ඩේසි!


IMG_4940IMG_4941IMG_4893

මල කඩා ගෙදර අරන් ඇවිත්, පොටෝ ගොඩක් අරන් අරන් එකතු කර, එඩිට් කෙරුවොත්, සමීප ඉතා ලක්ෂණ පින්තූරයක් ඉදිරිපත් කරන්න හැකියි. පොටෝ එඩිට් වලට මෘදුකාංගයක් ඉගෙන ගන්න වෙලාව යොදවන්න හිතන් හිටියත්, එය තවම කරන්න බැරි වූවා.

සමහර දේවල් වලට කැමති වුවත්, යොදවන්න කාලයක් නැහැ. නැත්නම් කාලය තිබුණත්, වෙනත් කැමති දේවල් තියන නිසා, ප්‍රමුඛතාවය අඩුයි. තවත් දේ කිරීමට අකමැති හෝ වැඩිය කැමති නැති වුවත්, කෙරුවේ නැතිනම්, කැමති දේවල් වලින් කරන ටික හෝ කරන්න නොහැකි නිසා, අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. තවත් විට, අකමැති දේවල්, කැමැත්තෙන් කරන අවස්ථාත් තියනවනේ.

වැඩ කරන කෙනෙක් නම්, හවස ගෙදර ඇවිත් උයන එක කොතරම් කැමැත්තකින් කරන්න හැකිද? මෙයට උත්තරය විවිධ වෙන්න ඉඩ තියනවා. දවසෙම ගෙදර ඉන්න කෙනෙක්ටත්, උයන එක විශාල කරදරයක් වෙන්න හැකියි. මොකද දිනපතාම කරනවා නම්. සමහරුන්ගේ ප්‍රශ්නය, අද උයන්නේ මොනවාද කියලනේ. මා කියන්නේ තෝරා ගන්න බැරි තරම්, තේරීම් තියන කට්ටිය ගැන නොවේ. ගෙදර හරියේ මොකවත් නැති අය.

එහෙම බැලුවහම, එකම දේ, විවිධ අයට, අදාළ වෙන්නේ, බලපාන්නේ කොහොමද කියා යම් අවබෝධයක් ගන්න පුළුවන්. මේ වගේ කරුණු, අපගේ සිතට නිතර තියා කොහොමත් දැනෙන්නේ නැහැ කියුවොත්, ඔබ මොකෝ සිතන්නේ?

මා හැමදාම වැඩට ගිහින් ස්නැක් විදිහට කන්න පළතුරු දෙක තුනක් අරන් යනවා. ඒ එක්කම පැණිරස මොනවා හරිත් ගෙනියනවා. ගොඩක් වෙලාවට, පැණිරස දේ කොහොමහරි කාල, පළතුරු  එක දෙකක් ගෙදර, නැවත අරන් එනවා. මේ සතියේ සිට අත්හදා බැලීමකට, පැණිරස ස්නැක් කපා දමන්න තීරණය කෙරුවා.

මා පළතුරු ගැන කලින් ලියා ඇති. ඇත්තටම ඕස්ට්‍රේලියානු වෙළඳපොලේ තියන පළතුරු ජාති ගණන, නිවර්තන ලංකාවට වඩා ගොඩක් අඩුයි. අනික අවුරුද්දේ හැමදාම සමහර පළතුරු නැහැනේ. කෝකටත් තෛලය වගේ, ඇපල් හා කෙසෙල් නම් හැමදාම තියනවා.

සමහර දේවල් වල වටිනාකමක් දැනෙන්නේ, නැති වුන විට. ඒ වගේම තවත් දේ ගැන අප “විශේෂඥය” වන්නේ, එක්කෝ ඒ දේ නොකරන විට, හෝ එයින් අයින් වුන විට. මා මේ කියන්නේ, හැදෑරීමකින් ඉගෙන ගන්න දේවල් නොවේ. ජිවිත අත්දැකීම් වලින් කියන කරන දේවල් ගැන.

 

Advertisements

10 Comments

Filed under Opinion

10 responses to “ඩේසි!

  1. pra jay

    කෙසෙල් වර්ග මොනවද?
    ඔහෙ තියන අන්නාසි කොහොමද?

    • වැඩිපුර තියෙන්නේ කැවන්ඩිෂ් කෙසෙල්. අප කන්නේ එව්වා. අනික් වර්ගය ලේඩි ෆින්ගර්ස්. එව්වා විශාල ලෙස නැහැ. ටිකක් ගණනින් වැඩියි.
      අන්නාසි වැඩිය කන්නේ නැහැ. රසය ගොඩක්ම හොඳ නැහැ.

  2. ඩේසි කිව්වාම මතක් උනේ අර ආච්චිව.
    මේක කොච්චර කරලාද කියන්න දන්නේ නැතත් මට නම් මේ මල මේ විදියටත් ලස්සනයි.

    අර ගංගානාත් දිසානායක මට මතක විදියට පැණි වළලු කියන එයාගේ තීරු ලිපියක ලියලා තිබ්බා “අපි මල් වල ලස්සන බලන්නේ මල කඩලා,ජපන්නු මලේ ලස්සන බලන්නේ මල ගහේ තියලා කියලා.

  3. spam එකේ මගේ කමෙන්ට් බලනවාටත් තුති.

  4. Raigam, the pics look awesome !!!! what’s the Camera and Lens you use ?

    • These were taken by a Canon, Macro lens (EF-S 60 mm F2.8). I use Canon 700D. This was bought back in 2013. I do have a 55-250mm and an 18-55mm too. Time to upgrade ne? 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.