පෙර එක දවසක…..!


දැනට සති කිහිපයකට පෙර දිනක් වැඩ කරන තැන කෙනෙක්, මචං  මට පපුවේ අමාරුවක් ආව. කොයිකටත් ළඟ ඉස්පිරිතාලෙට ගිහින් බලවා ගන්නවා කියුව. මිනිහා වාහනේ එළවන් යන්න හැදුවේ. ඒ පාර මන් ගිහින් ඇරලුව. ඇත්තටම ප්‍රශ්නයක් නම්, වාහන එළවන් ගිහිං ජංජාලයක් වෙන්න ඉඩ තියනවනේ.

මා හිතන්නේ, මිනිහට පපුවේ ලොකු දෙයක් තිබිල නැහැ. හැබැයි, වෙන මොකකට හදිසි අනතුරු සේවයට ගියත්, සමහරවිට ටිකක් බලා ඉන්න වුණාට, පපුවේ අමාරු වලදී කෙලින්ම ඇතුළට අරන්, කරන්න හැකි හැම දෙයක්ම කරලා තමයි, ආපසු පිටත් කරන්නේ.

එදා ගත්තු ලේ වල පර්යේෂණ ප්‍රතිඵල ලැබුනහම, ඒවායේ ටිකක් ප්‍රශ්න තිබුණ  කියා මිනිහ පසු දිනෙක මට කියුව. එකක් තමා කොලෙස්ටරෝල්. ඒ ගමන මිනිහා ආහාර වේදිනියකටත්  යොමු කර, කෑම  කන්න වෙනම විදිහකට කියා දීලා. දැන් මිනිහා කන දේවල්, ලෝකෙම තියන සෞඛ්‍ය සම්පන්න ආහාර වේල්.

ගොඩක් වෙලාවට තරුණ වයසේ ඉන්න පිරිස්, එයිට වඩා වැඩිහිටි පිරිස් නොයෙක් දේ කරනවා යයි හිනා වෙනවනේ. ගොඩක් වෙලාවට එහෙම හිනා වෙන දෙයක් තමා දැන් ව්‍යායාම්  කරනවා වැඩිය කියා. නමුත් ඇත්තම කරුණ නම් ව්‍යායාම් කරන පිරිස් වලට වඩා නොකරන පිරිස් වැඩියි.

ඕස්ට්‍රේලියාව වැඩිහිටි ජනගහනයේ තරබාරුකම අතින් ලෝකයේ පස්වෙනියට ද කොහෙද ඉන්නවා කියපු පුවතක් මා ලඟදි ඇසුව. වැඩිහිටි ජනගහනයෙන් 68% ක්ද කොහෙද පමණට වඩා ස්ථුල යයි කියවෙනවා. ඉතිං  ටික දෙනෙක් ජිම් යනවා කියා සිනා වීම තේරුමක් නැති දෙයක්. කොහොමත්, ජිම් යාම පමණක් නොවේ, ස්ථුල ජිවිත ගත කිරීමත් සිනා වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි, ඒ තමන්  උපයා ගන්න මුදලින් එහෙම කරනවා නම් තමා.

අනුන් ගැන වද වීම මාත් ඉස්සර කෙරුවා. අද මා වද  වන්නේ, මට ඉතාම සමීප අය ගැන පමණයි. මිනිසුන් ට තමන්ට කැමැත්තෙ හැටියට පන්සල් පල්ලි යාම, ආහාර ගැනීම, බඩ ගින්නේ ඉඳීම ගැන මා දැන් කරදර වන්නේ නැහැ. සමහරවිට මා සන්සන්දන කරනවා. මගේ තේරීම් වලට ආවේ කොහොමද කියා කියන්න.

අද මා කතා කරපු කෙනෙක්, ඕස්ට්‍රේලියාවේ අනික් කෙලවරට යනවා කියුවා. ඔහු යන්නේ තාත්තගේ උපන්දිනය සැමරීමට. එයාගේ තාත්ත බදාදට අවුරුදු 93 සපුරනවා. එම තාත්තා යුරෝපීය  රටකින් බොහෝ කලකට පෙර මෙහෙට සංක්‍රමණය වුන කෙනෙක්. මෑතක් වනතුරු තනිවම වැඩ කර ගත්තු එයා, පසුගිය වසර කිහිපය තුල ඉක්මනින් දුර්වල වූවා කියා, අරයා කියුවා. ඔවුන් එකිනෙක හමු වන්නේ වසරකට වැඩිම වුනොත් දෙතුන් වතාවක්.

මා හිතන්නේ, අප කොයි වයසේ හිටියත්, අපට වඩා අවුරුදු ගණනින් වැඩි අයගේ ජීවිතය කොහොමද කියා කරන උපකල්පන ගොඩක් වෙලාවට රබිෂ්. මොකද මටම තේරෙනවා, මෙයිට වසර හත අටකට පෙර හා අද මගේ ජීවිතය (සිතුම් පැතුම් වලිනුත්, ශාරීරිකවත්) කොතරම් වෙනස් ද කියා.

Advertisements

2 Comments

Filed under Health, Lifestyle, Opinion, Reflections, Social

2 responses to “පෙර එක දවසක…..!

  1. pra jay

    “All truly great thoughts are conceived while walking.”
    ― Friedrich Nietzsche
    “I believe that every human has a finite amount of heartbeats. I don’t intend to waste any of mine running around doing exercises.”
    ― Neil Armstrong
    “Whenever I feel the need to exercise, I lie down until it goes away.”
    ― Paul Terry
    “Getting fit is all about mind over matter. I don’t mind, so it doesn’t matter.”
    ― Adam Hargreaves

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.