සුවඳ දැනී……..!


IMG_4646

ඉස්සර මා ලියපු සටහන් යලි උඩට එනවිට මාත් ක්ලික් කර බලනවා. එයින් සමහර එව්වා අද කියවන විට මට දැනෙන්නේ උදාසීන කමක්. ඒ  වගේම, එව්වා එදා කියවා ප්‍රතිචාර දමපු කට්ටියත් අද සමහරවිට අන්තර්ජාලයේ කරක් ගහන්නෙත් නැතිව ඇති. අප කාගේත් ජීවිතයේ වෙනස් වීම ගැනයි මා ඔය කියන්න හැදුවේ.

අන්තර් ජාලයේ මා දැක තියනවා සමහර සාද වල පින්තූර. මේසේ උඩ  තියෙන්නේ සමහර විට, හොඳ බෝතල්. එයට අද්දරම තියනවා, තඩි කොකා කෝලා  බෝතලත්. එතැන, රසවින්දනයේ අවුලක් තියනවා කියා මා පෞද්ගලිකව සිතනවා. එනම්, වෙනස් වීම් සමග වෙනස් වන්නට බැරි වීම.

ලෝකයේ පුරසිද්ද්දම මධ්‍යසාර පෙරණ  ආයතන (distilleries) සමහරවිට, එයාල නිකුත් කරන මධ්‍යසාරයට, ආවේනික රසය, සුවඳ හා පාට කවන්න අවුරුද්දක් දෙකක් නොවේ, දශකයක් හෝ එයිට වැඩි කාලයක් තබා ගන්නවා. පැණි බීම  සමග මධ්‍යසාර බොන්න නම්, ඉස්සර අප කළා වගේ, වෙළඳපොලේ තියන ස්ප්‍රිතු ගන්න හැකියි.

වෙනස් වීම සමග නොවෙනස් වීම්  කියන්නේ හරියට, නොගැලපෙන රෝද හා කරත්තයක් හැදුවා වගෙයි. එය ලොකු අවුලක් නැහැ. හැබැයි, කරත්තේ තල්ලු කරන්න මහා වෙහෙසක් ගන්න වෙනවා. කරත්තේ හදන්නේ, තල්ලු කරන්න නොවේනේ.

දැනට මාස කිහිපයකට කලින්, මගේ සහෝදරයෙක් ඇසුවා, මා සංක්‍රමණය වුණ එකින්, ලබා ගත්ත (එයාල ලබා නොගත්ත) දේවල් මොනවාද කියා. එයට “හරි” උත්තරයක් දෙන්න මට නොහැකියි කියා තේරුණේ, පසුව ටිකක් කල්පනා කරපුවහම.

ඇත්තටම එහෙම දේවල් ගොඩක් නැහැ. අනික, එයට හරි උත්තරේ මට දෙන්න නොහැකි, මා ලංකාවේ (හා  ඕස්ට්‍රේලියාවේ) එකවිට ජීවත් නොවුන නිසා.

ලංකාවට ගියහම, උදේ මුහුදු වෙරළේ දුවන්න මා ආසයි. එතැන  ඉන්නේ දිනපතාම වගේ, එතැන  විවිධ ක්‍රියාකාරිකම් වල යෙදෙන මිනිසුන්. මාත් එක්ක යන ඥයාතියාව (කුණු හරුප) හඳුනා ගන්න පිරිස්,. ඔහුට යමක් කියනවා. මා මෙහෙ ඇවිදින විට හෝ දුවන විට, එවැනි ප්‍රතිචාර මට ලැබෙනවා. ඒත් ලංකාවේදී එහි වෙනසක් මා දකිනවා. එතැනදී, වඩාත් අපේ කමක්, නැත්නම් සමීප කමක් තියනවා.

