පෙර අර කුවින්ස්ලන්තයේ කාන්තාවන් දෙදෙනාගෙන් එක අයෙකු කියුව පරිදි  //Well, it’s not that we think this is the most important issue of discrimination against women. There are many more important issues, like the equal pay issue. But it’s something we thought we could make a quick impact on, and we do think it’s an important and significant issue, both in being a matter of legal discrimination against women, which is never trivial – there are always invidious situations arise out of this – and because of the social attitudes of protectiveness towards women, involved in the attempt to keep women out of bars. We think this is very significant and bad. Women ought to have and ought to demand the right to discriminate between the conversations that they’ll accept and the ones that they won’t for themselves.// ලංකාවේ කාන්තාවන්ගේ අති පීඩිත දැවෙන ප්‍රශ්ණයක් නොවනවා කියා අපට සිතන්නට කාරණා  තියනවා.

අප වැනි මධ්‍යම මධ්‍යම පවුල් වල කාන්තාවන්, බොන්නේ නැතිවා විතරක් නොවේ, බීම මහා අකුසලයක් හා දුශ්චරිත ලක්ෂණයක් ලෙසත් සලකන වග, මගේ අත්දැකීම් ඇසුරින් කියන්න හැකියි. එය හොඳයි කියමුකෝ. එයාලට ගොඩක් කල් ජිවත් වෙන්න හැකිනේ.

ඒ වගේම, ඉහල මධ්‍යම හා ධනපති කාණ්ඩය තමන් කඩේ යන්නේ නැහැනේ. ඔවුන් වෙනකවුරු හරි කඩේ යවනවා (ලිටරලි හා ෆිගරටිව්ලි). එයාලටත් මෙවැනි නීතියක් ප්‍රශ්නයක් නැහැ. මෙවැනි නීතියකින් අගතියක් වන්නේ, හැමදාම වගේ ලංකාවේ විදේශ විනිමයට වැඩිම දායකත්වය සලසන පිරිසමයි. දවස තිස්සේ ඇඟ  වෙහෙසවන කම්කරු කාන්තාවකට පොඩි අඩියක් ගහන්න බෝතලයක් ගන්න, තමන්ගේ මිනිහා කඩේ යැවුවට, බෝතලේ හිස් වෙලානේ ගෙදරට එනවිට.

ඇත්තම කතාවට ගියොත්, එම නීතියෙන් කියන්නේ සමාජය අද ඉන්න ස්ථානයයි. හරියටම මෙයට වසර 53 කට පෙර ඕස්ට්‍රේලියාව වගේ. එවැනි නීති කියන්නේ, එයින් කියවෙන දෙයට වඩා එහාට ගිය දෙයක්.

පසුම වදන

මා පෙර කළ  ලංකාවේ ප්‍රගතිශීලින් ලෙස සලකපු පිරිස් ගැන, අද මට ඇත්තේ වෙනස් මතයක්. එම කාලයට සාපේක්ෂව ඔවුන් යම්තරමක්  ඉදිරියෙන් හිටියා යයි පෙනෙන්ට තිබුණත්, එය මහා ඉදිරියක් නොවේ. අද පවා ඉදිරියෙන් කියා වර්ණනා කරනු පෙනෙන බොහෝ දෙනාත්, ඇත්තටම කොතරම් පසුගාමීද කියන එක ගැන මගේ අදහසත් මෙතැනදී අමුතුවෙන් ලියන්න දෙයක් නොවේනේ.

වැඩිදුර කියවීම්

http://www.abc.net.au/news/2015-03-27/merle-thornton-revisits-regatta-hotel-50-years-after-protest/6355004

http://education.abc.net.au/home#!/media/1264357/women-rattle-the-chains-in-public-bars

https://www.breakingnews.ie/ireland/drinking-more-alcohol-linked-to-lower-life-expectancy-study-finds-837161.html

https://www.nhmrc.gov.au/health-topics/alcohol-guidelines

http://www.drugs.ie/alcohol_info/tips_tools/how_much_am_i_drinking2/

දිවිය කෙටි කර ගන්න පෙර ගීතයක් අහමු!

Advertisements

10 Comments

Filed under Food, Health, Lifestyle, Migration, Opinion, Reflections, Social

10 responses to “සිමං නදිය(ද) නිසලව ගලා බසී!

  1. සිමං නදිය අසබඩ හිඳ වැළපුණෙමු!

