පුෂ්පක හා සත්තිගුම්භ!


අර ජාතක කතාව අප කවුරුත් පාහේ දන්නවනේ. අද කාලේ නම් මා දන්නේ නැහැ, එදා නම් අප සාමාන්‍යයෙන් ජාතක කතා සියල්ලම නොවුනත්, ගොඩක් ඒවා දන්නවා. අපේ ආතා, අප පොඩි කාලේ, ළමා කතා වශයෙන් කියා දුන්නේ ජාතක කතා. 

යට ගිය දවස එක නුවරක උන්නු, එක ගිරවෙක්, අඩෝ, ..ට, ..කා  ගන්නේ නැතිව, ඔය තියන දෙයක් දීලා, මැරුම් නොකා පල, කියන කොට අනිකා, පින්වත, ඔබට මහන්සිද, බෙලිමල් වතුර ටිකක් බොමුද ඇහුවලු. 

මොක වුවත්, ඒ ගිරව් දෙන්නට ජිවත් වෙන්න වාසනාව පෑදුණේ, මිනිසුන්ගේ මැදිහත් වීම නිසා. නැත්නම්, හරියට තටු ගහන්න තරම් ලොකු වෙන්න කලින්, කූඩුව සුළං පහරට ගසා ගෙන නිසා, එක්කෝ සත්තුන් කාල, නැත්නම් හාමතේම මියයන්න වෙන්නේ, ළමා කාලයේදීම. 

මං පහරන හොරු කියන්නේ, මිනිසුන්ව පවා මරල, යමක් කම කඩා ගන්න එවුන් වුනාට, බිම වැටිලා හිටිය, ගිරා පැටියා හදා ගත්තා. මිනිසුන්ගේ චර්යාව ගොඩක් වෙලාවට, කෝවක  දමලා තේරුම් ගන්න බැරි තරමට සංකීර්ණයි. 

කොහොම වුවත්, ඒ හොරුන්ට හා අනික් ගිරවා හදා ගත්තු, තාපසයන්ට එහෙම කරන්න හැකි වුණේ, ඔවුන්ගේ ජීවිතය යම්තාක් දුරට කරදර වලින් තොර වූ නිසයි. ඒ කියන්නේ, ඔවුන්ට බඩ ගින්න පිලිබඳ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. නැත්නම් දෙගොල්ලොම මුලින්ම ගිරා පැටව් දෙන්න අනුභව කරාවි. 

මා හැමදාම කියන්නේ, බඩ ගින්නේ ඉන්න මනුෂ්‍යන්ට, පරිසරය රැක ගනිමු යයි, බඩ පිරිච්ච මිනිසුන් කරන දේශනා ඇහෙන්නේ වත්, අහන්න ඕනිිකම් ඇතිවන්නේ වත් නැහැ. මනුෂ්‍යයා ඇතුළු, සියලුම සත්ත්වයන් ගේ, පළමුම සහජ ඥානය නම්, තමන් නොනැසී ජීවත්  වීම. 

ඊයේ මා මඩුවෙන් එලියට යන්න උදව් කරපු, මයින් පැටියාට, උගේ පැවැත්මට බලපාන, ප්‍රධානම සාධකය නම්, එයාගේ මව් පියන්ගේ උදව්වයි. මා අල්ලා ගත්තු ගමන්, ඒ පැටියා එක වරක් කෑ ගහපු, ගමන්, කොහෙවත් දකින්නට නොසිටි, ඒ දෙදෙනා එක වරම, කඩා පාත් වූයේ  කොහෙන්ද කියා මා දන්නේ නැහැ. හැබැයි, එයින් කියවෙන්නේ, ඔවුන් දෙදෙනා තමන්ගේ දරුවා ගැන කොතරම් සංවේදීද, කොතරම් සුපරීක්ෂාකාරිද කියා.

