වතුර හා ජීවිතය!


ඊයේ මා වතුර ගැන ලියුවනේ. ඔබ දන්නා පරිදි මේ සටහන් එතරම් සංකීර්ණ එව්වා නොවේ නේ. පසුගිය දිනෙක අපට වුණු  දෙයක් කියන්නම්. ජූලි  මස එක දිනක් උදේ නැගිටින විටත් උෂ්ණත්වය සෘණ 7-8 ක් වූවා. එය සාමාන්‍ය තත්ත්වය නොවේ. අප මේ නගරයේ ජීවත් වූ කෙටි වුවත්, සැලකිය යුතු කාලය තුල එවැනි තත්වයක් අත්විඳ නැහැ.

එදා හවස ගෙදර එන විට, අපට වතුර තිබුනේ නැහැ. විපරම් කර බලන විට, මිදුලේ තියන ජල මීටරය සමග තියන, ප්‍රධාන කරාමය වසා තිබුණා. සාමාන්‍යයෙන් කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. ළමයින්ගේ වැඩක් කියා සිතමින් මා කරාමය ඇරියා.

එයත් සමග මට ඇසුණේ, නිවෙස පසෙකින් ජල නළයකින් වතුර ගලා යන ශබ්දය. මා බලන විට දුටුවේ, නිවසේ බාහිර බිත්තිය දිගේ කරාමයකට යන, මීටර එකහමාරක පමණ තඹ නලයේ, එක තැනකින් වතුර විදින අයුරු. මා අර කරාමය වසා දැමුවේ, කවුරුන්ද එය අප නැති අතර කෙරුවේ සිතමින්.

අල්ලපු ගෙදර සුදු ජාතිකයා ආවේ ඔය වෙලාවේ. ඔහු ඇසුවේ දොරේ තිබුණු චිට් එක දුටුවේ නැතිද කියා. මේකයි වෙලා තියෙන්නේ. අප වැඩට ගිය අතරතුර, අපේ ගෙදර වතුර ගලන ශබ්දය, අල්ලපු ගෙදර ඉන්න කාන්තාවට ඇසී තියනවා. ඇය  මුලින් හිතල තියෙන්නේ, මා මල් වලට වතුර දානවා කියා. පැයක් පමණ, එම ශබ්දය එන විට, මොකාද මෙතරම් වතුර දමන්නේ කියා සැක සිතී, වැටෙන් පැන ඇවිත් බලන විට අපේ බටයක් පුපුරා ඇති වග පෙනී තමයි, ඉස්සරහා කරාමය වසා තියෙන්නේ.

ඇය කරපු දේ පැහැදිළි කර දොරේ සටහනක් දමා තිබුණා. අප ගේ ඇතුලට එන්නේ එම දොරෙන් නොවන නිසා එය දුටුවේ නැහැ. එයාගේ මහත්තය තමා දැන් ආවේ. ඔහු ඇසුවේ, මොකක්ද මට, උඹට කරන්න හැකි කියා. එය ගෙදර ගිහින්, තමන් ගාව තිබුණ ටේප් එකක් මට වැටෙන්  දුන්න.

දැන් තඹ බටය පුපුරා යාමේ කතාවට ගියොත්, එය වෙන්න ඇත්තේ මෙහෙමයි. උදේ තිබුණ සෘණ උෂ්ණත්වය නිසා, වතුර මිදී, පරිමාව වැඩිවීම නිසා තමා බටය පුපුරා යන්න ඇත්තේ. එය අපට අන්ප්‍රසිඩෙන්ටඩ් දෙයක්.

දැන් රෑ වෙලා. රෑ වුන විට හා ඉරිදා දිනෙක ප්ලම්බර් කෙනෙක් නැති නම් රෙපරෙරුවෙක් සොයා ගැනීම ගැන, ඉස්සර බ්ලොගයක් ලියුව ප්‍රවීනා කොමෙන්ටුවක් දමා තිබුණේ, මෙවැනිම මගේ සටහනකට.

සාමාන්‍යයෙන් මා වැඩක් කරවා ගන්න කෙනාට කතා කළ  විට, හෙට උදේ තමයි එන්න හැකි කියුවා. ඉන් පසු සොයා ගත් කෙනා, වැඩේට එන්නම අය කරන ගාණ, දවල් මෙන් තුන් ගුණයක්. ඉන් පසු කොතරම් අඩු වෙලාවක් ගියත්, අවම වශයෙන් පැයක් වත් වැඩේට අය කරනවා. ගණන් හදා බැලුවොත්, කඩෙන් කාල, මොටෙල් එකක් බුක් කර, උදේට වැඩේ ෆික්ස් කර ගන්න එක ලාබයි. හැමවිටම පෙනෙන මුල්‍යමය, ලාභය වැදගත් නැහැනේ.

