ඈත කඳුකර…….!


IMG_1541 (2)IMG_1547 (2)IMG_1548 (2)IMG_1549 (2)IMG_1550 (2)IMG_1551 (2)IMG_1552 (2)IMG_1554 (2)

//“අපේ තාත්තාව ජේ. ආර්. රස්සාවෙන් අස්කළා…”’

“අපට නෑදෑයින් ඉහළට එන්න ඉඩ දුන්නේම නෑ…”

“මට ප්‍රේමදාස වධ කඳවුරකට දාල වධ දුන්නා…”

“චන්ද්‍රිකා මගේ ආයතනය පෞද්ගලිකකරණය කළායින් පස්සෙ මට රස්සාව අහිමි වුණා…”

“මම බුද්ධාගමේ නිසා රනිල් මට උඩට එන්නෙ දුන්නේ නෑ…”

මේ මා පහුගිය කාලෙ අසා ඇති අඳෝනා සමහරක්.

මේ ඔක්කෝම ඇත්ත වෙන්න ඇති. ඒ වගේම ඒ නිසා මේ පිරිස් දුක් විඳින්නත් ඇති. (කාගෙ වරදින්ද කියන එක පොඩ්ඩකට අමතක කරමුකෝ.) නමුත් ඇයි මේ පිරිසට බැරිවුණේ නැවත නැඟිටින්න? එක සැරයක් වට්ටලා මේ අයගේ ගමන නතර කරන්න පුළුවන් නම් ඒ උදවිය මාර දුර්වලයන් නෙ. ඇයි අපේ මිනිස්සුන්ට හිතන්න බැරි තමන්ගේ අනාගතය තියෙන්නේ තමන්ගේ අතේ කියලා?//

ඔය වසර හයකට පමණ පෙර, මෙහි පාඨකයෙක් දමපු කොමෙන්ටුවක කොටසක්. සමාජයේ බහුතර කොටසකගේ තේරීම් නිසා, සමහරවිට අප අකමැති වුවත් නැතත් සමහර දෙවල් කරන්නට වෙනවා, නැත්නම් නොකර ඉන්නට වෙනවා.

හැබැයි, වැඩිහිටි පිරිස්, තමන්ගේ තේරීම් වලට, හැමවිටම වෙන අයෙක් මතම වරද පැටවීමත් අපට දකින්න පුළුවන්. අම්මල තාත්තලට, ගැහැනියක් නම්, බැඳපු පිරිමියාට, පිරිමියෙක් නම් බැඳපු ගැහැණියට, තනිකඩ අය, වැඩ කරන තැන ඉන්න අනික් අයට යනාදී වශයෙන් මේ වරද පැටවීම් කරනවා.

අර පාඨකයා කියන්න වගේ, ඒ කරුණු ඔක්කොම ඇත්ත වෙන්න ඇති. හැබැයි වැඩිහිටි කෙනෙකුට, තමන්ගේ පෞද්ගලික ජීවිතයේ, තේරීම් වලට, අම්මල-තාත්තල නිසා මට කෙල වුණා, මගේ මිනිහා මාව කෑවා, යකෝ මගේ ගෑණි නැත්නම් මාත් අද තැනක කියමින් කෙඳිරි ගගා මුළු ජිවිතයම ගත කිරීම, අමුතුම ආතල් එකක් කියා මා සිතනවා.

ජීවිතය කියන්නේ විවිධ ප්‍රශ්න වලින් පිරුණු එකක් කියා අප හැමෝම දන්නවා. මේ ප්‍රශ්න කියන දේවල් ද අපට සාපේක්ෂයි. ගෙදර වතුර බටයක් පිපිරීම ප්‍රශ්නයක් ලෙස ගනිමු. මුලින්ම වතුර නැතිව, ජිවත් වෙන්න බැහැ. එය අප හැමෝටම එක ලෙස බලපාන්නේ නැහැනේ.  කුලියට ඉන්න ගෙදරක නම්, ගෙවල් හිමියා එය හදා දෙන්න ඕනි. අනික් අයට වෙන්නේ තමන් හදා ගන්න. ඇත්තටම අතේ මුදල් හෝ ක්‍රෙඩිට් නැති කෙනෙක් ගත්තොත් එයා මුහුණ දෙන ප්‍රශ්නය වෙනස්.

මා එතැනදී සිතුවේ වෙන කිසි දෙයක් නොවේ. නිකම් වතුර නොවේ, උණු වතුර නැතිව දිනක් අපට ගත කරන්න අපහසුයි. බොන්නට පිරිසිදු වතුර පොදක් නැතිව, ලෝකයේ කොපමණ පිරිසක් සිටිනවාද යන්න?  සාමාන්‍යයෙන්, අප ජිවිතයේ ෆෝ ග්රාන්ටඩ් ගන්න මෙවැනි දේ සිතට එන්නේ එහෙමත් අවස්ථාවක නේ.

ගිය සතියේ කැන්බරා වල කනගාටුදායක දෙයක් වූවා. එක තාත්ත කෙනෙක්, තමන්ගේ දරුවාව පාසලේ පසු සුරැකුම් එකින් ගන්න ඇවිත්, පාසලේ රථ ගාලේ රථය නවතා, ටික වෙලාවකින් එයාගේ රථයේම තිබුණ  ගෑස් සිලින්ඩරයක් පුපුරා ගිහින්. එම තාත්ත පසුව රෝහලට ඇතුලත්කර ටික වෙලාවකින් මිය ගිහින්. ඔය ප්‍රවුර්තිය මා ඇසුවේ, එය සිදුවුණු දාට, පසුදා උදේ වැඩට යන ගමන්.

