ඈ ඉන්නේ සඳ රේණුවේ…..


Tomaree National Park, NSW and Tasman Sea

හතර වටින් ඇසෙන පුවත් වලට අනුව, හරිනම් ජනගහණයෙන්  විශාල ප්‍රමාණයක් ආතතියට ගොදුරු වෙන්න ඕනේ. හැබැයි, අප අතර ඉන්න විශාල පිරිසක් ඒවායින් ආතල් එකකුත් ගන්නවා යයි පෙනෙනවා. බැලූ බැල්මට එය හොඳ දෙයක් කියා පෙනුණත්, එය හොඳයි කියා කියන්න හේතු සාධක නම් නැහැ. 

මැලේසියාවේ භූමි  පුත්‍ර නොවන චීන සම්භවයක් ඇති තරුණියක් මට කියුවේ, සාමාන්‍ය හොඳ ආර්ථික හා සාමාජික ජිවිතයක් ගත කෙරුව ඇයගේ  දෙමාපියන්ගේ ජිවිත, අගමැති නජීබ්  රසාක් ගේ කාලයේ අවරට ගිය හැටි. 

බලයෙන් පහවුණු නජිබ්ගේ ගෙදරක තිබූ  මුදල් ගණන් කෙරුවේ යන්ත්‍ර මගින් කියා වාර්තා වූවා. මේවා ගැන අප ගොඩක් දෙනෙක් කියවා ඇති. අද වන විට ඒ විමර්ෂණ ගොඩක් ඉදිරියට ගොස් තියනවා. කෝ ඇල්ලුවද හොරු කියා නජිබ් අසන වගක් නම් අසන්නට නැහැ.

නජීබ්  ජිවත් වූයේ  ඔහු මවාගත් සිහින ලෝකයක කියා මැලේසියාවේ ජේෂ්ට දේශපාලකයෙක් පවසා තිබුණා. නජීබ්  විතරක් නොවේ බොහෝ පාලකයන් සිහින ලෝක වලට යන්නේ ජනතාවගේත් උදව්වෙන්. 

ලෝකයේ ජනතාවගෙන් මිලියන 800 ක් පමණ ප්‍රමාණවත් කැලරි, එනම් ආහාර ප්‍රමාණයක් ලබන්නේ නැහැ කියාත්, බිලියන 2ක් පමණ අංශුමාත්‍ර පෝෂක හීනතා වලිනුත් පෙලෙන වග මා අද අසන්නට ගිය දේශනයක කියවුණා. ඒ අතරේ ලෝකයේ මිලියන 700 ක විතර ජනතාවක් අධික ස්ථුල තත්වයෙන් පෙලෙනවා. එනම් පමණටත් වඩා ආහාර ගන්න එක කරගෙන යනවා. 

පමණට වඩා ආහාර ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍යය හොඳ වෙන්නේ හෝ වැඩි කලක් (නිරෝගීව)  ජිවත් වෙන්නේ හෝ නැහැ කියා සොයන්න ලොකුවට දත්ත වලට යන්න අවශ්‍ය නැහැ. එය පැහැදිලිව පෙනෙන්න තියන දෙයක්. එනමුත්, අවශ්‍ය පමණට වඩා අඩුවෙන් ආහාර ගන්න වෙන එක එයටත් වඩා හොඳ නැහැ. 

නොතේරෙන මල්ලිලාට කියන ඕනේ දෙයක් තමා, අද අපේ ලෝකයේ මනුෂ්‍යයාට පරිභෝජනය කරන්න හැකි ආහාර නිෂ්පාදනය, අප පහු කරපු අතීත කාල වලට වඩා ගොඩක් වැඩියි. ඒවා බෙදී යාමේ ගැටළු තියනවා. විශේෂයෙන් ආහාර මිල අඩු කිරීමේ මං  සෙවීම, මනුෂ්‍යයා මුහුණ දෙන ප්‍රධාන පුරස්නයක්. 

අද අතපොවන්න බැරි මිලකට, අනාගතයට අවශ්‍ය ආහාර නිපදවීමෙන් මිනිස් ශිෂ්ටාචාරය ගලවා ගන්න යෝජනා කිරීම, මා ඉහතින් කියපු (පාලකයන්  විතරක් නොවේ) ජනතාවත් සිහින ලෝක වල ඉන්නා වගට උදාහරණයක්. 

Advertisements

Leave a comment

Filed under Opinion

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.