ජීවිතය, ටයිල් හා කවදත් දකින රෝස!


IMG_4838

මනෝජ් කලින් සටහනේ කියපු දේ ඇත්ත. ලංකාවේ අප අත්විඳපු (ඇත්තටම නොවිඳපු) දේවල් හැටියට, ජමාල්ගේ කුරිරු ඝාතනය පුදුම වෙන්න කාරණාවක් නොවේ කියන එක. මා, අප අත් නොවින්දා කියුවේ, මේවා ගැන ලියන, කතා කරන, වෛර කරන මිනිසුන්ගෙන් 99% ක් ම වගේම, මේ කුරිරු, තිරශ්චීන  සිද්දි වලින් කෙලින්ම බැට කාපු අය නොවේ.

ලංකාවේ ජීවත් වෙන හා අප වගේ සංක්‍රමණය වූ පිරිසෙන් කී දෙනෙක්, එහෙම බිහිසුණු සිද්දි වලට මුහුණ දුන්න අය, කී දහසක් අප අතර ඉන්නවා ද කියන එක ගැන, එක මොහොතක් සිතනවාද?  එහෙම සිතුවත්, ලොකු ප්‍රතිඵලයක් කෙලින්ම ලැබෙනවා කියා මා යෝජනා කරන්නේ නැහැ.

IMG_4845

හැබැයි, මිනිසුන්ගේ එවැනි සංවේදීතාවයක් තියනවා නම්, අපගේ සමාජය මෙයිට වඩා වෙනස් වෙනවා කියන එකත් මා විශ්වාස කරනවා. අපගේ තරුණ අවධියේ ලංකාවේ සිදුවූ බිහිසුණු අමානුෂික ක්‍රියා වලට දායකත්වය දුන්නා යයි, චෝදනා තියන මිනිසුන්, එයින් වසර 30 කට පසුවත්, තවමත් මහජන තනතුරු හොබවන්නේ ඒ නිසා කියා මා හිතනවා.

IMG_4846

ජමාල්ගේ ඝාතනයේදී, ඇමෙරිකානු ජනාධිපති කියුවේ, වරදකරු කියා, ඔප්පු නොකරන තාක් කල්, කෙනෙක් වරදකරු නොවන කියන ප්‍රසිද්ද පිළිගැනීම, එතනටත් අදාලයි කියන එක. එය නීතිමය අර්ථකතනයක් විතරයි. ජමාල්ගේ ඝාතනය වගේම, ලංකාවේ සිදුවුණු සිද්දි බොහොමයකදී, එවැනි දේවල් උසාවියකදී ඔප්පු නොවුනට (කාටත් සිතා ගන්න හැකි හේතු මත), වෙච්ච දේ මේකයි කියා, අපට සිතා ගන්න බැරි නම්, අප මනුෂ්‍යයන් නොවේ, වඳුරන් විය යුතුයි.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස සැලකෙන රටේ වත්මන් නායකයා, වඩාත් ප්‍රිය කරන්නේ, ලෝකයේ වඩාත්ම ඒකාධිපති පාලනතන්ත්‍ර වල නායකයන් දෙදෙනා වීම, සමාජයේ ඉන්න අප වගේ, සාමාන්‍ය මිනිසුන් සිතන අන්දමේ එක්තරා අවසාන ප්‍රතිඵලයක්.

IMG_4849

කලින් කියපු කරුණට ගියොත්, මිනිසුන් තමන් අවට වන දේවල් ගැන, සංවේදී නම්, එය කොහෙන් හෝ එළියට එනවා. මා කියන්නේ, මෙවැනි බ්ලොග් පොස්ට් හෝ මහා සමාජ උද්ගෝෂණ ගැන නොවේ. සමහරවිට ඒවා ඉතා සට්ල්, බලු බැල්මට පෙනෙන්නේ නැහැ. එවැනි කුඩා ප්‍රතිචාර මතයි, අපගේ සමාජය කොයි වගේද කියා තීරණය වන්නේ කියා මා හිතනවා. එය බටහිර හෝ නැගෙනහිර හෝ කියා වෙනසක් නැහැ.

IMG_4853

අද ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු වෙන්වර්ත් අතුරු මැතිවරණයේදී, පාලක පක්ෂය පරාජයක් අත් කර ගන්නා වග දැනට පෙනෙනවා. ඕස්ට්‍රේලියාව වගේ රටකත්, දේශපාලකයන්, මහජනතාව කියන්නේ මහා ගොනුන්ය (ඇත්තම කතාව එය තමා) කියා, තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරන අන්දම මෙතැනදී කාටත් නිරීක්ෂණය කරන්න හැකි වූ දෙයක්. එය ලෝකේ කොහෙත් එහෙමයි. සමහර විට මේ දෙක සමපාත වෙනවා.

