ආහාර, ආදරය හා තනිකම!


ඊයේ නින්දට පෙර ප්‍රවුර්ති අතර, ඇමෙරිකානු සූප වේදියෙක් හා ආහාර, බීම (හා සංචාර) රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ ඇන්තනි බෝඩෙයින් තමන්ගේ ජීවිතයෙන් සමුගත් වග කියෙව්වා. සිය දිවි තොර කරගන්නා විට ඔහුට වයස අවුරුදු 61ක්. අවුරුදු 61 ක් ජීවත් වීම කියන්නේ හොඳ ඉනිමක්. එයත් නිකම්ම ඉනිමක් නොවී, ලෝකයේ පිරිසකට යම් රසයක් ලබා දෙමින්, රැස් කරපු ඉනිමක් නිසා වැඩි අගයක් ගන්නවා.

ඇන්තනී ගේ වැඩසටහන් මා ඉතා ආසාවෙන් නරඹන ඒවා. වෙලාවක් ඇතොත්, කෑම ගැන ඉදිරිපත් කරන ඕනෙම කුණු ගොඩක් බලන මා, ඇන්තනීට වඩාත් ප්‍රිය කරන්නේ, කෑම පමණක් නොවේ, බීමත්, ඒ දෙකම එක්ක විවිධ රටවල, ප්‍රදේශ වල තියන සංස්කෘතියත් ඔහු තරම් හොඳට පෙන්වූ කෙනෙක් මා දැක නොමැති නිසා. සමහරවිට ඇස් රතුවී ඉන්නා ඇන්තනී ඉදිරිපත් කරන, එම වැඩසටහන් නරඹන විට, එතනට ගිහින් අඩියක් ගහන්න තිබුණා  නම් කියල හිතුණු  අවස්ථා තියනවා. මොකද, මා කැමති කෑම පමණක් නොවේ, එයත් එක්ක යන බීමත්.

එවැනි වෙලාවක මට සිතෙනවා ඇන්තනීගේ ජීවිතය කියන්නේ ලිවින් වන්ස් ඩ්‍රීම් කියා. ජීවිතය ඔහුටම එපාවීම කියන්නේ වෙනෙකක් නේ. ජනප්‍රියත්වය එක්ක ගෙනෙන තනිකම කියන එක ගැන මට අවබෝධයක් නැත්තේ මා එහෙම කෙනෙකු නොවන නිසා. හවස ගෙදර එන එක මට දනවන්නේ සතුටක්.

ඇන්තනී  ගැන මා අද කියවපු සටහනක මෙහෙම සඳහන් වූවා; In October 2016, when Bourdain sat down with Marketplacethe publication asked him what the hardest part of his job was.

“Loneliness, separation from my daughter, existential despair. I’m on the road about 250 days a year and I stay in a lot of beautiful places and look out the window at a lot of beautiful views, but I am usually alone,” he said.

සමහරවිට අපගේ (එතරම් ජනප්‍රියත් නොවන, එතරම් මුදල් හදල් ද නැති) ජීවිතය, එතරම්ම නරක නැහැ කියා අපටම වැටහෙන්නේ නැහැ. අප පරමාදර්ශී ජිවිත ගෙවන මිනිසුන් යයි සලකන ජීවිත, එම ජීවිතය ගෙවීමට මොනතරම් කැප කිරීම් කරනවාද  කියලත්, ටෝනි ගේ මරණය කියා දෙනවා.

එයටම මා එකතු කරන්න කැමතියි තව දෙයක්. සිංහලෙන් ලියන මහා සුධීමත්යයි ඔවුන්ම කියන අය, මිනිසුන්ගේ මානසික අවපාත, මානසික ව්‍යාකූල තත්ත්ව, තාමත් සිනාවට කරුණක් ලෙස සලකනවා. ඔබ දැකලා ඇති අංගොඩ පලයන්, මුල්ලේරියාවට යන්න, උඹ ඉන්න ඕනේ මුල්ලේරියාවේ යනාදී සමච්චලයෙන් කියන කියුම්. ඔවුන් කිසිදා කොළොඹ මහරෝහල ගැන මෙහෙම කියුම් කියන්නේ නැහැනේ. සිතිවිළි වලින් ඉහලින් ඉන්නවා  යයි තමන්ම කියා ගන්නා  ලාංකික සංක්‍රමණිකයන් පවා මේ දෙය කරනවා.

Advertisements

2 Comments

Filed under Opinion, Reflections

2 responses to “ආහාර, ආදරය හා තනිකම!

  1. ලස්සන සටහනක්.

    මම මේ ළඟදී බලපු TED ටෝක් එකකත්, ජීවිතේ පැවැත්ම උදෙසා සම්බන්ධතා වල ඇති වැදගත්කම විස්තර කරලා තිබුණා. තමන්ගේ පවුල එක්ක බැඳුනු, සමාජශීලී පිරිස, වැඩි ආයු කාලයක් භුක්ති විඳින්නට සමත් ලු.

    • ඔව් එහෙම කියනවා මානවි. මා හිතන්නේ එවැනි අය (සමාජශීලී පිරිස) සමහරවිට, එදිනෙදා දැවෙන ප්‍රශ්න ගැනම ලතවන්නේ නැතිව, වෙනත් දේවල් (විනෝදාංශ ) කරන නිසා වෙන්නත් ඇති.
      හැබැයි අපගේ මධ්‍යම පාංතික සමාජ ශීලිත්වය කියන්නේ, අනුන්ට (සමාජයට) බැනීම, නිතරම නරකම කතා කිරීම හා තමන්ගේ රැකියා ප්‍රශ්න ගැනම කතා කිරීම නිසා, ඔබ කියන එක ඉටුවෙනවා ද යන්න ප්‍රශ්නයක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.