No, warm July!


තමන් ගේ  තේරීම් ගැන පාලනයක් තමන්ට කර ගන්න බැරි අපට, සමාජයක තේරීම් ගැන මොන කතාද? ලෝකයේ පැතිරී තියන දුප්පත්කමත් ගොඩක් වෙලාවට ජිවන විලාසිතා තේරීමක් කියා, සැලකිල්ලෙන් බැලුවොත් පෙනෙනවා. මිනිසුනට තේරීම් කරන්නට තරම්, දත්ත ගලපා ගැනීමට අවස්ථාව දෙන්නට, ඇති පහසුකම් සැපයීමත්, සමාජයේ ගොඩක් දෙනාගේ කැමැත්ත අවශ්‍ය ක්‍රියාවලියක්.

බටහිර සමාජයේ මනුෂ්‍යයන් තුල ගබඩා වී ඇති (ශරීරයේ පැවැත්මට හානි පමුණවන අනවශ්‍ය) මේද ප්‍රමාණය, ලෝකයට බෙදුවොත් අප හැමෝම, උසේ ගාණට  බරට ඉඳීවි. නමුත් මිනිසුන් කැමැත්තෙන්, තමන් උපයන දෙයින් කරන දේවල් නිසා, නියාමනයක් කරන්න නොහැකියි. වෙනත් දේවල් වලට පවා නියාමන කියන දේවල් වලින් ප්‍රතිඵලයක් ගන්න හැකි, එවිදන්ස් බෙස්ඩ් තීරණ වලට එන්න හැකි ජනකාය, ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ඉහල විට.

ලාභය පසුපස හඹා යන විට, පරිභෝජනය ප්‍රවර්ධනය කෙරෙන බව ඇත්ත කතාවක්. විශේෂයෙන් බටහිර කෙරෙන ආහාර නිෂ්පාදනය, වෙළඳපොලේ ඔය තියනවයයි කියන, රීති වලින් අයින් කර තියෙන්නේ. නිෂ්පාදනය කෙරෙන දේ විකුණා ගන්නත් අවශ්‍ය නිසා, ආහාර පරිභෝජනයත් හැමවිටම ප්‍රවර්ධනය කෙරෙනවා.

අර සමහර රටවල් වල ජනතාව, වැඩි අස්වනු ගහන්න කියා, කෘෂිරසායන  වැඩිපුර ගහනවා වගේ, ආහාර වැඩිපුර ගැනීමෙන්, ජීවත් වීමට අමාරු වීම සිතට නැගෙන්නේ එක්කෝ හුඟක්ම ප්‍රමාද වෙලා, නැත්තම් කොහොමටත් නැහැ. එතැන, පෞද්ගලික තේරීමක් වුවත්, සමාජයටම හා පෘථිවියේ ඉදිරි පැවැත්මට බාදා ගෙන දෙනවා. ඒකයි, මා කියුවේ තමන්ව අමතක කර, සමාජය ගැන කතා කිරීම පහසුයි කියා.

මා මෙයිට අවුරුදු හතකට පෙර ලියා ඇති සමහර සටහන් සමග අද මා සිතන අයුරු අතර එතරම් ගැලපීමක් නැහැ. කතෘ කෙනෙක් තමන් ඉස්සර ලියපු සමහර පොත්, නැවත මුද්‍රණය නොකරන්නා සේ මා එව්වා ඉඩ ලැබෙන අයුරින් ඉවත් කරනවා. හැබැයි ඒ සටහන් වල මා ලියා ඇති පරිදි, එදත් අද වගේමයි කියන මිනිසුන් තරම් බොරු කියන පිරිසක් මෙලොව නැතුව ඇති.

 

 

Advertisements

7 Comments

Filed under Anniversary

7 responses to “No, warm July!

  1. උසේ ගණනට බර කතාවට එකඟ නෑ. ම්ම්ම්… එකඟ නැත්තෙමත් නෑ. මේකයි.

    ටෝකියෝ විශ්ව විද්‍යාලයේ ජිම් එකේ තිබුණා මැෂින් එකක්. තිබුණා කිවුවට තාම ඇති. එකෙන් මනිනවා ඇඟේ බරෙන් මේදය බර කොයි ප්‍රතිශතයක් ද කියල.ඔය ප්‍රතිශතයට නිර්දේශිත අගයනුත් තිබුණ. තව, මාංශ පේශී වල බරත් මනිනවා.

