කලින් සටහනේ මනෝ ලියපු ප්‍රතිචාරය ඇත්ත වෙන්නේ, මනෝ ඉන්න රටට පමණක් නොවේ. මා ජිවත් වන රටටත්, මා හිතන්නේ අනික් රටවල් වල ජිවත්වන සාමාන්‍ය ජනතාවටත් පොදු අත්දැකීමක්. අපගෙන් ගොඩක් දෙනාට, යම් කරුණක් උදෙසා මහජනතාව බල මුළු ගන්වනවා කියන, කුසලතාවය හා කැරිස්මාව නැහැනේ.
ඒ නිසාම, මනෝ කියුවා වගේ, තනි තනි හුදකලා විරෝධයන් තිබුණත්, ඒවායින් සමාජය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා බහුතර කැමැත්තට අනුව, අපට අනර්ථකාරී යයි සිතෙන දේවල් ද ඉවසන්නට වෙනවා. එය අනෙක් විදිහට සිතන අයටත් එක සේ අදාලයි නේ. එනම්, අප අර්ථවත් යයි සිතන දේවල් වලට බහුතර කැමැත්ත ලැබුණොත්, එයාලා අකමැත්තෙන් කරාවි.