ඇපති, එම්පති හා බටහිර!


ඊයේ ලංකාවේ මා කියවපු පුවත් අතර තිබුන එක දෙයක් තමා, කොළොඹ ඉඳන් ක්‍රියාත්මක තින්ක් ටෑන්ක් එකක කෙනෙක් ලංකාව යන අත ගැන කියපු දෙයක්. ඒ ගැන මා ලොකුවට ලියන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ කෙනා කනස්සල්ල පළ කර තිබුනේ, ලාංකික ජනතාව සිහිනයෙන් මෙන් යලිත් රාජපක්ෂ යුගය කරා පිය තබන වගත්, යහපාලන ආණ්ඩුව කියා බලයට පත්වූ අච්චාරුව, එය‍ට පදනම හොඳින්ම සපයන වගත්.

එම පුවතේ තිබුන තව අදහසක් තමා, මේ තින්ක් ටෑන්ක් කාරයා ඉදිරිපත් කරන්නේ ලෝකයේ හැම රටකටම එකම මොඩලයක් කියන එක. එනම්, එම විවිධ රටවල් වල තියන සමාජයික හා සාංස්කෘතික වටාපිටාවන් ගැන කිසිම සැලකිල්ලක් නැතිය කියා. ලාහය හා ආර්ථික නැගීම පමණක් සලකා දියුණු වූවා යයි කියන, බටහිර සමාජයේ, එම්පතිය අතුරුදහන් වීම ගැන අද කතා වෙන එක පුරස්නයක් යයි එම පුවත අවසානයේ තිබුණා.

ලෝකයේ හැම රටකටම එක විදිහේ, ආර්ථික හා සමාජයික (ප්‍රජාතන්ත්‍ර වාදී පාලන ක්‍රමයක්) මොඩයක් ක්‍රියාත්මක කරන්න බැරි වග අපට, නූතන  අත්දැකීම් අනුව පැහැදිලියි.

කාලයකින් පසු වැටුණු වර්ෂාව සමග ඊයේ වැඩට යන විට, ගෙදරින් කිලෝ මීටර එකහමාරක පමණ දුරක, පාර අයිනේ තණ බිමේ, කැබ් රථයක් නවතා තිබුණා. එය අසල සිටපු මනුෂ්‍යයා, තම ජංගම දුරකථනය හා සංවාදයක යෙදෙනු අයුරු පෙනුණා.

වර්ෂාවට තෙමෙමින්, දුරකථනය සමග සම්බන්ද වෙමින්, ඔහු කකුල්, දෙකින්, බිම වැතිර ඉන්නා, යමෙකු පාරට නොයන ලෙස රඳවා ගෙන ඉන්න අයුරුද පෙනුණා.

ඒ රඳවා ගෙන සිටියේ, ඔහුගේ වාහනයේ වැදුණා  යයි සිතිය හැකි තුවාල වූ කැන්ගරුවෙක්. මා හිතන්නේ ඔහු කෝල් කරමින් ඉන්න ඇත්තේ වයිල්ඩ් ලයිෆ් සපෝර්ට් වලට.

 

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “ඇපති, එම්පති හා බටහිර!

  1. pra jay

    Wildlife Sport??? What’s that?
    Not RSPCA? Or, Wildlife Dept?

  2. pra jay

    Sorry, U said “Support”. What’s that?

  3. it is wildlife support, not sports praa! 😀
    https://www.act.gov.au/browse/topics/pets-and-wildlife/injured-wildlife
    I had called them before when I encounted this kind of situation.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.