    වමත, දකුණත, වම් කකුල, දකුණු කකුල සහ කඳේ, මගේ මේද ප්‍රතිශතය නියමිත් ප්‍රමාණය ඇතුලේ. නමුත් බර අඩුයි BMI එක බලද්දි.

    එතකොට මගේ බර නියමිත ප්‍රමාණයට වැඩි කරගන්න මම ප්‍රෝටීන් ආහාරයට ගන්නා ගමන් ව්‍යායාම කරනවා මිසක්, මම කැමති නෑ කාගේවත් තෙල් ටිකක් ගන්න. එතකොට ඒ තෙල් ටිකත් පුච්චන්න ඕන මම ම නේ?

    හැබැයි ඔබ කිවුවා හරි. මම ජීවිතේ පළමු වතාවට තමයි ආසියාවෙන් පිටට ආවේ. බොඩි ශේමින් කරනවා නොවේ, නමුත් ජීවිතේට දැකපු මහතම මිනිස්සු එදිනෙදා ජීවිතේ දකින්න ලැබුණේ මෙහේ දී තමයි. හැබැයි ට්‍රෙන්ඩ් එකක් විදියට ගත්තොත් වෙනස්. ලංකාවේදී හම්බෙන ගොඩක් සල්ලිකාර, වාහනෙන් එන අය තමයි මහත ට ඉන්නෙ. මෙහෙ එහෙම අය ඒ සැප වාහනෙන්ම ජිම් එකටත් ගිහින් ෆිට් එකට ඉන්නව. ගොඩක් වෙලාවට අධි බර රේන්ජ් එකේ ඉන්නේ මැක්ඩොනල්ඩ්ස් වගේ වලින් ජන්ක් ෆුඩ් කන්න විතරක් සල්ලි උපයන, සාපේක්ෂව අඩු ආදායම් ලාභී පිරිස. ඔබ මේවා දැනටම අත්විඳලා ඇති, මට අලුත් නිසා
    වැදගත් කියල හිතන් ලිව්වට.

    • අපොයි, අර කතාව එහෙම ලිටරලි ගන්න එපා. ආදායම් (හා සම්පත්) බෙදී යාමේ අසමානතාවය ගැනයි කියුවේ ඒ.
      //බොඩි ශේමින් කරනවා නොවේ// ඇත්ත, සියල්ල පොලිටිකලි විතරක් කොරෙක්ට් වෙන්න හදන ලෝකයේ, සමහර දේවල් ලියන කොට දෙවරක් හිතන්න වෙනවා. කෙට්ටු කියල කියුවට මහතයි කියන්න බහ වගේ දේවල්. මා BMI ගන්නේ ඒ නිසා.
      යහපත් සමාජයක (ඒ කියන්නේ පරිසරයට හා අප සියල්ලන්ටම හොඳ හා පහසු ජිවිතයක්), එකිනෙකාගේ සෞඛ්‍යය කියන එක මුලටම එන දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට කලාවත්, දේශපාලනයත් එය අමතක කරනවා.
      ඔබ හරි එක්තරා ප්‍රමාණයකට. මෙහෙ අධික තරබාරු කම දුප්පත්කම සමග බැඳී තියනවා එක්තරා ප්‍රමාණයකට. එය පැරඩොක්සිකල් නේද?

      • //ඔබ හරි එක්තරා ප්‍රමාණයකට. මෙහෙ අධික තරබාරු කම දුප්පත්කම සමග බැඳී තියනවා එක්තරා ප්‍රමාණයකට. එය පැරඩොක්සිකල් නේද?//

        ගුණයෙන් වැඩි ආහාර මිල අධික වෙලා, තෙල් ගුලි, පිටි ගුලි මිලෙන් අඩු වෙනකොට සිදු වෙන දේ නේද?
        ලංකාවේ ඒක නොවෙන්නේ, අපේ එළවලු පලතුරු ගොඩක් මිල අඩු නිසා සහ මැක්, KFC පොෂ් කඩ නිසා. අපේ නිවර්තන දේශගුණය නිසා සහ දූපතක් නිසා අපි හැමෝටම විශිෂ්ට කෑම වලට පිවිසුම් තියනවා (අපේ කිවුවේ ශ්‍රී ලංකාවේ), වැඩේ කියන්නේ අපට ඒක තේරෙන්නේ නැති කම. ලංකාවේ මගේ ගම වැලිගම නේ. මට ගොඩක් මිස් වෙනවා ෆ්‍රෙෂ් මාළු මෙහෙදි. ලංකාවේ අපි කන ෆ්‍රෙෂ් මාළු, මෙහෙත් එක්ක බැලුවම සැලකෙන්නේ ලක්සරි එකක් විදියට. කොහොමද ඒක?

