සීත රෑ යාමයේ නොවේ, අද වැඩට ගිහින් ගෙදර ආපු ගමන්, සවස 5.45 හා 6.15 වගේ වෙලාවක ගනිපු පින්තූර ටිකක්. එතරම් පෙනුමක් නොමැත්තේ, මට අවශ්‍ය කරන ලෙන්සය නොමැති නිසා. වින්ටරය නොවුණා නම්, ඔවැනි වෙලාවක මෙවැනි දර්ශණයක් දකින්නේ නැහැ. මොකෝ කියනවා නම්, අනික් කාල වලට, ඔය වෙලාව අඳුරු නැහැ.
ඇත්තම කියනවා නම්, මා සඳ දුටුවේ ගෙදර එන ගමන්. ගෙදර ආව විට, ගෙවත්තේ පිටිපස්සේ කිසිම සඳක් තිබුනේ නැහැ. ටික වෙලාවකට පසුව තමා, කඳු ගැටයට ඉහලින් සඳ පායා ආවේ.
අඟහරු ලොවේ වතුර තියනවා කියන පුවත ඔබත් අහන්න ඇති මේ සතියේ. එය ඇත්තද නැත්තද යන්න තවම හරියටම කියන්න නොහැකියි කියා මා සිතනවා. වතුර ඇතත්, ඒවා අපගේ මුහුදු ජලයටත් වඩා ලවණ සහිත යයි මා අසනු ලැබුවා. මොක වුවත්, එයට විශාල අවධානයක් ලෝකය පුරාම යොමු වූ වග බැලු බැල්මට පෙනෙනවා.
අප එවැනි අවධානයක්, අප ජීවත් වන පරිසරය ගැන යොමු කරනවද? බොහෝ විට නැහැ.
මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ…….