ඔයා කැමති නම්, මාත් කැමතියි?


IMG_3723IMG_3725IMG_3726IMG_3727

අපට (දක්ෂිණ අර්ධ ගෝලයේ) ශීත  සෘතුවේ මැද  භාගය දැන්. අදත් උදේ ඇහැරුණේ කුරුල්ලෙකු ජනේලයට කොටන ශබ්දයත් එක්ක. ඌ මකුළුවන් වැනි කෘමින් සොයන්න ඇවිත්, තමන්ගේ චායාව වීදුරුවේ දුටු විට එයට කොටන්නේ, තවත් කුරුල්ලෙකු කියා වැරදියට වටහා ගැනීමෙන් යයි උපකල්පනය කරන්න හැකියි.

මා, කුරුල්ලන්නට බොන්නට හා නාන්නට තියා ඇති, කුඩා වතුර බඳුන දැන් රෑට මිදෙනවා. සමහර දින වල එම අයිස් හවස් වනතුරු දියවී යන්නේ නැහැ. උදෙන් නැගිට, මා අන්තර් ජාලය කියවීමට හෝ සින්දුවක් ඇහීමට හෝ ඉඳගන්න තැනට, කුරුල්ලන් නාන හා වතුර බොන අන්දම සමහර වෙලාවට පෙනෙනවා. සතියේ දින වලත් ඕකුන් එහෙම කරනවා ඇති. සතියේ දිනවල උදේ කියන්නේ හරිම ස්ට්‍ර්ක්චර්ඩ් එකක්. ඒ නිසා අවට මොනවා වෙනවද දකින්නේ නැහැ.

අද මා බැලුව “ඉන්ස්පිරෙෂනල්” වීඩියෝවක තිබුණේ, ගැලප් සමීක්ෂණ වලට අනුව ඇමෙරිකාවේ වැඩ කරන අයගෙන් 85% ක් තමන් කරන රැකියාව අකමැත්තෙන් කරන්නේ. එය ජපානයේ හා චීනයේ 93% ක් වනවා කියා. එම වීඩියෝව බෙදා තිබුණේ  යහළුවෙක්.

එම කතාවේ හරය වුණේ, ජිවිතේ මුල කාලය ඉගෙන ගන්නවා. විස්සේදී පමණ වැඩ කරන්න පටාන් අරන්, හැට  පහ පමණ වෙන තුරු වැඩ කරනවා, ඉන්පසු ඉතිරිව ඇති කාලය පොඩිය  කියාත්, අර කියුව වගේ තමන් අප්‍රියය  කරන දෙයකට ජිවිතයේ (“හොඳම කාලයෙන්” ) වැඩිම කාලයක් ගත නොක‍ර, කැමති දේවල් කරන්නය කියා.

දැන් ඔය වීඩියෝව කරන හාදය ජීවත්  වෙන්න ගාණක්  සොයන්නේ, ඔය වගේ කතා අනික් මිනිසුන්ට පැවසීමෙන්. එයා නම් තමන් සතුටු දේ කරමින් හම්බත් කරනවා ඇති. අද මට හොඳටම නිවාඩු නිසා, මාත් ඕක බලල, ගීතයක් ඇහුව.

 

Advertisements

6 Comments

Filed under Careers/Employments, Lifestyle, Opinion, Photography

6 responses to “ඔයා කැමති නම්, මාත් කැමතියි?

  1. ඔය වගේ ඒවා හරියට ශෙයා වෙනවා ෆේස්බුක් එකේ. අකමැති දේවල් ස්ට්‍රෙස් වෙලා කරන එක හොඳයි කියනවා නෙවෙයි. නමුත් ඉතින් එක එක මිනිස්සු ජීවිතේ සතුටු වෙන විදිය වෙනස් නේ. ඇරත් ඉතින් අපි හැමෝම අකමැති රස්සා අතහැරියොත්, ලෝකේ ගමන නවතීවි.

    • ඔව් මානවි, අකමැති දේවල් වලින් හැකි තරම් අයින් වෙන්න හැකි නම් හොඳයි, වගේම පොඩි උත්සහයකුත් දමන්න ඕනි තමා එහෙම අයින් වෙන්න. හැබැයි, අරය කියන විදිහට අකමැති හැමෝටම රැකියාවෙන් අයින් වෙන්න පුළුවන් කමක් කිසිදා ලැබෙනේ නැහැ.

  2. මේකනම් ඉතාම පුදුම සහගත අහඹු සිදුවීමක් රයිගම් (coincidence)

    ටික වෙලාවකට ඉස්සෙල්ල මම කළුදියදහර චිත්‍රපටය ගැන පොඩ්ඩක් අන්තර් ජාලයෙ හොයල බැලුව. එතකොට දකින්නට ලැබුණු එක සටහනකින් උපුටා ගත් කොටසක් මේ…

    /’කළුදිය දහර’ රවින්ද්‍රගේ පළමු චිත්‍රපටය වුණත් ඔහු සිංහල රිදී තිරයේ පෙම්වතු ලෙස මුලින්ම ප්‍රේක්‍ෂකයන්ට දැකගන්නට ලැබුණේ විමල් වෛද්‍යසේකර අධ්‍යක්‍ෂණය කළ ‘තරංගා’ චිත්‍රපටයෙනුයි. ඊට හේතුව ‘කළුදිය දහර’ට පෙර ‘තරංගා’ තිරගත වීමයි.

    ‘තරංගා’ චිත්‍රපටයේ රවින්ද්‍රගේ පෙම්වතිය වූයේ ඔහුගේම වචනවලින්ම කියතොත් ඒ කාලේ බෝනික්කෙක් වගේ පෙනුමක් තිබූ මානෙල් වානගුරුයි.

    පවන් සුසුම් තුළින් වෙළී
    සංගාර රාවේ නොසංගා
    නුවන් කොනින් සුපෙම් පැතුම්
    නිම්නාද නැංවූ තරංගා

    අමරදේවයන්ගේ සංගීතයට අනුව ඉන්ද්‍රානි පෙරේරා සහ දේවානන්ද වෛද්‍යසේකර ගැයූ ඒ සුන්දර ගීතය පසුබිමින් ඇසෙද්දී රවින්ද්‍රත් මානෙල් වානගුරුත් නුවර වැවේ බෝට්ටුවක නැඟී පෙමින් වෙළෙනවා./

    • මේකනම් ඉතාම පුදුම සහගත අහඹු සිදුවීමක් රයිගම් (coincidence)// ඔව් රවී. රවීන්ද්‍රගේ බද්‍ර යෞවන මුහුණත්, අනික් කෙනාගේ (මානෙල්) නමත් මතක නැති නිසාත්, මාත් ටිකක් සෙව්වා. එතකොට මාත් තරංගා සිනමාපටය ගැන විස්තර ටිකක් කියෙව්වා ඊයේ. එහි අනික් ගීතත් ලස්සණයි.

      ඔය ගීතය පටාන් ගන්නේ රවින්ද්‍ර අහනවා, බෝට්ටුවේ රවුමක් යමුද කියා. එහි උත්තරය තමා මානෙල් දෙන්නේ. 🙂

  3. pra jay

    කෝ කුරුල්ලගෙ පින්තූරෙ?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.