වැඩක් නැතිව!


IMG_3625IMG_3626IMG_3627IMG_3630

අද අපට මහජන නිවාඩු දිනයක්. අප්‍රේල් මාසේ තියනවා යයි කියන එංගලන්ත රැජිනගේ උපන් දිනය වෙනුවෙන්  තමා අද නිවාඩුව. මේ වසරේ තියන මහජන නිවාඩු 13 න්, 10 ක් ම අද නිවාඩුවත් එක්ක ඉවරයි. ඉතිරි නිවාඩු තුනෙන් එකක් තියෙන්නේ ඔක්තෝබර මස. අනික් දෙක නත්තලට. ඒ කියන්නේ තව මාස හතරක් පමණ කිසිම නිවාඩුවක් නැතිව ගෙවන්න වෙනවා.

අප අතරින් සමහර දෙනෙක් නිවාඩු වලට කැමති නැහැනේ. දිග සති අන්ත තියන හැම වෙලාවෙම කවුරුත් අහන ප්‍රශ්නයක් තමා මොනාද කරන්නේ කියා. මොනාවත් නොකරන නිවාඩුත් තියෙන්න ඕනි නේ.

Advertisements

8 Comments

Filed under Lifestyle, Photography

8 responses to “වැඩක් නැතිව!

  1. pra jay

    “I think holidays create so much pressure because people feel they should be having a good time. But you shouldn’t. ”
    ― Craig Ferguson
    “A gift for the holidays? A holiday is a gift in itself.”
    ― Ljupka Cvetanova
    “Every day you live is a holiday from death.”
    ― Marty Rubin

  2. රැජිණගේ උපන් දිනේ තිබුණේ පෙරේදා, සෙනසුරාදා.

    වැඩේ කියන්නේ, සෙනසුරාදා උපන් දිනේ එහෙමම පාස් වෙන්න ඇරලා, අපට ඒ වෙනුවට සතියේ දවසක නිවාඩුවක් දුන්නේ නැහැ. සඳුදා වැඩ දවසක්. මම මේ ස්ටුඩන්ට් ඔෆිස් එකේ ඉඳන් කමෙන්ට් කරන්නේ. 😀

    මේක හරිම අසාධාරණයි නේ. එංගලන්තේ රැජිණගේ උපන් දිනයට ඔස්ට්‍රේලියාවට නිවාඩු. එංගලන්තෙට නිවාඩු නෑ.

    ඒක පැත්තකින් තිබ්බොත්, ඔය නිවාඩු දවසට මුකුත් නොකර ඔහේ ඉන්න එක නම් මමත් සෑහෙන්න දුරට අනුගමනය කරන දෙයක්. ඊළඟ සතියේ වැඩ කරන්න රීචාජ් එකක් විදියට, අර නිකම්ම ඉන්න දවස හරිම ප්‍රයෝජනවත් වෙනව. එක පාරක් මට වීක් එන්ඩ් දෙකක් එක දිගට බිසී වෙන්න වුණා, එකක ට්‍රිප් එකක් ගියා, ඊළඟ එකේ යාලුවෙක් ආවා. යාළුවා ඇවිත් ගිහිපු වීක් එන්ඩ් එකට පස්සේ සතියේ, ප්‍රඩක්ටිවිටි ගොඩක් අඩුයි.

    හැම නිවාඩුවෙම ගෙදර ඉන්නකොට කම්මැලියි වගේම, හැම නිවාඩු දවසේ ම එලියට යන එකත් කල්පනාවෙන් කරන්න ඕනේ. හැම දේම බැලන්ස් වෙනකොට තමයි හොඳ. ඔබතුමා මොන ආගමේද, මොන තරම් දුරට ආගමිකද කියල මම දන්නේ නැහැ, මමත් වැඩියම ආගම දහමට බර කෙනෙක් නෙවෙයි මම හිතන්නෙ. නමුත් බුදු හාමුදුරුවොත්, මධ්‍යම ප්‍රතිපදාව තෝරාගත්ත එකෙන්, අපේ ජීවිතයට ගන්න පුළුවන්, ඔය වගේ පාඩම්.

    විනෝදාංශ ගැන පොඩි අදහසක් ලියන්න හිතන් ඉන්නවා බ්ලොග් එකේ. ඒකටත් හොඳ පිවිසුමක් මේ ලිපිය. තැන්කුයි.

    • //මේක හරිම අසාධාරණයි නේ. එංගලන්තේ රැජිණගේ උපන් දිනයට ඔස්ට්‍රේලියාවට නිවාඩු. එංගලන්තෙට නිවාඩු නෑ.// ඇය මෙහෙත් රැජින තමා! 🙂
      මොකෝ කරන්නේ ස්ටුඩන්ට් ඔෆිස් එකේ?

  3. සමහරු කියනවා තමයි නිවාඩුවට මොකද කරන්නේ කියලා.ඇත්තටම බැලුවොත් නිවාඩුවටත් මොකක් හරි කෙරුවොත් ඒ නිවාඩුව නිවාඩු පාඩුවෙන් ගතවෙන්නේ නැහැනේ.මුකුත්ම නොකර ඉන්න නිවාඩුත් තියෙන්න ඕනේ හරියට අර “සබත් දවස්” වගේ.

    ජනරජයක් නොවුනා නම් අපිටත් ඔය නිවාඩුව ගන්න තිබ්බා නේද ?

    • //ජනරජයක් නොවුනා නම් අපිටත් ඔය නිවාඩුව ගන්න තිබ්බා නේද ?// හා හා මනෝ, තියන නිවාඩු මදිද? 🙂

  4. /* දිග සති අන්ත තියන හැම වෙලාවෙම කවුරුත් අහන ප්‍රශ්නයක් තමා මොනාද කරන්නේ කියා. මොනාවත් නොකරන නිවාඩුත් තියෙන්න ඕනි නේ. */

    මං නං සින්බෙරා පැත්තේ ඇවිත් ගියා නිවාඩුවට!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s