සඳේ ඔබ…..!


IMG_3801IMG_3803IMG_3804IMG_3805IMG_3807IMG_3809IMG_3832

සීත රෑ  යාමයේ නොවේ, අද වැඩට ගිහින් ගෙදර ආපු ගමන්, සවස 5.45 හා 6.15 වගේ වෙලාවක ගනිපු පින්තූර  ටිකක්. එතරම් පෙනුමක් නොමැත්තේ, මට අවශ්‍ය කරන ලෙන්සය නොමැති නිසා. වින්ටරය නොවුණා  නම්, ඔවැනි වෙලාවක මෙවැනි දර්ශණයක් දකින්නේ නැහැ. මොකෝ කියනවා නම්, අනික් කාල වලට, ඔය වෙලාව අඳුරු නැහැ.

ඇත්තම කියනවා නම්, මා සඳ දුටුවේ ගෙදර එන ගමන්. ගෙදර ආව විට, ගෙවත්තේ පිටිපස්සේ කිසිම සඳක් තිබුනේ නැහැ. ටික වෙලාවකට පසුව තමා, කඳු ගැටයට ඉහලින් සඳ පායා ආවේ.

අඟහරු ලොවේ වතුර තියනවා කියන පුවත ඔබත් අහන්න ඇති මේ සතියේ. එය ඇත්තද නැත්තද යන්න තවම හරියටම කියන්න නොහැකියි කියා මා සිතනවා. වතුර ඇතත්, ඒවා අපගේ මුහුදු ජලයටත්  වඩා ලවණ  සහිත යයි මා අසනු ලැබුවා. මොක වුවත්,  එයට විශාල අවධානයක් ලෝකය පුරාම යොමු වූ වග බැලු බැල්මට පෙනෙනවා.

අප එවැනි අවධානයක්, අප ජීවත්  වන පරිසරය ගැන යොමු කරනවද? බොහෝ විට නැහැ.

මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ…….

6 Comments

Filed under Opinion, Photography

6 responses to “සඳේ ඔබ…..!

  1. අද දැන් නම් ලංකාවට ලෝහිත වර්ණ සඳක් බවට හැරෙන බව චන්දන ජයරත්න පවසනවා.

  2. ඕස්ට්‍රේලියාවටත් ලෝහිත චන්ද්‍රයා හොඳටම පෙනෙනවා යයි අසන්නට ලැබුණා!

  3. අපේ අවධානයන් අපේ අවට පරිසරයන් කෙරේ යොමු වෙනවා නම් සමහර සියුම් දේවල් පේනවාටත් වඩා හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් වේවි නේද ? හැබැයි එකම තවත් පැත්තකින් අනවශ්‍ය කරදරයක් වෙන්නත් බැරි නැහැ.

  4. ඔව් මනෝ, මා පරිසරය කියුවේ සියල්ලම. අපගේ ජීවිතයත් ඇතුලත්ව. සමහර දෙනා, මා නම් සතුටින් කියමින්, කන් කෙඳිරිත් ගානවා.
    //හැබැයි එකම තවත් පැත්තකින් අනවශ්‍ය කරදරයක් වෙන්නත් බැරි නැහැ.// ඔව් මා හිතන්නේ තමන්ගේ අවට පරිසරය හෝ තමන්ගේ ප්‍රශ්න ගැන වද නොවී, ලෝකයේ අනික් සියලුම ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන්නේ, ඒ අනවශ්‍ය කරදරයෙන් මිදෙන්න යටි සිතෙන් එන සහජ බලපෑම කියා.

  5. pra jay

    A bit eerie

  6. Agree, there is an eeriness in the pictures.