ඒබීසී නිව්ස් රේඩියෝ වෙබ් අඩවියේ විමර්ෂණයක තිබුණ මාතෘකාව තමා, වොෂින්ටන් පොස්ට් පත්තරේ කොලමක් ලියමින් හිටපු, තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයක සිදු කෙරුවා යයි කියන, සවුදි ජාතික ජමාල් කශෝජිගේ, ඝාතනය විශ්වාස කරන්න නොහැකියි, මේ වසර දෙදහස් දහඅට නොවේ නම් කියා.
අධි ආරක්ෂිත කලාප වල මහා දවල් රටේම ජනප්‍රිය පත්තරකාරයෝ මරලා දාන රටක ඉන්න අපිට නම් ඔව්වා පුදුමයට කරනා නොවේ.
රෝස මලේ ලස්සනට කටු වැහිලා තියෙන්නේ කියලා “ඒබීසී ” එකේ අය නොදන්නවා ඇති සමහරවිට.
ඒබීසී කියන්නේ 2018 (ඒ කියන්නේ පසුගිය දිනවල වුණ දේවල් වලට අනුව) මෙය විශ්වාස කරන්න හැකිය කියා. නලපාන ජාතකේ මනෝජ් අහල ඇතිනේ. මනෝජ් අධිඅරක්ෂිත කළාප වල, හා වෙනත් රටවල වුනු පත්තර කාරයන් ඝාතන වල හා මේකේ වෙනස පෙනෙනවා ද? කෙනෙක් තමන්ගේ රටේ කොන්සල් කාර්යාලයට ගියා, ගිය වග කැමරා වල සටහන්. ආපු වගක් නැහැ. ඇතුලේ අය කියනවා, එයා කොළ සයින් කර ගියා කියා. මෙයට අවුරුදු දෙක තුනකට පෙර, මෙවැනි කතාවක්, මෙතරම් විශ්වාසවන්තව කියන්න පුළුවන්කමක් තිබුනේ නැහැ නේ.
මම මේ සිදුවීම ගැන තව කොහේ හෝ කියෙව්වා.සති අන්ත “අනිද්දා” පත්තරෙත් මේ ගැන තිබ්බා.සවුදි කොන්සල් කාර්යාලය ඇතුලේ තියෙනවා ඇත්තේ සවුදි නිතියනේ.ඉතින් එක විමර්ශකයින්ට ගැටළුවක් වෙන්න පුළුවන් නේද ?හැබැයි මම දැක්කා තුර්කි බලධාරීන්ට තානාපති කාර්යාලය පරික්ෂා කරන්න සවුදිය ඉඩ දුන් බවත් කිසිවක් හොයා ගන්න තුර්කිය අසමත් වූ බවකුත්.
මොන නීතිය වුවත්, මිනිහෙක් අතුරුදහන් වුනොත්, මා හිතන්නේ ඒ රටේ රජයට විමර්ෂණය කන්න හැකියි. ඔවුන්ගේ පියවරයන් ද, කාටත් සිතා ගන්න හැකි හේතු මත, ඉතා මන්දගාමී වූ වගක් පෙනෙන්නට තිබුනා යයි කියවෙනවා.
එය නොවේ මනෝජ්, මා කියන්න හැදුවේ. මේ රටවල් වල (බටහිර) දේශ පාලකයන් පමණක් නොවේ, shallow ආණ්ඩු හා deep රාජ්‍ය කියන සේරම දැන්, අනික් බොහෝ රටවල් වල වගේ, එදා වේල් ටුවර්ස් වේගන යන වගක් පෙනෙනවා. චීනය ආර්ථිකයන් මැනිපියුලේට් කරන වගට කෙඳිරි ගාන, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල, දේශපාලකයන්, තමන් පත්කරපු, අවුරුදු තුනේ ධුර කාලය, ආණ්ඩු කරන්න බැහැ. සමාජයික වශයෙන් ලිබරල් කියා ගන්න බොහෝ එවුන්, මෝඩ මූලධර්ම පටලවන් පිස්සු නටනවා.
අපේ සමහර සංක්‍රමණිකයන්, සුදු මුලධර්මවාදීන්, එක්ක පොටෝ ඔපචුනිටි එකක් හම්බ වුනොත්, එව්වා ෆේස් බුක් දමමින් ආතල් ගන්නවා. 🙂
https://www.bbc.com/news/world-middle-east-45935823
This is the latest
https://www.news.com.au/world/middle-east/how-saudi-arabia-kept-contradicting-itself-over-the-disappearance-of-jamal-khashoggi/news-story/9719fc2e0b32f4b8cd58884aa25f21ff