  2. sam

    සුබ නව වසරක් වේවා.
    විස්කි බෝතලයක් දවස් පහළොවක් තිස්සේ බොන්න කිව්වාම මතක් උනේ “නිදහස් සිතුවිලි ” බ්ලොගයේ ස්වාමිනාදන් මහත්තයා තේ හැන්දෙන් මැනලා ෂිවාස් බීපු හැටි. හැබැයි මමත් බොන්නේ ඒ ප්‍රමානයම හෝ ඊටත් අඩුවෙන් , ඒ කියන්නේ දින පහළොවකට එක බෝතලයකටත් අඩුවෙන්. හැම සති අන්තයකම බිව්වේ නැතත් 700 බෝතලයක් සිකුරාදා,සෙනසුරාදා ඉරිදා රාත්‍රී තුනේදී ඉවර කරලා දානවා, වාෂ්පශීලී දේවල් කල් තියා ගන්න අමාරුයිනේ.
    බොන මිනිස්සු කලින් මැරෙනවා කියන එකට මම විරුද්ධයි . මොකද නොබොන මිනිස්සු සදාකල් ජීවත් වෙන්නේ නැහැනේ
    වික්ටෝරියාවේ වැඩිම කලක් ජීවත් වූ ජැක් කැම්බෙල් නම් පළමු ලෝක යුධ සොල්දාදුවා සමග ගුවන් විදුලි සාකච්චාවක් 90 දශකයේ දිනක (පළමු ලෝක යුද්ධයේ මොකක් හෝ සිදුවීමක හැත්තෑ පස්වෙනි සමරුවක් වෙනුවෙන් )මෙල්බර්න් ගුවන් විදුලියේ ප්‍රචාරය උනා . ඔහුට අනුව නම් ඔහුගේ දීර්ඝායුෂ රහස “විස්කි” . නිකන්ම විස්කි නොවේ “”PLLLLENTY OF SCOTCH”” (what is the secret to your longevity ? කියන ප්‍රශ්නයට ඔහු වෙව්ලන ස්වරයෙන් දුන්න උත්තරය තමා ඒ ). එවිට ගුවන් විදුලි නිවේදකයා ඔහුගෙන් ඇසුවා ඔපමණ විස්කි බොන එක සෞක්‍යයට අහිතකර බව ඔබගේ දොස්තර මහතාවත් ඔබට කිව්වේ නැද්ද ?? කියලා . ඔහුගේ පිළිතුර උනේ, “ඔව්, මට දොස්තර මහත්තයා එහෙම කිව්වා . ඒ උනාට දොස්තර මහත්තයා බොහෝ කලකට පෙර මිය පරළොව ගියා “” කියලයි . ජැක් වසර 110 ආයු වළඳා පසුව මියගියා

    • ඔබටත් සුබ නව වසරක් සෑම්!

      අප හැමෝම කවදා හරි මැරෙනවා තමා සෑම්. බොනයන් කලින් මැරීමත් අපේක්ෂා කරන්න පුළුවන්. මොකෝ එය සෞඛ්‍යයට හිතකර දෙයක් නොවේනේ. හැබැයි, බැලූබැල්මට පෙනෙන දෙය, එයිට වෙනස් වෙන්න තියන හැකියාව මා බැහැර කරන්නේ නැහැ. හරියට ඔබ දුන්න උදාහරණය වගේ.

      එකක් තමා, නොබොන සමහරුන්, නොබෝන්නෙම එයාලට වෙනත් සෞඛ්‍ය හේතුත් තියන නිසා වෙන්න පුළුවන්. අනික, එකිනෙකා වෙනස් නේ. ඉතින් වෙනත් විචල්‍ය ගොඩක් තියන තැනක, එකක් විතරක් පිටතට අරන්, සැසඳීමක් කරන්න නොහැකියි.

      //හැම සති අන්තයකම බිව්වේ නැතත් 700 බෝතලයක් සිකුරාදා,සෙනසුරාදා ඉරිදා රාත්‍රී තුනේදී ඉවර කරලා දානවා, වාෂ්පශීලී දේවල් කල් තියා ගන්න අමාරුයිනේ.// හා හා!! ඔව් ඒ කතාව ඇත්ත. මා නම් දැන් එහෙම නැහැ. 🙂

  3. pra jay

    ++++++

  4. සංවර්ධනය කියන දේ භෞතිකව විතරක් මනින අපේ රටවල් සංස්කෘතිකවත් සංවර්ධනය වෙනතුරු ‘කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න තහනම්’ වගේ දේවල් නීති පොත්වලත් සමාජයේත් දිගටම තියේවි.

    නිතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියට වඩා බලයක් ‘සංස්කෘතික පොලිසිය’ ට තියෙන එකත් භයානක තත්වයක්.

    රයිගම් හංදියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා….!

    • පමා වුවත්, ඔබටත් සුබ නව වසරක් මනෝ!

      //…..වගේ දේවල් නීති පොත්වලත් සමාජයේත් දිගටම තියේවි.// ඔව් තියේවි.

  5. සුභ අලුත් අවුරුද්දක් වේවා! ඉන්ටෙරස්ටින්ග් කොමෙන්ට්ස් 😀

    • ඔබටත් සුබ අළුත් අවුරුද්දක් කලණ. යස්, ඈස් ඔල්වෙයිස් එ ෆිව් බට් //ඉන්ටෙරස්ටින්ග් කොමෙන්ට්ස් 😀// 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.