ක්‍රීඩාවේ ක්‍රීඩාව!


දරුවන් ඉන්න මිනිසුන්ගෙන් සමහර දෙනා දන්නවා, එයාලගේ කටයුතු වෙනුවෙන්, තමන්ගේ කාලය කොපමණ වැය කරන්න ඕනෙද කියා. දරුවන් හැදීමත්, අර ට්‍රයල් ඇන්ඩ් එරර් කියන මාවත ඔස්සේ ඇවිත්, ප්‍රශස්ත විසඳුම් කරා යොමු වීමක් ලෙස සලකන්න හැකියි.

එහෙම කරන්න හැකි එක දරුවෙකුට වැඩි ගණනක් ඉන්න විටදී පමණයි කියා මා හිතනවා. එක දරුවෙක් පමණක් ඉන්න විට, එයා ලොකු මහත් වෙනතුරු දිගටම ට්‍රයල් ඇන්ඩ් එරර් තමා.

අප දරුවන්ව බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීමට යම් වෙහෙසක් දරුවා. එම ක්‍රියාකාර කම් තෝරා ගත්තේ ඔවුන්ගේ කැමැත්තත් විමසා කියුවොත් තරමක් නිවැරදියි. සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ.  ශාරීරික ක්‍රියාකාරකම් නැත්නම් ක්‍රීඩාත් එම ක්‍රියාකාරකම් අතර වූවා.

මා නම් ක්‍රීඩා නොකරනවා පමණක් නොවේ, කිසිම ක්‍රීඩාවක් අද ෆලෝ කරන්නෙත් නැහැ. ක්‍රීඩා කියන්නේ අද මනි ගේම් එකක් නේ. ඒ ඇරත්, බඩ තඩි මිනිසුන් මේ ක්‍රීඩා ෆලෝ කිරීම දකින විට, මට එහි තියන නොගැලපීම ම පෙනෙනවා.

ක්‍රීඩාවේ මූලික අරමුණ වන්නේ (මුදල් උපයීම  හැරුණු විට, 🙂 ) ශරීරය ක්‍රියාශීලිව පවත්වා ගැනීමනේ. සතුන් පසුපස හඹා යන ජීවිත  නොමැති අද, අපට සෞඛ්‍යමත් ජිවිතයක් පවත්වා ගැනීමට යම් විදිහකට ශාරීරික ව්‍යායාම්  වල දීම අවශ්‍යම දෙයක්. මනුෂ්‍යයා මේ ක්‍රීඩා නිපදවා ගෙන තියෙන්නේ එයත් අරමුණු කරගෙන නේ.

මා විශ්වාස කරන අයුරින්, අද ක්‍රීඩා වලින් නොවන්නේත් එයම තමා. ගොඩක් දෙනා ශරීරයට අහිතකර එන්හාන්ස් රසායන භාවිතා කර අහු වෙනවා. ඒ විතරක් නොවේ, කරපු ක්‍රීඩාවෙන් සමුගත් බොහෝ දෙනා, ජිවිතයේ පසුකාලීනව අප දකින්නේ, බෙල්ලක් නොමැති,  මහත ශරීර ඇති, බඩේ කෙළවර ශරීරයට අඩියක් පමණ දුරින් ඇති අයවලුන් හැටියට.

අපේ පොඩි පුතා ආසාවෙන් කරන ක්‍රීඩාවක් තමා පාපන්දු. හැබැයි ඒ තරමකට විතරයි. සමාජයකට බැඳී ක්‍රීඩා කළත්, ඩිවිෂන් තුනේ තමා හැමදාම. එයා කියන්නේ, ඉන් ඉහලට ගියහම, එයින් ලැබෙන සතුට නොලැබී යන වග. එය ඇත්තක් කියා මාත් හිතනවා.

මොකද කියනවා නම්, දෙමාපියන් සමග මා කර තියන කතා බහනෙනුත්, සමහර නිරීක්ෂණ වලිනුත්, ක්‍රීඩා වලදී ඔය දෙමාපියන්ද කොතරම් කොම්පෙටිටිව් ද කියා පෙනෙනවා. මේවායේදී අග්ලි ජාතිවාදයද මතු වනවා. ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන, පකිස්ථාන සම්භවයක් ඇති උස්මන් කවාජා ඔහුගේ කුඩා කළ  අත්දැකීම් මාස කිහිපයකට පෙර ලියා තිබුණා. එතැනදී, ඔහු කියා තිබුන දෙයක් තමා, ඔහුගේ දක්ෂතා ඉවසා ගන්න බැරිවුණු සුදු දෙමාපියන්ගේ සමහර ප්‍රතිචාර.

