මා නොවන ඔබ?


මා සිංහලෙන් ලියවෙන දේවල් ලොකුවට කියවන කෙනෙක් නොවේ කියා ලිවීම  අරඹන්නේ, එහි තියන හොඳක් හෝ නරකක් කියන්න නොවේ. එය මගේ තේරීමක්. මේ ජීවත්  වන කාලය අනුව, අපට ඕනි කරන්නේ මොනවාද, නැත්තේ මොනවාද යන්න අපට තෝරා ගන්න බැරි නම්, අපගේ ජිවිතයේ විශාල අර්ථයක් නැහැ. එයත් මගේ තේරීමක්. ඔබට වෙනත් තේරීම් තියෙන්න හැකි වග මතක් කර ගන්න, මා අමතක කරන්නේ නැති වගත් මතක් කරන්න කැමතියි ( කොලා නේද?).

මෙයට කලින් සටහනකට කොමෙන්ටුවක් දමපු විභීෂණ නමින් බ්ලොගයක් ලියන, විභීෂණ විසින් තමාව අඳුන්වා දෙන මේ වැකිය මගේ සිත් ගත්තේ හේතු කිහිපයක් නිසා. එය නම්; //බ්ලොග් අවකාශයේ සක්මන් කරන,
රියල් ජීවිතයක් ගෙවන ෆේක් චරිතයක්//.

අප ගොඩක් දෙනා, රියල් ජීවිත  ගත කරන, බ්ලොක් අවකාශයේ ෆේක් චරිත කියුවොත්, එහි මහා වැරදිකමක්, දකින්නන්නට, ගොඩක් දෙනාට අපහසු කමක් නැති යයි, මා යෝජනා කෙරුවොත්, එහි වරදක් දකින්නට, ඔබට හැකි වන එකක් නැති යයි, අපට උපකල්පනය කරන්න සිතුනොත්, එහි වරදක් දකින්න, ඔබට අමාරු වනු ඇතැයි , අපට උපකල්පනය කරන්න තියන ඉඩ, ඔබට බැහැර කරන්න නොහැකි වග මතක් කරන්න කැමැත්තෙමි (  😀 ) .

අර විභිෂනගේ කතාවට ආවොත්, රියල් චරිත ලෙස සාමාන්‍ය අප, අපගේ අදහස් ලියන විට නොයෙක් පුරස්න මතු වෙන්න හැකියි. එහෙම වන්නේ ගොඩක් වෙලාවට, අපට ප්‍රතිචාර දක්වන අයත්, එහෙම යයි උපකල්පනය කලොත් තමා.

සයිබර් ලෝකය එහෙම නැහැනේ. අපට ගොඩක් වෙලාවට හමු වන්නේ, ෆේක්  චරිතම තමා. එනම් ෆේක් ජිවිත ගෙවන රියල් චරිත. අප කතා කරන, බලාපොරොත්තු වන, ලෝකය ගොඩ නගන්න මෙතරම් අමාරු ඇයි කියා, ඔබ මෙයට කලින් හිතුවද?

 

Advertisements

Leave a comment

Filed under Lifestyle, Opinion

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.