වසන්තයේ තවත් දිනක්!


IMG_4403IMG_4415IMG_4425IMG_4434IMG_4482IMG_4499

පසුගියදා ඕස්ට්‍රේලියාවේ එළිදක්වපු වාර්තාවකට අනුව කියවුණේ, මෙහෙ වෙළඳපොලේ තියන පිරිසිදු මීපැණි කියා විකුණන, ඒවා වලින් භාගයක් පමණම, එක්කෝ නොදැනුවත්ව හෝ එක්කෝ ඕනේකමින්ම, වෙනත් සීනි  ද්‍රාවණ  එක්ක කලවම් කරපු එව්වා වගයි. මේ චෝදනාව ගැන දැන්, ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම මගින්ද පරිෂණයක් කරන වගත් අසන්නට ලැබුණා.

එක දෙයක් කියා, තව දෙයක් විකිණීම ඈත අතීතයේ පටාන් පැවත එන, වෙළඳ ප්‍රයෝගයක්. මේවා නිකම්ම නවතින්නේ නැහැ. මිනිසාගේ කෑදරත්වය මත පදනම් වන, කෙසේ හෝ ලාභ ලබන වෙළඳාම් වලින් පාරිභෝගිකයා ටිකක් දුරට ආරක්ෂා කරන්නට, යම් ආයතන පිහිටුවා තියෙන්නේ අන්න ඒ නිසා. ලංකාවේ ගඩොල් කුඩු සමග කලවම් කර, මිරිස් කුඩු විකුණනවා යන්න නම් සත්‍යයෙන් තොර දෙයක් වග අනුමාණ  කරන්න පුළුවන්. එහෙම කෙරුවොත්, හොද්දේ පතුලේ සෑහෙන ප්‍රමාණයක් වැලි තියෙන්න ඕනෙනේ.

පාරට තාර  දමල, උඩින් දමන වැලි, වාහන ගිහාම පාර  දෙපසට යනවනේ. අන්න ඒ වැලි එක්ක, පාර  අයිනේම, මාළු කලවම් කරන අයුරු නම් මා දැක තියනවා. මුහුදෙන් අල්ලා  ගොඩට ගෙනෙන, මාළු එක්ක, ඔයතරම් වැලි කලවම් වී නැහැ.

මී  පැණි කතාවට ගියොත්, අප වවන වෙළඳ බෝග වලින් 80-90% ක පමණ, පරාගණයට, මී  මැස්සන්ගේ සෘජු දායකත්වය අවශ්‍යයි. මා කලිනුත් මී  මැස්සන් ගැන ලියා ඇති. අපට පෙනෙනවටත් වඩා, වෙනස්ව ඔවුන්ට ලෝකය, නැත්නම් මල් පෙනෙනවා කියා කියනවා. ආලෝක ධාරාවේ, අපට නොපෙනෙන, අල්ට්‍රා-වයලට් කොටසත් ඔවුන් දකින වග කියනවා.

නමුත්, අප දැක රස විඳින, අපට පෙනෙන මල් ද හරිම විචිත්‍රයි. මේ මා අද, කැන්බරා වල, වාර්ෂිකව පැවැත්වෙන ප්ලොරියාඩ් කියන, මල් ප්‍රදර්ශනයේ ගත්තු, පින්තූර  කිහිපයක්.

Advertisements

7 Comments

Filed under Opinion, Photography

7 responses to “වසන්තයේ තවත් දිනක්!

  1. මල් කොහොමත් මනස්කාන්ත දර්ශනයක් තමයි.අපේ මී මැස්සන්ට පරාගණයට තියෙන තවත් බාධාවක් තමයි ලක්ෂ ගණනින් කරන මල් පුජා.

    • මිනිසුන්ගේ රසවින්දනයේ හැටි තමා මනෝජ්. ගහක තියන මලක් බලා සතුටු වීම එකක්. එව්වා දහස් ගණනින් කඩා, පූජා කර, පරලොව සැපතක්, අපේක්ෂා කර සතුටු වීම තවෙකක්. ඔය දෙවෙනි එකින්, කෘමීන්ගේ ජිවිතයට කරන බලපෑම බැලුවොත්, එතන තියෙන්නේ “පාපයක්”. නමුත්, එය අපගේ “පියවි ඇසට” නොපෙනෙන නිසා, කිසිවෙකු ඒ ගැන සිතන්නේ නැතිව ඇති.

      • // අපගේ “පියවි ඇසට” නොපෙනෙන නිසා, කිසිවෙකු ඒ ගැන සිතන්නේ නැතිව ඇති.//

        අන්න හුදකලා සටන් ඕනේ වෙන තැනක්.

        • අපගේ කුඩා කාලයේ ඔවැනි, ලක්ෂ මල් පූජා, පළතුරු පූජා තිබුණු වගක් මතක නැහැ. මෙය මෑත කාලයේ ආගම් තලෙබාන්කරණය හා වඩාත් වාණිජකරණය සමග බිහි වූ සංකල්ප වෙන්න ඇති.

  2. pra jay

    , //එක්කෝ නොදැනුවත්ව //????

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.