හැබැයි, මා සමග කතා කරපු අපේ වැඩකරන තැන සුදු ජාතික අම්ම කෙනෙක් කියුවේ, ඇයගේ පුතා සෙල්ලම් කරන විටත්, සමහර දෙමාපියන් කොතරම් නරක ලෙස හැසිරුනාද කියන එක.

පුතා කියන ඩිවිෂන් තුනේ ඉන්නා විට තියන හොඳේ තමා එතන ඉන්නේ, එවැනි දෙමාපියන් හෝ දරුවන් නොවීම. ඔවුන් ඇත්තටම සෙල්ලම් කරන්නේ ටිකක් ෆන් එකක් ගන්න. ගිය වසරේ පුතා කණ්ඩායමේ හොඳම හා සාධාරණම ක්‍රීඩකයා ලෙස තෝරා තිබුණා. එයා පාපන්දු වලට දක්ෂයි. නමුත් එයාට වඩා දක්ෂ කෙනෙක් ඒ කණ්ඩායමේ සිටියා. මා හිතන්නේ සාධාරණ කියන කරුණත් එතන තිබුන නිසා එයාව තෝරා තිබුණා.

මට මතකයට නැගෙන්නේ එක සතියක තිබුණ  තරඟයක්. අනෙක් පාර්ශවය වූයේ කැන්බරා වල පෞද්ගලික පාසලක ළමයින්. තරඟය යන විට, එම කණ්ඩායමේ, එක දරුවෙක් අත්වැරදීමකින්, වෙනතක පන්දුව යොමු කෙරුවා යයි කේන්ති ගත්, තවත් දරුවෙක් ඔහුගේ මුහුණට වැරෙන්  පහරක් දුන්න. නහයෙන් ලේ පෙරාගෙන එම දරුවා බිම වැටුණා.

එම කණ්ඩායමේ කිසිවෙක් ඔහුගේ සහයට ඉදිරිපත් වුනේ නැහැ. අපේ මල්ලි (පුතා) තමා ඔහු ලඟට ගිහිං, ආ යූ  ඕල් රයිට් මෙයිට් කියා ඔහුට නැගිටින්නට අත දුන්නේ. ඉන් පසු තමා ඔහුගේ කණ්ඩායමේ, කෝච් එතැනට  අවර්තිර්ණ වූයේ.

Advertisements

8 Comments

Filed under Lifestyle, Opinion

8 responses to “ක්‍රීඩාවේ ක්‍රීඩාව!

  1. මාත් ඔය ක්‍රීඩා පසු පස්සේ ගොස් කාලේ නාස්ති කර ගන්නේ නෑ.
    අවශ්‍යම නම් පහුවදා කාර් එකේ ස්ටේෂමට යන ගමන් ප්‍රවෘත්තිවලින් ප්‍රතිඵලය දැන ගන්න හැකියි නේ.
    පුතාව වසර පහක් පමණ ක්‍රිකට්වලට ගෙනිච්චා. නරක දෙමව්පියන් නම් හිටියේ ම නෑ. සෙනසුරාදා උදේ පාන්දරින් නැගිටින්න වෙන එක තමයි ඒ ිවස්වල එපාම කරපු වැඩේ. පස්සේ ඒ ක්‍රිකට් ගැහිල්ල ඉබේම නතරවෙලා ගියා.

    • //මාත් ඔය ක්‍රීඩා පසු පස්සේ ගොස් කාලේ නාස්ති කර ගන්නේ නෑ.// ඔව් රසික යන්නන් වාලේ යන එක තේරුමක් නැති දෙයක්. මාත් උදේට ප්‍රතිඵල ටික කියවනවා.

      //සෙනසුරාදා උදේ පාන්දරින් නැගිටින්න වෙන එක තමයි ඒ ිවස්වල එපාම කරපු වැඩේ.// සෙනසුරාද හා ඉරිදා තමයි මා අනික් දවස් වලටත් වඩා උදෙන් නැගිටින දවස් දෙක. 🙂
      අද පුතාලගේ ගේම් එක තුබුණේ හවස. සීතල හා සුළඟ සහිත දිනයක්. එයාල සෙල්ලම් කරන විට, කිසිවක් නොකර පැය එකහමාරක් නිකම් බලා ඉන්න විට, මුළු ගතම සීතලෙන් වෙව්ලා ගියා.

