හෙට දවසේ…..!


ඊයේ මා රථය පදවාගෙන එන විට අසුන පුවතක් තමා ඇරිසෝනා වල වයස අවුරුදු 92 ක් වූ කාන්තාවක්, තමන්ගේ පුත්‍රයාව වෙඩි තමා මරා දැමීම. ඒ පුතාගේ වයස අවුරුදු 72ක්. එයා පුතා හා එයාගේ යෙහෙළිය සමග අපාර්ට්මන්ට් එකක ජිවත් වී තියෙන්නේ.

මේ පුතා, අම්ම එක්ක විසීම හරිම අමාරුය කියා, ඇයව කෙයා ෆැසිලිටි එකකට යැවීම නිසා තමා, පුතාව මරන්න තරම් තරහක් ඇති වී තියෙන්නේ. ඇය  පැවසුවා යයි වාර්තා වී තියෙන්නේ, “You took my life, so I’m taking yours”.

මගේ මේ සටහන ලියන විට ඔය සිද්දිය ඇතිවෙලා තිබුණේ  නැහැ. ඒ සටහනේ මා ලියූ  වයස අවුරුදු අනු තුනක තාත්තා ගැන කියන විට, පුතා කියුවේ, ඔහු මෑතක් වන තුරු තනිවම උයා ගත්තා. නමුත් මෙයට අවුරුදු 3 කට පමණ පෙර ඇතිවූ සිද්දියකින් පසු, ගෙදර වැඩ වලට සාත්තු සේවකයන් එනවා කියා. හැබැයි ඔහු තාමත් තමන්ගේ ගෙදර ඉන්නේ.

බටහිර මිනිසුන් වැඩි කාලයක් ජීවත් වෙනවා තමා. හැබැයි, ඒ වගේම සෞඛ්‍යමත් ජිවිත කාලය ඒ හා සමානව වැඩිවී නැහැ. ඒ කියන්නේ වැඩිපුර කාලයක් ජීවත්  වන අය  ගොඩක් දෙනා සෞඛ්‍යමත් ජිවිතයක් නොවේ ගත කරන්නේ.

දැන් මේක, බටහිර බේත්, ප්‍රතිශක්තිකරණය, අකාබනික කෘෂිකර්මය හා පටලවන්න උත්සහ ගන්නවා යූ ටියුබ් දාර්ශනිකයන් විසින්. නමුත් අප දන්නා දත්ත පෙන්වන්නේ, ගොඩක් දෙනාගේ දෛනික ජිවිතයේ පැවතුම් හා සෞඛ්‍යය කියන දේ බැඳී තියන වගයි. ගොඩක් දෙනා පෙළෙන්නේ, තමන්ගේ තේරීම් නිසා ඇතිකරගත්, වලක්වා ගත හැකි බෝ නොවන රෝගී තත්ත්ව වලින්.

ඔය මොනා කියුවත් වයස අවුරුදු අනුවකට පසු, ඇසිස්ටඩ් ෆැසිලිටි එකකට යන්න වනවා කියන්නේ නම්, සෞඛ්‍යමය ලෙස අයහපත් ජිවන විලාසිතා ඇතිව ජිවත් වූ බවක් නම් නොවේ.

Advertisements

2 Comments

Filed under Health, Opinion, Reflections

2 responses to “හෙට දවසේ…..!

  1. Omaya's Dream

    “කෙයා ෆැසිලිටි වලට යන්න අකමැති ගොඩක් අනූව ඉක්මවූ අය මානසිකව සහ කායිකව ශක්තිමත්.මාගේ රැකියාව තුල හමුවු වයස 93-98අතර සියලුම දෙනා ගොඩක් ස්වාධීනයි. ඩ්‍ර්‍යිවින් පවා කරනවා. මේ රටේ ආයුකාලය වැඩී වගේම කොලිටි එකත් හොඳයි. “කෙයා ෆැසිලිටි ගැන කතා කරද්දි ඇඩ්වර්ටීස්ට්මන්ට් වල නිතරම කියන්නේ ‘ඒන් කමෝ බබයිත්’” ඒ කියන්නේ ” ගෙදර වගේ තැනක් ලෝකේ කොහෙවත් නෑ”

    Sent from my iPhone

    >

    • ආ, ඔමා හුඟ කාලයකට පස්සේ. ජීවිතය කවදාටත් වඩා හොඳින් ගෙවෙනු ඇතැයි සිතමි.

      ඔබේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් වලට කිසිවෙකුට චැලේන්ජ් කරන්න නොහැකියි. ලෝකයේ හැම තැනකම එහෙම නැහැනේ ඔමා. ගොඩක් දෙනාගේ ප්‍රශ්නය වන්නේ, තමන්ගේ ජීවිත කාලය තුල ඉගෙන ගෙන, දරුවන් හදා, රැකියාවකුත් කර, අවුරදු 65 වන විට, ඉතිරිව ඇති අවුරුදු 15-20-30-35-40 තමන්ට අවශ්‍ය අයුරින් ගෙවන්න ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගන්න නොහැකි වීමයි. මාත් මේ ගැන හිතනවා පෞද්ගලිකව.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.