        • ආ ඔබ වැලිගමද? ඔහොම එන්න එපෑ. 🙂
          ලංකාවට වඩා මෙහෙ (ආදායමට අනුව ඒ කියන්නේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස) එළවලු පළතුරු ගණන් අඩුනේ. එය නොවේ ප්‍රශ්නේ, මිනිසුන් උයා ගන්න නොදැනීම, ඉවීමට කම්මැලි කම වගේ කරුණු. එම රික්තය පුරවා තියෙන්නේ, තෙල් හා පිටිගුලි වලින් හදන ක්ෂණික ආහාර කඩ. මන් දැකල තියනවා KFC ඩ්‍රයිව් තෘ ගිහින්, කාරෙක එකේම පාර්ක් කර කන සමහරුන්. කාරෙකෙන් බහින්න පවා ශක්තිය වය කරන්නේ නැතිව ආරක්ෂා කර ගන්නවා.
          මාළු නම් ලංකවේ අලුත් තමා. හැබැයි රට ඇතුලට යන විට තත්වය වෙනස් නේ.

          • //ආ ඔබ වැලිගමද? ඔහොම එන්න එපෑ.//

            ඔව් ආයෙත් අහල. ඒකනෙ මේ කපටි 😛

            ආහාර ගැන කියපු දේට ඔබ එක්ක එකඟයි. ගොඩක්ම බලපාන්නේ කම්මැලිකම තමයි. පිළියෙළ කරපු ගුණයෙන් වැඩි ආහාර ටිකක් ගණන් වැඩියි නේ රෙස්ටුරන්ට් වල. (හැබැයි ඒක නම් ලංකාවෙත් එහෙම තමයි නේද) උයාගෙන කනවා නම් ගොඩක් මිල අඩුයි තමයි. මම ජපානේ ඉඳන් මෙහෙ ආපු ගමන් වගේ ෂොපින් කරලා බිල බැලුවම පුදුම වුනා, මිලේ වෙනස දැකල. එහෙ පලතුරු, එළවලු හරිම ගණන්.

            කෑම ගැන කියපු නිසා තව ටිකක් මෙහෙමම කියල දාන්නම්. මම උයනවා දකින ෆ්ලැට් මේට් කෙනෙක් දවසක් කිවුවා “මම ශ්‍රී ලංකාවට ගියොත් වැඩියෙන්ම මස් මිස් වෙයි” කියල. මම කකුල් හතරේ සත්තුන්ගේ මස් කන්නේ නැහැනේ. ඉතින් මම එයාට පැහැදිලි කරලා දුන්නා, මගේ කෑම එහෙම උනාට, අනිත් අය මස් කනවා, ලංකාවේ මිලදී ගන්න තියනවා, බය වෙන්න එපා කියල. 😀

            මනුස්සයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. බිත්තර හා මාළු වැඩියෙන් කනවා නම්, මස් අඩුවෙන් කන එක ජීර්ණයට පහසුයි කියලා කිවුවා. ඒ නිසා “හොඳ ආහාර වලට ආසාවේ ලංකාවට එන්න ආසයි, හැබැයි මස් අඩු නිසා බයයි” කිය කිය හිටියා.

            • //ඔව් ආයෙත් අහල. ඒකනෙ මේ කපටි// අහිංසක අයත් ඉන්නවා නේද? 😀
              මා අහාර ගැන කලින් ලියා ඇති. වැලියු ඇඩඩ් දේවල් කොහොමත්, අමුද්‍රව්‍යයට වඩා ගණන් වැඩිනේ. කුණු ජරාව තමා අඩුවට දෙන්න හැකි.
              එංගලන්තයට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ආහාර ගණන් වැඩියි මා හිතන්නේ. ඒ දෙකටම වඩා ඇමෙරිකාවේ මිල අඩුයි.
              //මම උයනවා දකින// තමන්ම කන හින්ද හොඳා. නැත්නම් මෙලෝ රහක් නැහැනේ. 🙂

  2. pra jay

    “I’m 190 pounds of rock hard muscle, underneath 40 pounds of sturdy protective fat.”
    ― John Swartzwelder,

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.