Spot the Difference!


පින්තූර දෙකක වෙනස්කම් සෙවීම ලෝකයේ ජනප්‍රිය ප්‍රෙහේලිකා වර්ගයක්. අප කුඩා කාලයේ ළමා පත්තර හා වැඩිහිටි පත්තර දෙකේම එවැනි ප්‍රෙහේලිකා වල වෙනස සෙව්වා. ඉස්සර රිවිරැස පත්තරේ අන්තිම පිටුවට පෙර පිටුවේ වෙනස් කම් දහය තෝරා යවන්න තරඟයක් තිබුණා  වගේ මතකයි. පස්සේ වූ වෙනස්කම් නිසා රිවිරැසත් නැතුව ගියානේ.

අද පවා සමහර තැන් වල කල්මරන්න කියවන්න තියන සඟරා වල ඔවැනි ප්‍රෙහේලිකා වල වෙනස්කම් දකින්න උත්සහ කරන්නේ නිතැතින්.

ඉහතින් තියන පින්තූර  දෙකේ වෙනස්කම් තමා, පළමු එක මෙයට වසර දෙකකට පමණ පෙර, ගිම්හානයේ ගත්තු එකක්. අනික ගත්තේ ඊයේ. මගේ ක්‍රොපින් නිසා ඇතිවී තියන වෙනස ඉවත් කළොත්, සමහර දේවල් කාලය සමග වෙනස් වන්නේ හා නොවන්නේ කොහොමද කියා පින්තූරය  පෙන්වනවා.

කොළ හැකිලීම කියන රෝගය, පිච්, නෙක්ටරින්, ප්ලම් හා දෙහි වර්ගයේ පඳුරු වල දකින්නට ලැබෙන සුලබ රෝගයක්. ගොඩක් වෙලාවට එයට හේතුකාරකය වන්නේ දිලීරයක්. මේ කාලයේ එනම් ගිම්හානයේ එයට කරන්න පිළියමක්  තියනවා නම්, ඒ හැකිලුනු කොළ කඩා ඉවත් කිරීම පමණයි.

දිලීර  නාශකයක් භාවිතා කරනවා නම් කළ යුත්තේ, කොළ හැලෙන හේමන්තයේ අවසානයේදී හා දළු එන්න පටාන් ගන්න වසන්තයේ මුල. කොපර් අඩංගු දිලීර නාශකයක් නම් වඩා හොඳයි. 

සුළඟත් සමග එන මෙවැනි රෝග කාරකයන් මැඩපවත්වන්න වෙන ලෙහෙසි ක්‍රමයක් නැහැ. හැබැයි, සමහර ප්‍රබේධ අභිජනනය කර තියනවා, රෝග වලට ඔරොත්තු දෙන. ශාකයක් කඩේකින් මිලදී ගන්නා විට, ඒ ගැන සැලකිලිමත් වෙන්න හැකියි. 

Advertisements

2 Comments

Filed under Agriculture

2 responses to “Spot the Difference!

  1. pra jay

    Why not post more pix of the same thing in different seasons?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.