ඔවුන් අපටත් වඩා වල්නරබල් නේ. ජීවිතය පවත්වාගෙන යාමට කොතරම් බාධක තියනවද. මඩුවක හිරවූ විට, එයින් එලියට එන ඥානයක් හෝ නැහැ. මොකෝ ඔවුන්, හුරුවී තියෙන්නේ ස්වභාවික පරිසරයට මිසක්, මිනිසාගේ ඉදිකිරීම් වලට නොවේ.

මිනිසුන් බඩගින්නේ ඉන්නා විට, පරිසරය ගැන සංවේදී නැතියා කියා මා කියුවනේ. අපේ වසන්ත සමයේ තියන එක ප්‍රශ්නයක් තමා, පැටවුන් ඉන්නා, මැග්පයි නැතිනම් පොල්කිච්චන්ගෙන් මිනිසුන්ට ඇති කරදරය. ඕස්ට්‍රේලියානු පොල් කිච්චන් කියන්නේ, කපුටන් විතර ලොකු කුරුල්ලන්.

මෙවුන්ගේ ප්‍රධාන ආහාරය, කෘමින් හා පණුවන්. මේකුන් ගොඩක් වෙලාවට එකම සහකරු හෝ කාරියක් එක්ක ජිවිතයම ගත කරන, එකම ප්‍රදේශයක මුළු ජිවිතයම ගෙවන කුරුල්ලන් වර්ගයක්.

වසන්තයේ මුන් බිත්තර දමා, පැටවුන් බිහිකරනවා. ඒ කාලෙට, උන් හරිම පරික්ෂාකාරීයි. ලඟින් යන බයිසිකල් කරුවන්ට, පාගමන් කරුවන්ට ආක්‍රමණ ශීලි ලෙස පහර දෙනවා. ඒ ඔවුනගේ පැටවුන්ට කරදරයක් වේවි කියන සිතිවිල්ලෙන්. 

මිනිසුන්ගේ සමහරක් බඩගිනි වුවත්, නැතත් ස්වභාවයෙන්ම කුරිරු තමා. නමුත් බොහොමයක් එසේ නොවේ. මැග්පයිලාගේ අභිජනන සමයේ නිතර අසන්නට ලැබෙන තව අවවාදයක් තමා, බිම ඉන්න මැග්පයි පැටවුන්, හැම වෙලාවෙම, සතුන් බේරා ගන්න තැන වලට ගෙනත් දෙන්න එපා කියන එක.

මිනිසුන් සත්භාවයෙන් කරන කටයුත්තක්, ඇත්තටම මැග්පයි පැටවුන්ට කරන අකටයුත්තක් කියා තමයි එයින් කියැවෙන්නේ. මැග්පයි පැටවුන්, ඔවුනගේ වල්ගය හැදීමට පෙර, කූඩුවෙන් බිමට පනිනවා. එයින් පසු, ඉගිලෙන්න හැකි වන තුරු, ඔවුන් ජීවත් වන්නේ පොලවේ. 

ඒ කාලයේ, ඔවුන් තනිව ආහාර සියා ගැනීමට ඉගෙන ගන්නා අතරේ, මව් පියන් ගේ රැකවරණය හා ඔවුන් ගෙනත් දෙන ආහාර වලින්ද යැපෙනවා. අනේ පැටියෙක් බිමට වැටිලා, කියා, ඔවුන් අතට ගත්තොත්, ඔවුන් මව්පියන්ගේ රැකවරණයෙන් හා ජීවිතය පවත්වා ගන්න හැකි කුසලතා අයත්කර ගැනීමෙනුත්, අයින් කරනවා. 

4 Comments

Filed under Lifestyle

4 responses to “පුෂ්පක හා සත්තිගුම්භ!

  1. හැමගින්නටම වඩා බඩගින්න ලොකුයි කියනවානේ.එත් මිනිස්සුන්ට නම් එක හැමතිස්සෙම එහෙමම වෙන්නේ නැහැ නේද ?

  2. ම්ම්ම්!

  3. ගොඩක් වෙලාවට එහෙමයි! 🙂