සත්තු හා ගම්!


ලංකාවේ දිනවල සිදුවන දේවල් වලට, මා ලංකාවේ සිටියා නම් මහා කලකිරීමක් ඇතිවනු නොඅනුමානයි. දැනුත් කලකිරීමක් නැතුවා නොවේ, එය ඉතා ප්‍රභල එකක් නොවේ. මා අනුමාන කරන්නේ, ලංකාවේ ග්‍රාමීය ජනතාවට, මේ සිදුවීම් වල අන්තිම ඵලය ගැන කිසිම අවබෝධයක් නැතිය කියා. මොකෝ, නගර වල ජිවත්වන මධ්‍යම පාන්තිකයන්ට තියා, රටින් පිටත ඉන්න සංක්‍රමණිකයන් විශාල පිරිසකටත් එවැනි අවබෝධයක් ඇති වග පෙනෙන්නේ නැහැ. විශේෂයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රම වල ජීවත්  වන පිරිසට හෝ මේ ක්‍රියාවලිය, ඔය විදිහටම ඉදිරියට ගියොත්, උපන් රටට අත්වන්නට හැකි ඉරණම ගැන කිසිදු හැඟීමක් එක්කෝ නැහැ, නැත්නම් තිබුණත්, තමන්ගේ මෝඩ මූලධර්ම එයටත් වඩා ලොකු නිසා, සතුටින් ඉන්නේ.

බිග් පික්චර් එක ගැන අවබෝධයක් ගන්න අප ගොඩක් දෙනාට හැකියාවක් එක්කෝ නැහැ, නැතිනම් එයට උත්සහයක් දරන්නේ නැහැ, නැත්නම් එයතේරුම් ගන්න තරම් ඥානයක් උපතින්ම අරන් ඇවිත් නැහැ. අද වන විට බටහිර ජිවත් වන විශාල පිරිසකටත්, පසුගිය වසර දෙතුන් සියය ඇතුලත, පෘථිවියේ මිනිසා විසින් කර තියන වෙනස්කම් ගැන ලොකු වැටහීමක් නැහැ. 

එක දිගටම සිදුවූ ආර්ථික හා සමාජ සංවර්ධනයේ ඵල බුක්ති විඳින මධ්‍යම පාන්තිකයන් පිරිසක්, තමන්ගේ විවේක කාලය යොදවන්නේ, සිහින පරිසර වලට යන්න. මොකෝ ඔවුනගේ වර්තමාන ජිවිතයේ ලොකු අවුල් නැහැ.  සමාජයේ සිදුවූ සංවර්ධන ක්‍රියාවලියෙන් ඵල ලබන්න බැරිවුණ පිරිසකුත්, අද ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න උත්සහ කරන්නේ, ඔවුන් ඉන්නා තැන තවත් පහලට දමමින්. 

පොසිල ඉන්ධන දහනය නිසා සිදුවන පරිසර දුෂණය නවතන්න, නැවත කරත්ත පාවිච්චියට කැමතිද කියා යමෙක් ඔබෙන් ඇසුවොත්, ඔබේ උත්තරය මොකක්ද? ගෙවල් දොරවල් තනාගෙන, වාහන පාවිච්චි කරමින්, කොම්පියුටර භාවිතා කරමින්, ඔයට හරියටම සමාන විසඳුම්, විවිධ ක්ෂේත්‍ර වලට ඉදිපත් කරන සැලකිය යුතු පිරිසක්, අපගේ සමාජයේ ඉන්නවා. හැබැයි, එවැනි විසඳුම් වල තියන පරස්පරය හෝ එව්වයේ ඇති මෝඩ ස්වභාවය, එක වරම පෙනෙන්නේ නැහැ. මොකද, ඔවුන් අල්ලන්නේ ඉතා කුඩා කොනක් විතරයි. 

කොහොම වුවත්, අප හැමෝම තුලම අඩු වැඩි වශයෙන් පවතින දුර්ගුණයක් තමා, යමක් නැති වනකම්, බුක්ති විඳින දෙයක අගයක් නොමැති වීම. ගෙදරක ලුණු නැතිව අපට, කී දවසක් ඉන්න හැකිද? එව්වා තියා, අද අතීතයට යන්න සුන්දර කතා කියන අයට, කොම්පියුටර, අන්තර්ජාලය වැනි දේ නැතිව ගියොත්, ඇතිවන ජංජාලය සිතා ගන්න හැකියි. 

Advertisements

7 Comments

Filed under Lifestyle

7 responses to “සත්තු හා ගම්!

  1. pra jay

    කලකිරීම නිසා බිග් පික්චර් එක මල්ටි කලර් වෙලා වගේ. අපි ඔක්කොම පොසිල වෙන කාලෙ ලං වෙනකොට මේ රට හැදෙයි.
    We are treating our own depression by indulging in humour Mr. Rye.
    Only good thing to come out of this mess is the plethora of absolutely hilarious WhatApp posts circulating. Unfortunately, I don’t have ur no to forward them.

    • //කලකිරීම නිසා බිග් පික්චර් එක මල්ටි කලර් වෙලා වගේ// හැමතැනින්ම කලකිරෙන කතා ඇසෙන නිසා, සිත සතුටු වන්න මල්ටි කලර් කෙරුවා. 🙂

      It is really sad to see what is happening there Pra. I don’t think anyone would have expected this from a person who came to power by promising to strengthen institutions. It was very clear that he was not up to the task since the beginning.
      SL has good citizens ( enough number to make a change in an election; and actually that number has been growing ). But, the main problem is Pra, that SL does not have good leaders. Probably, we have lost the (benevolent) gene pool of leadership during the occupation and most recently due to wars/ insurrections.

      • pra jay

        Leaders could be MADE, not only BORN. But, the mindset of the majority of the people has to be conducive to making good leaders. True; an exceptional BORN leader could change the mindset of the majority, but, in the absence of such a leader, adequate ones could be MADE, if the political and social culture is conducive. Sadly, it is not so.

  2. කෞශල්‍ය

    ආයිබෝං රයිගම,
    ඔබේ අදහසට එකඟයි. අපේ ශිෂ්ටාචාරයේ සාර්ථක වුනු දේවල් වල එක අවුලක් ඒ සාර්ථකත්වයම තමා. දැන් ඒ සාර්ථකත්වය taken for granted. vaccine වලට විරුද්දව ලියන කතා බලන්න.

    • ආයිබෝ වේවා කෞශල්‍ය!
      අතීතයේ පැවති, නැතිවී ගිය ශිෂ්ටාචාර වලට, එහෙම වුනේ මොකද කියා කියන්න කවුරුවත් හරියටම දන්නේ නැහැ. මා හිතන්නේ ඔබත් කියන taken for granted නැතිනම් victim of its own success කියන දෙයත් හේතු වන්න ඇති.

      දරුවන් ප්‍රතිශක්තිකරණය කරන්නේ නැතුව හිටිය, ගොන් අදහස් ඇති දෙමාපියන් සැලකිය යුතු සංඛ්‍යාවක්, ඉතා දුක්බර ඉරණම් වලට එම දරුවන් යොමු කරවීම් ගැන ප්‍රවුර්ති පසුගිය කාලයේ අසන්නට ලැබුණා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.