නෙස්ටොමෝල්ට් සිතිවිළි?


අපට මහා මැතිවරණයක් ළඟ එනවා. ලෝකයේ අනෙක් වෙන දේවල් ගොඩක් එව්වා වගේම මට දැනෙන්නේ උදාසීන හැඟීමක්. මිනිසුන් වශයෙන් අපට රාජ්‍යය හා රජය කියන සංකල්ප දෙකම ඉදිරියටත් අමතක කරන්න හැකි යයි මා සිතන්නේ නැහැ. දැනට නැති, අතීත ශිෂ්ඨාචාර සියල්ලමත් ගොඩ නැගී තියෙන්නේ ඒ වටා.

ඒ ශිෂ්ටාචාර විනාශව ගියේ කොහොමද කියන එක ගැන නොයෙක් මත තියනවා. ඒවා අනුමාන නිසා කොතෙක් දුරට නිවැරදිද කියා අපට කියන්න නොහැකියි. එදා ගැන අප තේරුම් ගන්න හදන්නේ, අද ලබා තියන දැනුම හා තාක්ෂණය ඇසුරින්.

මට මතකයි, එක ටීවී වැඩසටහනක් ගියා, ඊජිප්තුවේ පිරමිඩ වලට, ගල් හා කිරි ගරුඬ ගෙනාවේ කොහොමද යන්න ගවේෂණය කිරීමක්. ඒවා ලබා ගත්තු ගල් කොර තිබී ඇත්තේ, පිරමිඩ හදපු ප්‍රදේශ වලට ගොඩක් එහා. එතකොට ප්‍රවාහනය කිරීමට අමතරව, ඒවා ඉහලට එසෙව්වේ කොහොමද? අද තියන පිරමීඩ ඒවායේ මුල ස්වරූපය නොවේ. මතුපිටින් තිබුණ සුදු කිරිගරුඬ ගල් සියල්ල, අද ගලවන් ගිහින්.

අර ගවේෂණ කණ්ඩායම, අතීතයේ ඊජිප්තුවේ භාවිතා කෙරුව යයි අනුමාන කරන බෝට්ටුවක් නිර්මාණය කෙරුවා. එම බෝට්ටු නැත්නම් නැව් වල ලී එකට යා කර ඇත්තේ, ලණු වලින් බැඳීමෙන් යයි කියැවෙනවා. ඔවුන් කඹ වලින් එකට බැඳ හදපු නැවට වතුර කාන්දු වූවා.

අතීතයේ දේවල්, වර්තමාන දැනුම අනුව තීරණය කිරීමේදී අප කොතරම් නිවැරදිද කියා මා හිතන දෙයක්. යම් හෙයකින් වර්තමාන ශිෂ්ඨාචාරය සම්පුර්ණයෙන් විනාශ වී, බින්දුවෙන් පටාන් ගන්න අලුත් ශිෂ්ටාචාරයක් අප ගැන අධ්‍යයනය කිරීමේදී, එම ගැටලුවට මුහුණ පානු ඇති.

ඕස්ට්‍රේලියානු පුවත් පත් කලාවේදියෙක් වන ජෝ හිල්ඩබ්‍රෑන්ඩ් පසුගියදා ලියපු දෙයක් මාත් හිතන දෙයක්. ඔහුගේ ලිවීම් මා එතරම් කියවන්නේ නැහැ. ඒ වගේම ගොඩක් දේවල් මා දැන් කියවන්නේ නැහැ. මිනිසුන් අනුන් ගැන වද වෙනවා මිසක්, තමන් ගැන හිතනවා අඩුනේ. අප හැමෝම එහෙමයි කියා මා හිතනවා, බොහෝ වෙලාවට හොඳේ.

ජෝ කියා තිබුණේ, පසුගිය දා වාර්තා වුනු පරිදි, ඕස්ට්‍රේලියානු වන් නේෂන් පාටිය ඇමෙරිකානු ගන් ලොබියෙන් මුදල් ලබා ගන්න උත්සහ කළ පුවතින්, එයට චන්දය දෙන මිනිසුන්ගේ මතය වෙනස් නොවනු ඇති වගේම, ඇමෙරිකානු මුලර් රිපෝර්ට් එක අනුවත්, ඇන්ටි ට්‍රම්ප් කාරයින්ගේ මතයත් වෙනස් නොවනු ඇත කියායි.

අප හැම දෙනාටම අද ඉන්ටර්නෙට් තියනවනේ. අප විශ්වාස කර දේ අනුව, අපට, අපවම කන්වින්ස් කර ගන්න ඕනි තරම් තොරතුරු මේකේ සොයා ගන්න පුළුවන්. ඒ තොරතුරු වල සත්‍යතාවය ගැන වද වෙන්නේ කී දෙනෙක්ද මේ තොරතුරුතාක්ෂණ යුගයේ?

අප ඉන්ටර්නෙට් යුගයට එහා නිසා, යමක් ඇසූ හෝ කියවූ පමණින් විශ්වාස කරන්න හුරු වී නැහැ. අප සිංහලෙන් ෆැක්ට්ස් යයි කියන දේවල් ගැන අද සමාජය නොතකන්නේ මොකද කියා මා දන්නේ නැහැ.

තමන් ඉන්න තැන හොඳට කම්පර්ටබල් වුන විට, ඉන්න හිටින තැනත්, එතනට ආපු හැටිත් ගොඩක් වෙලාවට අමතක වෙනවා. මා පෞද්ගලිකව සිතන්නේ, අතීත ශිෂ්ටාචාර වැනසෙන්නට ඇති ප්‍රධාන හේතුවක් එය වන්න ඇති. සමහරවිට අපගේ වර්තමාන ශිෂ්ටාචාරය අවසන් වනු ඇත්තෙත් ඒ හේතුවෙන්ම වෙන්න පුළුවන්.

පසු වදන

අතීත ශිෂ්ටාචාර වල ඉතිරිවී ඇති නටබුන් අතර පමණක් නොවේ, කැනීම් වලදීත් සාමාන්‍ය ජනයා ගේ ජීවිතය, නිවාස හා ජිවන විලාසිතා ගැන තොරතුරු අඩුයි. ලංකාවේ පවා රජ මැදුරු, පන්සල් ගැන අප අද උදම් ඇනුවට, කෝ අප වැනි මිනිසුන් හිටපු ගෙවල්? නැහැ නේ.

එයින් අපට සිතා ගන්න පුළුවන් අප වැනි සාමාන්‍ය ජනයා, අද ආඩම්බර වන, අතීතයේ අපගේ ජීවිතය කුමක්ද කියා.

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “නෙස්ටොමෝල්ට් සිතිවිළි?

  1. මරු හෙඩිම. මටත් මේ නෙස්ටමෝල්ට් එකක්වත් බොන්න හිතිලා ඉන්නේ. අවුරුදු නිවාඩුවෙන් පස්සේ ප්‍රබෝධමත් වෙන්න 🙂

  2. මොකෝ කල්‍යාණ අවුරුදු කාල වැඩි වුණාද? 😀