හද වෙණෙහි සත්සර, සත්වසරක්!


පසුගියදාක වර්ඩ්ප්‍රෙස් කාරයා මට සුබ පතා තිබුණා, අවුරුදු හතක් බ්ලොග් ලිවිම ගැන. ඔවුන් නිකම් ලියන්න දෙන මේ අට්ටාලයේ, දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් ගතමනාවක් සොයා ගත්තද නැතිද මා දන්නේ නැහැ. මුදල් ගෙවන අට්ටාලයට යන්න තවම මට සිතක් නැත්තේ, මෙයට විශාල කාලයක් ගත කරන්නට මට තාම අවශ්‍යතාවයක්, වෙලාවක් හෝ කැමැත්තක් නොමැති නිසා (මුදල් නොමැති වීම අමතක කළොත්).

මෙය පටාන් ගත්ත කාලයට වඩා මා දැන් වෙනස් මිනිසෙක් කියුවොත්, එහි විශාල නැත්තක් නැහැ. ඔන්න ඔය වගේ ඩබල් නෙගටිව් තියනවා නේද? එව්වා හරිම කරදරකාරී අනවශ්‍ය කියමන්. සමහර ජනාධිපතිවරුන් කොලය බලාගෙන කියන විට, ඔය වගේ ඩබල් නෙගටිව් කීම් වැරදියට, කියවෙන්න තියන ඉඩ වැඩියි. ඉහත කියමන හරි නම් කියන්න ඕනි, එය ඇත්තක් කියා හෝ එය බොරුවක් නොවේ කියා.

මේ කාලය ඇතුලත මා ලියුව දේවල් වල වෙනස් වීම්  කියන්නේ මගේ ජිවිතයේ තේරීම් වල හා මා හිතන හැටි වෙනස් වීමයි. මා නිතර කියා ඇති පරිදි, මේ බ්ලොගය ලියන්නේ සමාජය හෝ අන් මිනිසුන් වෙනස් කිරීමට හෝ එවැනි උත්සහයක් ගැනීමට නොවේ. එවැනි අරමුණින් ලියවෙන දේවල්, හැදෙන චිත්‍රපට හා වීඩියෝ, ලියවෙන සිංදු, කියවෙන දේශණා හා තව තව දේවල් තියනවා. මාගේ ජිවිතයේ කුඩා කාලය ගෙවුණේ, එවැනි දේශනා හා කතාන්තර බහුල පරිසරයක.

බ්ලොගය ලිවීමෙන් මා සතුටක් ලැබුවාද  කියා කෙනෙකු ඇහුවොත්, මට කියන්න තියෙන්නේ, සත්තකින්ම ඔව් කියා. මේ ලිවීම්, අන් අය කියවන වග දැන ගැනීම සතුටක්ද කියා ඇහුවොත්, උත්තරය ඒකමයි. එවැනි අය විශාල ප්‍රමාණය නැති වීම, අසතුටක්ද කියා ඇහුවොත්, එය මට අසතුටක් නොවේ. එය අසතුටක් නම්, මෙවැනි දිග කාලයක්, මෙවැනි දෙයක් (හෝ වෙන මොනයම් දෙයක් හෝ) මා කරන්නේ නැහැ.

මා කියන්න හදන්නේ, සමාජයේ සතුට වැදගත් තමා. හැබැයි, අපගේ සතුට එයිට ඉදිරියෙන් එනවා. පුද්ගල සතුට, නොතකා සමාජ සතුටක් සොයන්න නොහැකියි. එය අපට හොඳින් පෙනෙන්නේ, මේ පුද්ගල සතුට නොතකා, සමාජ සතුට සොයන්න ගිය සමාජ වලින්.

එහෙම කියුවත්, එන අන් ගැනත් සිතීම අපගේ නිසඟ ගතියක් නේ. එකමදේ අපට අන් අය  ගැන සිතන්නට හැකි, අපගේ කුස පිරී  ඇත්නම් පමණයි.

මගේ ලිවීම් නිහඬව කියවපු හා කොමෙන්ට් දමපු සියලුම දෙනාට මගේ ආදරය!

 

Advertisements

13 Comments

Filed under Anniversary, Opinion

13 responses to “හද වෙණෙහි සත්සර, සත්වසරක්!

  1. හත්වන සංවත්සරයට සුබපැතුම්!

    • BTW, බ්ලොගර්කාරයානම් ඔහොම සුබපතන බවක් දැක නැහැ. බලාගෙන ගියාම වර්ඩ්ප්‍රෙස් කාරයා ටිකක් ඉදිරියෙන්! 🙂

      • //බලාගෙන ගියාම වර්ඩ්ප්‍රෙස් කාරයා ටිකක් ඉදිරියෙන්!// ඒකනේ, මෙයා එක්ක අප ඉන්නේ. 🙂
        තෑන්ක් යූ ඉකෝ ඇන්ඩ් අපි බලමු තව අවුරුදු හතක් වත් මෙය ඇදගෙන යන්න (ජීවිතය සමගින්!)!.

  2. පාණදුරේ “රයිගම” ගැන අහලා තිබ්බාට, “රයිගමයයි,ගම්පොළයයි” ගැන අහලා තිබ්බාට අන්තර්ජාලේ මේ “රයිගම්” හන්දිය අර දෙකටම වඩා සමීපයි.

    සතුට වෙනුවෙන් අකුරු වෙන රයිගම් බ්ලොගයට මගෙත් සුබ පැතුම්..!

  3. /එහි විශාල නැත්තක් නැහැ./

    තව සරළව මෙහෙම ලිව්වැහැකි…..විශාල නැත්තක් නැතිබව පවසන්නට මගේ එපමණ අකමැත්තක් නැතිබව කිසිම සැකයකින් තොරව පැවසිය හැකිය යන්න නැත්තක්ම නෙවෙයි. 🙂

    /BTW, බ්ලොගර්කාරයානම් ඔහොම සුබපතන බවක් දැක නැහැ. /

    නෑ නෑ ඒ යකා ඔහොම දෙයක් කරන්නෙ නෑ…

    ඔබගේ ආරම්භක නිත්‍ය පාඨකයෙක් හැටියට සත්වසරට මගේ සුබ පැතුම්!

    • ///තව සරළව මෙහෙම ලිව්වැහැකි…..විශාල නැත්තක් නැතිබව පවසන්නට මගේ එපමණ අකමැත්තක් නැතිබව කිසිම සැකයකින් තොරව පැවසිය හැකිය යන්න නැත්තක්ම නෙවෙයි.// ඔන්න වගේ තමා දේශපාලකයන් යමක් පවසන්නේ. 😀

      ස්තූතියි රවී.

  4. indumathie adikari

    සුබ පැතුම් !මාත් බොහෝවිට ඔබව නිහඬව කියවන කෙනෙක් !

  5. හත්වන වසරටත් සුබ පැතුම්!

  6. දිගටම ලියන්න සුභපැතුම් රයිගමයො !

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.