  2. /මා නම් ක්‍රීඩා නොකරනවා පමණක් නොවේ, කිසිම ක්‍රීඩාවක් අද ෆලෝ කරන්නෙත් නැහැ. /

    ක්‍රිකට්, පාපන්දු, රග්බි යනාදී සියලුම ක්‍රීඩා මම නම් ඉතාම උනන්දුවෙන් ෆලෝ කරන්නෙමි! 🙂

    නිරංජලාගෙ අපූරුම ගීතයක්….ස්තූතියි රෛගම්…

    රයිගම් නැතුව මට හිතුන අද රෛගම් කියල ලියන්ට..

    ඉස්කෝලෙදි රෛසෝමය ගැන ඉගෙන ගත්තු අන්දමත් මතක් වුනා…භූගත කඳන් වර්ග…බල්බය, රෛසෝමය, කෝමය සහ ආකන්දය…:)

    • //ක්‍රිකට්, පාපන්දු, රග්බි යනාදී සියලුම ක්‍රීඩා මම නම් ඉතාම උනන්දුවෙන් ෆලෝ කරන්නෙමි! 🙂// තමන්ගේ සන්තොෂයනේ රවී (මා කියුවේ එහෙම නොවී, අනුන් ෆලෝ කරන නිසාම මේවා පසුපස යාම). මාත් කලකට පෙර ක්‍රීඩා 2-3 සාමාන්‍ය මට්ටමින් ෆලෝ කෙරුවා. අද යන්තමින් ප්‍රතිඵල බලනවා විතරයි.
      රෛගම් කියුවහම ටිකක් රෙයි-ගම් වගේ කියැවෙනවා නේද? 😀
      ඔබේ මතකය නම් හරිම හොඳ එකක් රවී!

  3. කෞශල්‍ය

    ආයුබෝවන් රයිගම, ඔබ මතු කරන කරුණ මමත් නිතරම සිතන දෙයක්. දැන් ක්‍රීඩා වලින් නොවෙන්නේ ක්‍රීඩා කිරීම (ක්‍රීඩාවේ නාමයෙන්) කියන එක. මමත් ඒ නිසා දැන් ක්‍රීඩා follow කිරීමක් නැහැ. අපේ පුතාලටත් මම කියන දෙයක් තමයි ඕනෙවට වැඩේ competitive වෙන්න යන්න එපා කියන එක. එකෙන් ක්‍රීඩාවේ ආතල් එක නැතිවෙනවා කියල තම මට හිතෙන්නේ. ඔබේ පුතා හරියටම හරි මම හිතන්නේ. ඒ වගේම ඔහු වාසනාවන්තයි ඔහුගේ දෙමව්පියන් tiger parents නොවීම ගැන.
    හැබැයි ගිය සෙනසුරාදා අපේ ගමේ basket ball game එකක් බලල හොඳ ආතල් එකක් ගත්ත පවුලේ ඔක්කොම.

    • ආයුබෝවන් කෞශල්‍ය.
      පුතාල සමහරදාට ඕනිවට වඩා කොම්පෙටිටිව් ටීම් එක්ක සෙල්ලම් කරන දවස් වලට තේරෙන දෙයක් තමා, ඒ ළමයින් කොතරම් ස්ට්‍ර්ස් ද කියා. සමහර කට්ටිය කුණුහරුප කියා ගන්නවා. 🙂
      හැබැයි ගිය සෙනසුරාදා අපේ ගමේ basket ball game එකක් බලල හොඳ ආතල් එකක් ගත්ත පවුලේ ඔක්කොම.// එක හොඳ දෙයක්!

  4. මම ක්‍රීඩා කරලා නැති හැබැයි.ක්‍රීඩා බලන්න ආස කෙනෙක්.දැන් නම් ක්‍රීඩා කරන අයගේ අරමුණු එක එක විදියේ නිසා ක්‍රීඩාවේ ජීව ගුණය වියැකී යමින් තියෙන බවකුයි මට නම් පේන්නේ.

    • මහා තරඟ වල ජීව ගුණය, මුදල් වලින් වියැකී ගිහින් මනෝ. කුඩා තරඟ වල ජීව ගුණය අධික තරඟකාරී බව නිසා වියැකී යනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.