සිහින සිතුවම්!



IMG_4829

සමහරුන්ගේ ජීවිතය ගලා යත්දී, විවේක කාලය කියා අප කියන කාලය අඩු වෙනවා. තවත් සමහරුන්ගේ විවේක කාලය වැඩි වනවා. තවත් සමහරුන්ගේ ජීවිතයම  එකම විවේක කාලයක්. එහෙම වන්නේ තමන්ගේ තෝරා ගැනීම් හා සමාජයේ තෝරා දීම් අනුව යයි සරලව උපකල්පනය කරන්න පුළුවන්.

අප ඔය ඉරණම කියන දේ මගේ සිතිවිල්ලට අනුව, තමන්ගේ තේරීම් නිසා අප ජිවිතයේ නවතින හෝ ගලායන තැන හඳුන්වා ගන්න හැටි කෙටියෙන් කියන හැටියි. ජිවිතයේ කුඩා කාලය, එනම් අනුන් මත යැපෙන කාලය මා අයින් කරන්න කැමතියි. එයින් පසු වැඩිහිටි කාලය කියන්නේ, ගොඩක් වෙලාවට තමන්ගේ තේරීම් අනුව පෙළ ගැසෙන දෙයක්.

තමන්ගේ තෝරා ගැනීම් කියන කාණ්ඩයට, සමාජයේ තෝරා දීම් කියන කොටසත් ඇතුලත් වෙන්නේ, එව්වත් තීරණය වන්නේ, අපගේම තෝරා ගැනීම් නිසා. එතැනදී අප සමහර වෙලාවකට පොඩි අවුලකට යනවා. මොකද ඒ දේවල්, අපගේ පෞද්ගලික තේරීම් සමග සමපාත නොවන විට.

නේචර් ස්ට්‍රිප් එකේ තියන තණකොළ, පසුගියදා වැටුණු වැස්ස සමග දළු දමා ඇවිත්, මල් ද බිහිකර තියනවා. අද හවස හතරට පමණ ගෙදර එන විට, සුළඟේ ලෙළ දෙමින් තිබුණ, මේ කුඩා මල් ඇත්තම පරිසරයේ අපගේ නිරුවත් ඇසට, මෙසේ පෙනෙන්නේ නැහැ. මේවා නම් අරන් තියෙන්නේ ඒ ඇත්තම පරිසරයේ, සුළඟත් සමග.

IMG_4834

කලින් දමපු ගීතයක් යලි අහමු!

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “සිහින සිතුවම්!

  1. පයට පෑගෙන තණකොළ ගහකින් ලස්සන මලක් හොයා ගන්න පුළුවන් එකත් එක හැකියාවක්.

    යම් දෙයක් උඩ දැම්මොත් බිම වැටෙනවා කියලා අපි හැමෝම දැනගෙන හිටියත් නිව්ටන්ගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටෙනකම්ම ගුරුත්වාකර්ෂණය කියන එක හොයා ගෙන නොතිබ්බා වගේ අවට ලෝකයයේ මේ වගේ කොයිතරම් දේවල් ඇතිද අපිට පේන එත් නිරීක්ෂණය නොවන දේවල්.

    • මනෝගේ කොමෙන්ට් ස්පෑම් වෙන්නේ ඇයිද කියා බලන්නම්.
      මල් ගස් ටිකක් හිටවගන්න ඕනි. ඒත් මේ වසර මහා ශුෂ්ක වුණානේ. තණකොළ මල් වත් හොයන්නේ ඒ නිසා. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.