කෙසෙල් සමග පාන්!


IMG_5031

ලංකාවෙන් එන තොරතුරු, අප සමහරුන්ගේ මහත් සතුටටත්, තවත් අයගේ අමනාපයටත් හේතු වී ඇති බවට කරුණු පෙනෙන්නට තියනවා. ලෝකයම මහත් සංකීර්ණ තැනක්.

ඊයේ මා බලපු ටීවී වැඩසටහනක, ඕස්ට්‍රේලියානු වර්ල්ඩ් විෂන් එකේ හිටපු ප්‍රධාන විධායක ටීම් කොස්ටෙලෝ කියුවේ, ඔහුට නොයෙක් වර හිතුන දෙයක් තමා, දුෂ්ට හා බලය තියන අය ගොඩක් වෙලාවට දිනන්නත්, දුබල හා අහිංසක මිනිසුන් පරාද වන්නේත් මොකෝ කියන එක කියා. මෙතැනදී ඔහු කියන්නේ දුෂ්ට හා බලය දෙකම එකට යනවා කියා හෝ දුබල හා අහිංසක කියන්නේ එක කාණ්ඩයක් කියාවත් නොවේ.

එම වැඩසටහනේ ගියේ ටීම් ගේ ජීවිත කතාවෙන් ටිකක්. මා කියුවනේ, අප මුහුණ දෙන පුරස්න ලෝකේ කොතැනක හිටියෙත්, එකම ආකාරයෙන් නොවූවත්, අප සොයා එනවා. ටීම් ගේ කතාවෙත් තිබුණේ, පෞද්ගලික ජිවිතයේ, විශේෂයෙන් දරුවන් පාසල් යන අවධියේ, ඔවුන් මුහුණු දුන්නු සමහර ප්‍රශ්න.

ඊයෙත්, පෙරේදාත් මා හවස් වරුව ගත කෙරුවේ ටීවී එක ඉස්සරහා කුකින් වැඩසටහන් බලමින්. විශේෂයෙන් රික් ස්ටෙයින් ගේ ඉන්දීය චාරිකා වැඩසටහන් ටික. ඉන්දීය ඉයුම් ගැන කියන විට, හැමවිටම ඇසෙන දෙයක් තමා ගැරම් මසාල කියන කුළුබඩු මිශ්‍රණය. කඩේ දකින්නට තිබුණත්, මා කිසිදා ගෙදර ඉවීම් වලදී භාවිතා කර නැහැ.

අද වෙන වැඩකට ගිහින්, ආපසු වාහනයට යන ගමන් දුටුවා, ඉන්දීය කඩයට ගොඩ වුණේ, කිසිවක් ගන්නා අදහසින්ම නොවේ. ඒත් කඩේකට ගොඩ වැදුනොත්, හිස් අතින් එලියට එන්නේ කලාතුරකින්නේ. මා ගැරම් මසාල මිශ්‍රයක් (කුඩු නොකරපු) ගෙදර ගෙනත්, හවස අඹරා ගත්තා.

ඊයේ කම්මැලිකමින් ඉන්නා විට, මුළුතැන්ගේ තිබුණ පමණට වැඩියෙන් ඉදුණු කෙසෙල් ගෙඩි දුටු විට, බනානා  බ්‍රෙඩ් එකක් නිකමට හදන්න හිතුව (මෙයට පෙර වට්ටෝරුවකට හදපු කෙසෙල් පාන් එක හරියට ආවේ නැහැ). කිසිම රෙසිපියක් නැතුව, හිතේ මිම්මට දමපු දේවල් එක්ක හදපු, එහි අන්තිම ඵලය නරකම නැහැ. නරක නැහැ නොවේ, හොඳයි කියා කියුවොත් නිවැරදියි.

බනාන බ්‍රෙඩ් කියන්නේ, ඕස්ට්‍රේලියාවේ කෝපි කඩවල අනිවා තියන දෙයක්. පාන් කියුවට, පාන් හා කේක්  අතර තියන ආහාරයක්. පාන් නැති නම් කේක් කාපල්ලා කියන්න ඇත්තේ, මේ වගේ එව්වා කන්න කියන එක වෙන්නත් ඇති.

Advertisements

2 Comments

Filed under Food, Opinion

2 responses to “කෙසෙල් සමග පාන්!

  1. pra jay

    Banana bread is nice (if not too sticky). Sen Sal here has it. You can make pineapple bread too. Any other “fruit breads”?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.