ඔබ නොවන, මා!


අපගේ පරිසර උෂ්ණත්වය දිනෙන් දින ඉහල යනවා. මේ වෙලාවේ නම් එලියට බැස්සොත්,  සනීපදායක උෂ්ණත්වයක් තියෙන්නේ. පෙර දිනයක නම්, සිගරට්ටුවක රස විඳීමට කදිම පරිසරයක්. 

මා ආන්තික පරිසර වල යම් යම් කාල වල ජිවත් වී තියනවා. පරිසර උෂ්ණත්වය ඉතා වැඩි හා ඉතා අඩු යයි අප කියන පරිසර වල ජීවත් වීම, එකිනෙකාට දැනෙනු ඇත්තේ වෙනස්ව. එයට හේතුව, අපගේ ප්‍රවේණික දායාදන් ද එයට බලපාන නිසා.

ප්‍රවේණික දායාද ගැන කියූ විට, එය වඩාත් හොඳට තේරුම් ගන්න හැකියි මා වැනි සංක්‍රමණිකකුට වෙනස් පරිසරයකදී. උෂ්ණත්වයට අපගේ ප්‍රතිචාරය වගේම, දේශපාලන, පවුල් සඹදතා, දරුවන් හැදීම හා වෙනත් සමාජයීය කරුණු වලට දක්වන ප්‍රතිචාරය, එනම් ජීවිතයේ  ලබන තෘප්තිය ඒ නිසා වෙනස් වනවා.

ජීවිතයේ  වැඩිම කලක් ජීවත් ස්වාධීන ලෙස මා ජීවත්  වූ රට ලෙස ඕස්ට්‍රේලියාව ලෙස නම් කරන්න පුළුවන්. මෙහි සමාජය මා බලාපොරොත්තු වන ලෙස පරමාදර්ශී එකක්ද? එහෙම පුරස්නයක් ඇහුවොත්, මා කියන්නේ නැහැ කියා.

මා ජිවත් වූ කාලය ඇතුලත ලබපු කකුල් දැකීම්  වලින් මට කියන්න හැකි, ලෝකයේ හැම රටකම තියන ප්‍රශ්න වල, සමානත්වයක් තියනවා. හැබැයි, ඒවා තියෙන්නේ විවිධ තල නැත්නම් මට්ටම් වල. මේවා පැහැදිළි කිරීම් ටිකක් සංකීර්ණයි. 

නිදහස් ලෝකයේ එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල වන, ඇමරිකාවේ වත්මන් ජනාධිපතිගේ හා කිසිදා ප්‍රජාතන්ත්‍රවාදය නොදුටු රටක, අප දන්නා නායකයන් අතර තියන සමාන කම් වල ගණන, ඔබට කියන්න හැකිද? එහෙම වන්නේ කොහොමද කියා හිතුවොත්, මා කලින් කියපු විවිධ තලයන් අතර තියන වෙනස, මිසක් රටවල් වල තියන පුරස්න වල තියන සමානත්වය තේරුම් ගන්න පුළුවන්.

ලෝකයේ නුතන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔබ සොයා බැලුවොත්, පිරිමින්ට චන්ද අයිතිය තියේත්දී, ගැහැණුන්ට එය නොලැබුණ කොතරම් සමාජ මෑත අතීතයේ තිබුණාදැයි ඔබට සොයා ගන්න හැකියි. අම්මට “ආදරේ” කරන, බිරිඳට “ආදරය” කරන, තමන්ගේ සහෝදරියන්ට “ආදරේ” කරන  ආසියානු පිරිමින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ස්ත්‍රී විරෝධීන් වග මා දන්නවා. එය ආසියාවට සීමා  වූ දෙයකුත් නොවේ. 

ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පයේ නූතන  අදහස ගත්තොත්, එය අවසානයේ බහුතර කැමැත්ත නේ. බහුතරය කියන දේත්, බහුතරයේ අනුමැතියෙන් හදා ගත්තු නිර්ණායක මත රඳා පවතිනවා කියන එකත් මෙතැනදී අප අමතක කල යුතු නැහැ.

උපන් බිමෙන්  ඉවත්ව ජීවත් වන විටදී, මා තේරුම් ගත්තු දෙයක් තමා සමාජය හැදෙන්නේ (ලොකුම සාධකය) එම සමාජයේ ඉන්න මිනිසුන් මත මිසක්, වෙනත් බාහිර බලපෑම් නිසා නොවන කියන එක. එයට ලෝකයේ මහා බලවතුන් ගේ සමාජ ද හෝ මාලදිවයිනද කියන එක මත යම් බලපෑමක් තිබුණත්, එය ප්‍රධාන එක නොවේ. 

බලපෑම්, අතපෙවීම් හා තර්ජන කියන දේවල් අපගේ පෞද්ගලික ජීවිතයේත් නිරන්තරයෙන් මුහුණ දෙන දේවල්. ඒ වුවත් අප හැමෝම, ඒවාට ප්‍රතිචාර දක්වන්නේ එක ලෙසම නොවේනේ.

අපගේ ජීවිතය, අහක ඉන්න සමාගම්, අනික් මිනිසුන් හා වෙනත් රටවල් සහමුලින්ම පාලනය කරනවා යයි කියන ජනප්‍රිය මතය, මා අනුමත කරන එකක් නොවේ. මේවා අපට කියන්නෙත්, එවැනි බලපෑම් වලින් මිදී ජීවිතය ගෙනයන අය කියා ඔබ හොඳින් විමර්ෂණය  කෙරුවොත් පෙනේවි.

ඔව්, අප ගන්න ඕනි ආහාර, ලෙඩට ගන්න ඕනි බෙහෙත්, බලන්න ඕනි නාට්‍ය, යන්න ඕනි පාසල්, ඉගෙන ගන්න ඕනි විෂයයන් ආදී වශයෙන් නිර්දේශකරන හෝ ප්‍රවර්ධනය කරන නොයෙකුත් බලවේග අපගේ සමාජයේ තියනවා. සමහර විට ඒ බලවේගය, අපට බහු ජාතික සමාගම් වලට යට වෙන්න එපා යයි කියන, නමුත් තමන්ගේ දරුවට උඹ අනිවාර්යයෙන් දොස්තර කෙනෙක් වෙයන් කියන අම්ම හෝ තාත්තා කෙනෙක් වන්න හැකියි. 

Advertisements

Leave a comment

Filed under Opinion, Reflections

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.