මා නොදන්නා දේ කියන්නද? මා ලංකාවේ හිටියා නම්, (අද කලාතුරකින් එහි ගිහින්, ඤාතියගේ වාහනෙන් ගිහින් කරන) එහි උදේ පාන්දර ගිහින්,  දුවන්න පුලුවන්ද නැතිද යන්න මා දන්නේ නැහැ. මා සන්සන්දන වලදී වඩාත් ප්‍රවේශම් වන්නේ අන්න ඒ නිසා.

මේ දින ටිකේ මා නිවාඩු දමා ගෙදර හිටියා. පාසලුත් නිවාඩුනේ.

 

8 Comments

Filed under Opinion

8 responses to “සුවඳ දැනී……..!

  1. කල්පනා ලෝකයට අපව ගෙන යන ලිපියක්. මුලදිම මට ගොගොල්ව සිහිවුනා. එයා ඩෙඩ් සොල්ස් ලිව්වට එයින් කිිසිම තෘප්තියක් ලබා නැහැ. ගොගොල් ඉවත දමා පුළුස්සා දැමූ කොල වලින් ඉතිරිය කියවමින් අපි වගේ අය කොපමණ වින්දනයක් ලබනවාදැයි ඔබේ
    මේ අගනා පෝස්ටුව කියවන්න ගනිද්දිම මට සිහි වුනා.

  2. මාත් කල්පනා ලොවේ ඉන්නා ලියුවක් ගුණේ. 🙂

  3. මොන ජාතියෙන් උනත් ඇල්කොහොල් කියන්නෙ aquired taste එකක්. විශේෂයෙන් Spirits හරියටම රස විඳින්නම ඕන නම් කිසිවක් නැතිව හෝ වතුර/සෝඩා වැනි මාධ්‍යක් සමග ගැනීම වඩා සුදුසුයි.

    නමුත් මටත් පාවිච්චි කරන්න අරං 20 අවුරැද්දකට පසුවත් Spirits නීට්නම් බෑ 🙂

    ලංකාවෙ බොහෝ දෙනා බොන්නෙ වෙරි වෙන්නනේ … ඒකට නියම වොඩ්කා සහ පළතුරු යුෂ තමයි. මොකද සියරට දේ සිරිසැප දේ ගන්න ගියොත් පොළිසියෙ 😂

    නිවී සැනසිල්ලෙ කතාවක් දාගෙන රිලැක්ස් කරන්න නම් වයින් හෝ බියර් පංකාදුයි 👌

    ලංකාවෙ ඇල්කොහොල් සංස්කෘතිය ටැබූ එකක් නිසා සහ බොහොමයක් බමුණු මත හේතුවෙන් මේ ටික තේරැම් ගනින සෑහෙන කාලයක් ගියා 😁

  4. වෙරි වීමට පළතුරු යුෂ ගන්න එකෙන්, වෙරි වීම අඩු කරනවා නේ. 🙂

    මා මධ්‍යසාර ජාති කටේ නොතියන කෙනෙක් නිසා, කණ්ඩා තරම් විස්තර දන්නේ නැහැ.

  5. තනුක කරන පමණ අනුව තමයි 🙂 නොබී හැංගෙන්නත් හොද විදහක් 😁

  6. සම්ප්‍රදායික වොඩ්කා පානයත් නීට් තමා කරන්නේ. පෙරීමෙන් පසුව වෙනත් රසයන් එකතු නොකරන වොඩ්කා වල, රසයක් නැහැ. විවිධ කොක්ටේල් වලට ඔබින්නේත් ඒ නිසා.

  7. ඔව් එහෙම බොන අය දකිනකොට ඇඟ කිළිපොළා යනව. මමත් කිහිප විටක් බැලුව Never ended well 😂

    තාම ඒ බෙබේ ලෙවල් එකට ඇවිල්ල නෑ … එන්න බලාපොරොත්තුවක් ඇත්තෙත් නෑ 😁

  8. //ඔව් එහෙම බොන අය දකිනකොට ඇඟ කිළිපොළා යනව.// හේ හේ

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.