IMG_4856

කොහොමත් වෙස්ටඩ් ඉන්ටරෙස්ට් තියන එහෙම අය, අපට කියන දේවලුත්, එයින් අප තේරුම් ගන්නා කොටසත් මත නේ අපගේ ප්‍රතිචාරය රඳා පවතින්නේ.

ගොඩක් දෙනා අපට යෝජනා කරන දෙයක් තමා, අප අපගේ ජීවිතය ගැන, පසුතැවිලි වෙන්න ඕනි කියන එක. ජීවිතය ගැන පසුතැවිලි වෙන්න ඕනිද නැත්ද යන්න තමන්ගේ තේරීමක්. මා කලකට පෙර, අහම්බෙන් ඇසුව බණක මුල් කොටසේ, ඒ හාමුදුරුවන් කියුවේ, බලන්න අද ගෙවල් වල, බාත්රූම් එක විතරක් නොවේ, සාලෙත්, අනික් හැම තැනත් ටයිල් කරනවනේ. ඉතින් සුරුස් ගාල ලිස්සලා ම ටොයිලට් යන්න පුළුවන් කියා. මෙයට එයට සවන් දුන්න උපාසිකා-උපාසකයන් සිනා නොවුණා  නම්, මා පුදුම වෙනවා. මෙවැනි //ධර්ම// කථිකයන් වඩාත් පුරසිද්ද එයාලට මිනිසුන් ආස කරන නිසානේ.

ගොඩක් පන්සල් වල බිම ටයිල් කරලනේ තියෙන්නේ. මෙවැනි මිනිසුන් විසින්, අපට ගෙවන්න යෝජනා කරන ජීවිතය ගැන මගේ සතුටක් නැති නිසා, ඔවුන්ගේ (ඔවුන්ගේ නොවේ, එයාල දේශනා කරන) ආගම්, ධර්මයන් ගෙන් මා ඉතා ඈතින් ඉන්නා කෙනක්.

ලංකාවේ ජීවත් වීම ගොන් කමක්, සංක්‍රමණය වීම ද්‍රෝහී කමක්, ගෙදර ටයිල් කිරීම කියන්නේ, සුරුස් ගා ටොයිලට් යාම යනාදී වශයෙන්, අපගේ ජීවිතය නොගෙවන, වෙනත් මිනිසුන් විසින් කියන දේවල් වලට අනුව, මා ජිවත් නොවන්නේ සෑහෙන කලක සිට.

මා හිතන්නේ, තව රෝස පඳුරු දෙකයි තියෙන්නේ මල් පිපෙන්න.

Advertisements

3 Comments

Filed under Opinion

3 responses to “ජීවිතය, ටයිල් හා කවදත් දකින රෝස!

  1. pra jay

    “Whenever you find yourself on the side of the majority, it is time to reform (or pause and reflect).”
    ― Mark Twain

    “Be who you are and say what you feel, because those who mind don’t matter, and those who matter don’t mind.”
    ― Bernard M. Baruch

  2. ඇත්ත, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කෙරුවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජයක අත්දැකීම් මට නම් නැහැ.අඩු වැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යම් යම් බලපෑම් තිබුනත් යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ අපි අත්විදිනවා.මම හිතන්නේ නැහැ ලංකාවේ තිබ්බ රාජාණ්ඩු ක්‍රමයකින් වගේ නම් මෙහෙම නිදහසක් කවර කලකවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි කියලා.

    • ඔව් මනෝ, රාජාණ්ඩු හා පූර්ණ ඒකාධිපති ආණ්ඩු වෙතට යන්න හදන මිනිසුන් ට, ඔවුන්ගේ ගොන්කම් වල ප්‍රතිඵල දැකගන්නවත් අවස්ථාවක් නොලැබෙනු ඇති.

      සවුදි පත්තර කරුගේ ඝාතනය ගැන බටහිර විරෝධය අඩුය කියා හැමෝම කියනවනේ. මෙතරම් හෝ විරෝධයක් දක්වන්න ඉන්නෙත් බටහිර විතරනේ. චීනයට හා රුසියාවට බිස්නස් ඈස් යුෂුවල් නේ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.