ආදරේ හිතෙනව දැක්කම!


අද කලින් ගෙදර එනකොට මහ වැස්ස. කාලෙකට පස්සේ, වැස්සේ මෙහෙම. ඈතින් පෙන කඳු වලට වැටෙන වැස්ස නිසා, ඒවා බොඳවී ගිහින්.

අනික් බොහෝ දෙනෙකු වගේ බ්ලොගය නිරන්තරව ලිවීම තව දුරටත් මට සතුටක් දන්වන්නේ නැහැ. ජිවිතයේ නොයෙක් කාල පරිච්ඡේද තියනවා. ගෙවුණු වසර දහය කියන්නේ, මට ඉතා වැදගත් කාල පරාසයක්.

පසුගිය දශක තුනක කාලයක් මා සමග නිරන්තරව රැඳුන දෙයක් ද අද මා සමග එතරම් නැහැ. ජීවිතය වෙනස් නොවනවා නම්, අප එය වෙනස් කිරීමට උත්සහ ගන්න ඕනේ. සමහරවිට, එසේ උත්සහ ගත්තත් වැඩක් නොවන්න පුළුවන්.

ඉස්සර අප කියවපු සෝවියට් සංගමයේ ඉගෙනුම ලබපු ලාංකිකයන් ගේ සමහර දෙනෙකු ගේ අදහස් ඒ පරිසරයට හරිම පක්ෂග්‍රාහී එව්වා. ශිෂ්‍යයන් වශයෙන් සමාජය ගැන, තමන් උපදුන රටේදී වුවත්, හරි අවබෝධයක් ලබන්න හැකිය කියා මා සිතන දෙයක් නොවේ.

ඒ වගේම, තමන් ජීවත් වන රටෙන්, වෙන පරිසරයකට ආවහමත් මුලදී දැනෙන උත්කර්ෂය ඇත්තටම සැබෑ එකක් නොවේ. ලෝකය ගැන සාපේක්ෂව හිතන්න බැරි නම්, අපට කිසිදා සතුටක් ලබන්න බැහැ අපගේ ජීවිත කාලය තුල.

Advertisements

10 Comments

Filed under Lifestyle

10 responses to “ආදරේ හිතෙනව දැක්කම!

  1. pra jay

    That is a single malt. Green bottle…mhm . Singleton? But wrong shape. Can’t be Jameson because this one Single malt scotch and is not Irish.
    Ah, Glenfiddich !

  2. Thanks for trying to analyze the photo (must admit that this was taken a while ago). //That is a single malt // correct. //Singleton? But wrong shape.// yes. //Can’t be Jameson because this one Single malt scotch and is not Irish.// yes. //Ah, Glenfiddich !/. finally 😀

  3. රයිගම් ආස සින්දුවක් වගේ මේ සින්දුව.කිහිප වතාවක්ම මේ බ්ලොග් එකේ මේ සින්දුව පලවී තිබුනා මතකයි.

  4. ඔව් මනෝජ්, සින්දුවෙන් කියවෙන කරුණ ගැනම නොවේ. මා ආසා කරන තනුවක්. එයිට අමතරව රවීන් මා කැමති තරුණ කටහඬක් තියන කෙනෙක්.

    මනෝ, ඔබ වගේ මා ලියන හා බෙදා ගන්න අය සිටින එක, මා මෙයින් සදහටම සමු ගන්න එක ප්‍රමාද කරනවා.

  5. අවුරුද්දකින් විතර මමත් බ්ලොග් එක ලියලා නැහැ.නැවත ලියවෙන එක ගැන අදහසකුත් නැහැ.එත් රයිගම් හංදිය නම් දැන් නිතර කරක් ගහන තැනක් වෙලා.

  6. මා හිතන්නේ මනෝ, අන්තර්ජාලය ෆේක් නිව්ස් වලට විතරක් නොවේ, ෆේක් ජීවිත ගත කරන්නත් හොඳ තැනක්. පිරිමින්, ගැහැනුන් වීම හා එහි අනික් පැත්ත, විවාහක අය අවිවාහක වීම, දරුවන් ඇති අය තනිකඩ කුරුල්ලන් වීම, මහළු අය බාල වීම හා බාල අය මහළු වීම, විවිධ රටවල මනසින් ජීවත් වීම යනාදී වශයෙන්, අපගේ සැබෑ ජිවිතයේ අයත් කර ගන්න බැරි, නමුත් අපගේ සිහින ලෝකයේ තියන බකට් ලිස්ට්, පරිපූර්ණ කර ගන්න හොඳ තැනක් වෙලා.

  7. කෞශල්‍ය

    රයිගම, කඩේ ලෑලි පලු එකින් එක වැහි ගෙන යන බව දැන ගත්තම හීනියට දුකකුත් ඇති උනා. හැබැයි හන්දියයි කඩේ මුදලාලියි නම් කවදාවත් අමතක නොවෙන දෙන්නෙක්.

  8. කතාවට කියනවනේ කෞශල්‍ය, එක දොරක් වැහෙන කොට, තව දොරක් ඇරෙනවා කියා. ඒවගේම එක මුදලාලි කෙනෙක් කඩයක් වහන කොට, තව මුදලාලිලා දහ දෙනෙක් කඩ අරිවී.

  9. indumathie adikari

    නොලියා ඉන්න එපා .අපි comment නොකළත් ඔබව කියවනවා

  10. දැනට නවතා නැහැ, නමුත් පෙර මෙන් ලිවීමට දැන් කැමැත්තක් ඇති වන්නේ නැහැ. එය කලක් තිස්සේ ලියැවුන, ගොඩක් බ්ලොග් වලට වූ දෙයක් මා හිතන්නේ.