අද හවස කළුවර වැටුණු පසු, මා නේබර්හුඩ් එකේ ටිකක් ඇවිදින්නට ගියා. අද මුළු දිනයම පාහේ ගෙදර ඇතුලේ හිටියේ. උදේ වරුවේ ගෙදර ටිකක් අස් කර, මා කෙරුවේ ගලවා අයින් කර තිබූ ගීත අහන්නට යොදා ගන්න ස්පීකර ටික නැවත, ප්‍රභවය වෙත ඇමිනවිමයි. කාලෙන් කාලෙට අප ප්‍රිය කරන දේවල් වෙනස් වෙනවනේ. එදා ආසාවෙන් මිලදී ගත්තු මෙව්වා, අද කිසි වැඩකට නැහැ. එය අපගේ ජීවිතය ගැන කියවෙන දෙයක්.
මා හිතන්නේ අප අනුන් කරන දේවල් ගැන ලතැවෙන තරමට, අපම කරන දේවල් ගැන සිතන්නේ නැහැ කියා. ගිය සතියේ මා මගේ සහෝදරයෙක් සමග කතා කරපු වෙලේ ඔහු කියුවේ මෙහෙම දෙයක්. රැස්වීම් හා වැඩමුළු වලදී, රට හදන්න විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත් කරන, ඔහුගේ සහෝදර නිලධාරින්, තමන්ට අයත් වැඩ කිරීමේදී කිසි දෙයක් කරන්නේ නැතිය කියා. ඔවුන් එතැනින් නවතින්නේ නැහැ, වැඩ කරන අනික් පිරිස් වලටත් නිතරම කටුව ගහන්නේ ඔවුන්මයි කියා.
සමහරවිට මෙවැනිම සමනාත්වයක් අපගේ පෞද්ගලික ජීවිතයේත් දකින්න හැකියි. අප අනුන් කරන දේවල් ගැන ලතවෙන තරමට, අප කරන දේවල් ගැන සිතන්නේ නැහැනේ. මේ වසර ආරම්භ වූයේ මගේ දීර්ග කාලින ජිවන විලාසිතා වලට බාදා වෙන විලසින්. මාත් මෙතෙක් ජිවිතයේ ෆෝ ග්රාන්ටඩ් ගත්තුවා, තවදුරටත් එලෙසම නැතිය කියා දැන් මට වැඩිපුර වැටහෙනවා.
Hmm