Monthly Archives: December 2018

සිතන්නට යමක් නැතිද?


ප්‍රාට පොරොන්දු වුනු පරිදි වැස්ස සමග විරාමයක් කියන සටහනේ ඉතිරිය අද ලියන්නට සිතුවා. කලින් සටහන් වල ලියා ඇති, ලංකාවේ ඉන්නන් අප වැනි සංක්‍රමණිකයන් කන දේවල් ගැන වොරි වෙනවා, සංක්‍රමණිකයන් වන අප, ලංකාවෙන් එළියට ඇවිත්, ලංකාව “හදන්නට” වෙහෙසෙනවා. මේ දෙකම එකම වගේ නිරර්ථක හා අනවශ්‍ය ප්‍රයත්නයන් වෙනවා.

ඉතිං මගේ කතාවට ගියොත්, එම ජාතිකයා බිරිඳ, තාත්තා බලන්න ගිහිං, එයා තනිවම ඉන්නේ කියා කියුවනේ. තනිව කියුවේ, බිරිඳ නැති නිසා මිසක්, ගෙදර වෙනත් අය නැති නිසා නොවේ. ඔහුගේ වැඩිමහල් පුතුට අවුරුදු විසිහයක් හෝ විසි හතක් පමණ වෙනවා. එයා සරසවි උපාධියකින් පසු, රැකියාවක් සොයන් ගෙදරින් එළියට ගිහිං.

හැබැයි, ඔහුගේ ගෙදර තවත් තරුණයන් දෙදෙනෙකු ඉන්නවා. කෙනෙක් එයාලගේ දෙවෙනි පුතා. එයා දහය වසරට පමණයි පාසල් ගියේ. ඔහු හිතුවක්කරයෙක්. පාසලෙන් ඉවත්වී, ඔහු විවිධ කුඩා රැකියා කරමින් ජිවත් වන්නේ.

සමාජයේ ඉහලම නොවූවත්, මධ්‍යම පංතියේ උඩම ඉන්න, ඉගෙනීම් අතින් පරතෙරටම ගිය, රැකියාවෙන් ඉහල ගිය, පවුල් වලත් දරුවන් කියන්නේ, දරුවන්මයි. සාමාන්‍යයෙන් අපත පරිසරයක් උරුම නොකර ගත් වුවත්, සමහර දරුවන් හැදෙන හැටි, තීරණය වන්නේ වෙනස් සාධක මත නේ.

එතකොට, අපත පරිසරයක, අපත දෙමාපියන්ගේ දරුවන්ට යන කලදසාව කොහොම වෙන්න හැකිද? ඔහුගේ ගෙදර ඉන්න දෙවෙනි තරුණයා, අර දෙවෙනි පුතාගේ යහළුවෙක්. එයා දැන් වසර කිහිපයක සිට ජීවත් වන්නේ මේ ගෙදර. එයාගේ කතාන්දරේ මොකක්ද?

ඔහුගේ පියා බොනයෙක්. අම්ම බොනියක් නොවුණත්, ඇයට ආවේනික පුරස්න වලින් පෙලෙන්නියක්. එම පවුලේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අර තරුණයා තමයි වැඩිමහල් කෙනා.

එයා, මේ පවුලට සම්බන්ද වන්නේ මෙහෙමයි. දිනක් අර දෙවෙනි පුතා, එයාගේ යාලුවා එක්ක ගෙදර ඇවිත් අහනවා, යාලුවට යන්න තැනක් නැහැ, සතියක් දෙකක් අප එක්ක ඉන්න හැකිද කියා. ඒ සති දෙක තුන තමා අවුරුදු ගාණක් දික්වන්නේ.

ඇත්තටම මේ තරුණයා, බයිපෝලර් කියන සංකුලත්වයෙන් පෙලෙන්නෙක්. ඔහුගේ චර්යාව කලින් නිගමනය කරන්න අසීරු වග අර සුදු ජාතිකයා මට කියුවා. මේ තරුණයන් දෙදෙනාගේ ක්‍රියාවන් නිසා, ඔවුන් ගොඩක් කරදර වලට මුහුණ දුන්න. නමුත් කිසිදිනෙක, එයාලව ගෙදරින් එලියට දමන්න, ඔවුන් ක්‍රියා කළේ නැහැ.

ඒ විතරක් නොවේ, මේ තරුණයක් දෙදෙනාම රැකියා කෙරුවත්, ගෙදරට කිසිම දෙයක් ගෙනෙන්නේ වත්, නිවාස කුලිය කියා සතයක්වත් දෙන්නෙත් නැහැ. එක අයෙක් නම් තමන්ගේම දරුවනේ ඉතිං.

අර අනික් දරුවාගේ ගෙදර තත්ත්වය ඉතාම නරක එකක්. ඔහු කුඩා කළ දිනක්, ඔහුගේ තාත්තා හා තවත් අයෙකු බීලා, මේ දරුවා කියපු දෙයකට කර තිබෙන දෙය දන්නවද? ඔහුව කකුල් දෙකින් ගහක එල්ලලා. දරුවා සිහි නැතිවී ඉන්නවා, දැකපු යමෙක්, මෙහි හදිසි අංකයට දුන් දුරකථනය නිසා තමා ඔහු බේරා ගෙන තියෙන්නේ. එහි ඔහුගේ කුඩා කල ගැන සිතා ගන්න හැකි එක සිදුවීමක් පමණයි.

මේ දරුවන් දෙදෙනාගේම ක්‍රියා වලින් පීඩා විඳිමින්ම, අනිකෙකුගේ දරුවෙකුත් මෙතරම් කලක් කන්න බොන්න, නිදා ගන්න දී, හදපු එකේ තේරුම මොකක්ද?

බටහිර මිනිසුන්ගේ පවුල් කඩා වැටිලා, මාපිය-දූදරු සබඳතා නැහැ. ලෝක විනාශය අතළඟ කියා පෙරදිග දේශනා දෙසන මිනිසුන්, මේ මිනිස් සබඳතා ගැන දන්නවා යයි මා සිතන්නේ නැහැ.

සමාජය කියන්නේ හැම විටම, මනුෂ්‍යත්වයේ අන්ත දෙකම නිරූපනය කරන්නක්. එයට පෙරදිග හෝ බටහිර කියා වෙනසක් නැහැ. වැදගත් වන්නේ අප ප්‍රවර්ධනය කරන්නේ කොයි අන්තයද කියන එක පමණයි.

සමහර විට මේ වසරට මා තව එක සටහනක් ලියාවි. එයින් පසුව ටික දිනකට බ්ලොගයට සමු දෙනවා.

කලින් දමපු ගීතයක්.

4 Comments

Filed under Opinion