ඔහු විනාඩි 30 ක් ඇතුලත ආව. බටය කපා, සන්ධි කර, ඉවර කරන්න ඔහුට ගියේ විනාඩි 20 කට අඩු වෙලාවක්. එයා කියුවේ අද දවස වෙනදාටත් වඩා බිසී, මොකට අපට වුන ප්‍රශ්නය, අයිසොලේටඩ් එකක් නොවේ කියා. උඹට නම්, අතින් කයිට්, නමුත් අපට නම් අද කල්ල මරේ කියා ඔහු කියුවේ, අපේ ක්‍රෙඩිට් කාර්ඩ් එක, ඔහුගේ යන්තරයට ඔබමින්.

ඔහු කරන්නේ හොර වෙළඳාමක් නොවේ. අප ගෙවූ මුදලට GST නැත්නම් භාණ්ඩ හා සේවා බද්ද ද ඇතුලත්. දවාලකත්, ප්ලම්බර් කෙනෙක් සොයා ගන්න එතරම් පහසු නැහැ. මා කතා කර විනාඩි 30කට අඩුවෙන් ඇවිත්, වැඩෙත් කර දීම ගැන මා ඔහුට ස්තුති කෙරුව.

අප මොනවාද ඉගෙන ගන්න ඕනි කියන පුරස්නය, විශේෂයෙන් තරුණ වයසේ ඉන්න අයට  සිතෙන දෙයක්.

ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න ආපු විදේශීය සිසුන් ප්‍රමාණය, පෙර නොවූ විරූ අයුරින් ඉහල ගොස් ඇති වග අලුත්ම දත්ත පෙන්වනවා. ගිය වසර හා සසඳන විට 12% ක වැඩිවීමක් වාර්තා වෙනවා. ඒ අනුව දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න රටවල් 190කින් පැමිණි සිසුන් 510,000 ක් පමණ ඉන්නවා. ඔවුන්ගේ ආර්ථිකයට කරන දායකත්වය ඩොලර් බිලියන 30 ඉක්මවනවා.

දැනට ලෝකයේ තියන වැඩිම විදේශික සිසුන් ප්‍රමාණයක්  ඉන්න රට ඇමරිකා එක්සත් ජනපදයයි. දෙවෙනියට ඉන්නේ එක්සත් රාජධානියයි. හැබැයි ඒ දෙවෙනි තැන වසර 2020 වන විට ඕස්ට්‍රේලියාව අයත් කරගනු ඇතැයි, අද තියන ප්රෝජෙක්ෂණ පෙන්වනවා.

මේ සංඛ්‍යා ලේඛන වලින් රටකට ඇති වැදගත්කම වෙනම දෙයක්. තනි මිනිසුන් විදිහට, අපට මොනවාද ගන්න හැකි. මොනවාද අප ඉගෙන ගන්න ඕනි, එව්වා ඉගෙන ගන්න යන්න ඕනි කොහෙද, සරසවි වල රෑන්ක් ගැන සිතන්න ඕනිද? මා සමහර විට ලියන එකක් නැහැ. ඒත් මෙහි දෙවෙනි කොටසක් ලියන්න බලන්නම්.

 

තවදුර කියවීම්…

HOW TO PREVENT AND DEAL WITH FROZEN PIPES

Many residents reported it had caused their home’s pipes to freeze or burst

 

 

 

 

 

Advertisements

2 Comments

Filed under Australia, Education, Lifestyle, Opinion

2 responses to “වතුර හා ජීවිතය!

  1. ඔය වගේ අවදානමක් තිබෙන නිසා අපි සාමාන්‍යයෙන් එවැනි දවස් වලට කරාම කිහිපයක් සම්පූර්ණයෙන් නොවසා ඉඳහිට වතුර බිඳුවක් වැටෙන්න අරිනවා. විශේෂයෙන්ම ගෙදරින් එළියට යන විට.

    • එය හොඳ පුරුද්දක්. මා එදා රෑම හාර්ඩ්වෙයා කඩේකට ගිහින්, තාප ප්‍රතිරෝධක ආවරණයක් ගෙනැත්, අර බටේට දැමුවා.

      වසරේ ඕනෙම කාලයක, සාමාන්‍යයෙන් එක රාත්‍රියක් හෝ ගෙදරින් පිට යනවා නම්, ගෙදර වතුර උණු කෙරෙන සිස්ටම් එකක් හා ස්වයංක්‍රීයව මල් වලට වතුර දැමෙන පද්ධතියකුත් නැති නම්, පාරේ කරාමය සම්පුර්ණයෙන් වසා යාම හොඳ දෙයක් කියා කියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s