එවැනි හදිසි අනතුරු, නපුරු සිදුවීම් ලක්ෂ ගණනක් මේ ලියන විටත් ලෝකයේ සිදු වෙනවා ඇති. හැබැයි අපට කිසියම් විදිහකට යම් බැඳීමක් නැති විට, එවැනි බොහෝ ප්‍රවුර්ති කියෙව්වත්, ඇසුවත්, නැරඹුවත් සිතට දැනෙන්නේ වෙනස්ව කියාත් ඔබත් දන්නවා ඇති.

අද වැඩට ගිය විට උදෙන්ම දැනගන්නට ලැබුනේ තවත් කණගාටුදායක දෙයක්. මා ගෙදරින් ගෙන ගිය තේ පැකට් එකක්, එක්  අයෙකුට දෙන්න ගිය විට, එයාගේ ඇස් ඉදිමී කඳුළු පිරී තිබුණා. මා හිතුවේ අසනීපයෙන් කියා. නමුත් බලනකොට, අර පුවත නිසා එම කෙනා හඬනවා. උඹ සිනාවෙමින් ඉන්නේ කොහොමද කියා මගෙන් අහනවා.

මා කියන්න හැදුවේ, එකම දෙයකට (විශේෂයෙන් නරක පුවතකට) අප එකිනෙකා දක්වන ප්‍රතිචාරය වෙනස්. ඒ, අපට ඒ දෙයෙහි  තියන සමීපත්වය, පසු බලපෑම විතරක් නොවේ, අපගේ ජීවිත අත්දැකීම් ද අනුව. මෙයිට කලකට පෙර මා ලියුවකට, ප්‍රතිචාර දක්වපු කෙනෙක් කියුවේ, මේ ලිවීම් වලින් පෙනෙන්නේ, මා ජිවිතයේ බොහෝ කරදර වලට මුහුණ දුන්නු කෙනෙක් කියා. එදා පිළිතුරක් ලියුවත්, ඔහුගේ තේරුම් ගැනීම ගැන, මට විරෝධයක් දක්වන්නට ලොකු වුවමනාවක් නැහැ. මෙහි ලියා ඇත්තේ මගේ ජිවිත කතාව නොවේනේ. මේ ලිවීම්, එකිනෙකා තේරුම් ගන්නා ආකාරය විවිධ වීම හරිම සරල දෙයක්. එයම තමා විය යුත්තේත්.

මා නම් හිතන්නේ, අප වැනි මිනිසුන් මේ ජීවිතය මහා කටුක එකක් කියා සිතන්න ගත්තොත්, ලොවේ බොහෝ පිරිසකට ආගිය අතක් නැතිව යනවා.

මා මුලින් පටාන් ගත්තු දෙයට ගියොත්, අප කාගේත් කරදර වලට හේතුවූ අපගේම තේරීම් තියනවා. අප මුලින්ම අවධානය යොමු කරන්න ඕනි එව්වට. එතැනදී තමන් තේරුම් ගන්න විදිහ, අපට ලබා ගන්න හැකි එවිඩන්ස් බේස්ඩ් දැනුම අනුවත් රඳා පවතිනවා. ඒ වගේම අතීතයේ වුනු සිද්දි වලටම, ජීවිතය බාර කර, ඒ නිසා අපට කෙල වුණා  කියමින් ජිවිත කාලයම ඉන්නත් පුළුවන්.

කිසිම තර්කානුකුල බවකින් තොරව වුවත් කරණ, අනුන්ට කරදරයක් නොවන මිනිස් තේරීම් ගැන, මා කරදර වෙන එක එන්න එන්නම අඩු වෙනවා. හැබැයි, කුඩා දරුවන් වැනි, තමන්ට තීරණ ගන්න තරම් මනස මුහුකුරා නොගිය අයටත්, දෙමාපියන් ලෙස, ගුරුවරුන් ලෙස හා සමාජයේ පුරවැසියන් ලෙස මග පෙන්වීමක් කරන්න අවශ්‍යයි කියාත් සිතනවා.  ඒ වගේම, මුළුමහත් සමාජයටම අනර්ථ කරන තේරීම් ගැන, යම් බහුතර කැමැත්තකින් කෙරෙන බාධවන් ගැනත් මා තවම විශ්වාස කරනවා.

Advertisements

4 Comments

Filed under Lifestyle, Nature, Opinion, Photography, Reflections

4 responses to “ඈත කඳුකර…….!

  1. pra jay

    ගෑස් සිලින්ඩර් එක ට්‍රාන්ස්පෝට් කරමින් තිබුන එකක්ද? ඇයි පිපුරුනේ?

    • ප්‍රා, එම තාත්ත ට්‍රේඩ් පර්සන් කෙනෙක්. එය, එයාගේ වැඩට අරන් ගිය සිලින්ඩරයක්. ඒ ගැන පර්යේෂණයක් පැවැත්වෙනවා. අද කැන්බරා ටයිම්ස් වාර්තා කර තිබුණේ,// ACT work safety commissioner Greg Jones said early investigations into the incident indicated that an acetylene gas bottle had leaked into a compartment at the back of the ute.// පසුව යම්කිසි උත්තේජනයකින් ගිණි ඇවිලෙන්නට ඇති කියා (https://www.canberratimes.com.au/national/act/school-car-park-explosion-prompts-gas-cylinder-safety-warning-20180806-p4zvrz.html).

  2. ප්‍රජාතන්තවාදය හැමවිටම සර්ව සාධාරණ නැහැනේ.ඉතින් සමහර වෙලාවට බහුතරය කැමති වෙන සමහර දේවල් වල අපි දකින අනර්ථකාරී දේවල් තිබ්බත් අපිට සිදු වෙනවා හුදකලා විරෝධයකින් පමණක් සැහැමකට පත් වෙන්න.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.