මිනිසෙකුගේ ඉරණම -පළමු කොටස


ලෝකයේ කොතරම් කියවන්න දේවල් විවිධ භාෂා වලින් තිබුණත්, අපට ඒවා කියවන්න හැකියාව තුබුණත්, ඒ අතරින් කියවන්න ආසාවක් ඇතිවන්නේ සමහර දේවලට පමණයි. එය සමහරවිට භයානක දෙයක් වන්නටත් හැකියි. හැබැයි, සත්‍ය තත්ත්වය එයයි කියා ඔබත්, මාත් දන්නවා.

මගේ බ්ලොගය කියවපු කෙනෙක්, මෙය ඔබට අවශ්‍ය නැති එකක් නම්, නොකියවා ඉන්න කියා මා කියුවහම දුන්න උත්තරේ ඔබ දන්නවද? මට කියවන්න අවශ්‍ය එකක් නොවේ නම්, මොකද ඔබ ඕක තමන්ගේ අභ්‍යාස පොතක ලියා ගන්නේ නැත්තේ ඇයි කියා.

ඇත්තටම එය ලියුව කෙනා තේරුම් නොගන්නා, අපගේ ලෝකයේ විශාල පිරිසක් මුහුණ දෙන, අපගේ ලෝකය තීරණය කරන ප්‍රධානතම කරුණම එතැන තියනවා. එය නම්, තමන්ට හොඳය කියා, තමන්ට හිතෙන දේවල්, තමන්ටම තීරණය කර ගැනීමට ඇති නොහැකියාව.

මා ඉහත කියන කරුණ එනම් අපගේ දැණුමට අනුව කරන තේරීම් තමා, අපගේ ප්‍රාථමික, ද්විතියික හා උසස් අධ්‍යාපන වල අවසාන ප්‍රතිඵලය විය යුත්තේත්. හැබැයි මට මෙය තමන්ගේ පොතක ලියා ගන්න කියපු කෙනා, මගේ අනුමානයට අනුව, ඔය කියපු අධ්‍යාපන අවස්ථා සියල්ල පසු කරපු අයෙක්. මොවුන් වගේ අය එක්ක, වාද වලට පැටලීමට වඩා, නිරර්ථක කරුණක් මෙලොව නැතුව ඇති.

හැබැයි, එය මනුෂ්‍යය සංහතියක් වශයෙන් අප මුහුණ පාන මා කලින් කියපු, අපගේ අනාගතය තීරණය කෙරෙන කරුණක්ය කියන්නේ හේතු ඇතිව.

ඉස්සර වගේ නොවේ, සමහරුන් ගිරවුන් වගේ කියන නිදහස් වෙළඳපොළ, ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය වගේ අප ජීවත්වන වටාපිටාව ගැන මා අද හිතන්නේ මෙයට වසර දහයකට පමණ පෙර සිතුව ලෙස නොවේ. මා වගේ සිතන්නේ, මා පමණක් නොවන වග මා දන්නවා.

එය නොවේ අනේ, මා ලියන්න ආවේ, සමාජාශ්‍රය නැතිනම්, මිනිසුන් සමග මුහුවීම අපට නොකරම ඉන්න බැරි දෙයක් ද? මිනිසා කියන්නේ, මොන විදිහට තේරුම් ගන්න හැදුවත්, සමූහයක් ලෙස නොනැසී පවතින්න උත්සහ කරපු නිසා, නොනැසී පවතින ජීවීන් කොට්ටාශයක්. අප හොඳින් බැලුවොත්, අද තියන දැනීම් වලට අනුව, අනිකුත් ජීවී විශේෂයත් නොනැසී ඉදිරියට යන්නේ, සමූහයක් ලෙස මිසක්, තනි තනිව නොවේ.

ඒ අතරින් මිනිසා වෙනස් වන්නේ, ඔහු පමණයි, වෙන්න තියන දෙය ගැන සිතන්න හැකි එකම ජීවියා. අනෙක් ජීවීන්ට පවා එවැනි හැකියාවක් යන්තමින් ඇති. නමුත් ඒ හැකියාව සීමාසහිතයි කියා පෙනෙන්නට තියනවා. සිතන්නට හැකි අප ගන්නා තීරණ, මෙසේ නම් (පෙනන්නට තියන පරිදි), සිතන්නට බැරි සතුන් ගැන කවර කතාද?

කොහොම හරි, සාමාන්‍ය ජීවිතයේ සමාජාශ්‍රය කියන්නේ, අප සාමාන්‍ය වහරේ කියන පරිදි, පඩ ෂෝ වලින් පිරී පවතින්නක්. එනම්, බොහෝ බැඳීම් ඇතිවී තියෙන්නේ ව්‍යාජත්වය මත. පඩ ෂෝ ඉවත් වූ සැනින්, ඒ බැඳීම් ද වාෂ්ප වනවා.

ඔබ ද අත්විඳ ඇති, ඔබ අඳින පළඳින හැටියට, ඔබට සමාජය (එනම් ඔබේ හිත මිතුරන් හා නෑදෑයන් කියා හිතන අය) දක්වන ප්‍රතිචාරයේ වෙනස් වීම. ඇඳුම් විතරක් නොවේ, එයටම බැඳී ඇති, කරන රැකියාව හෝ රැකියාවක් නැති වීම, ඉන්න ගෙදර හෝ ඉන්න හිටින්න තැනක් නැතිකම, භාවිතා කරන වාහනය හෝ එහෙම එකක් නැති කම ආදී වශයෙන් තවත් නොයෙක් දේවල් ඒ නිර්ණායක අතර ඇති.

එහෙම නිර්ණායකයක් නැතිව, ඔබ, ඔබ වීම නිසාම ලෝකයේ කී දෙනෙක් , ඔබ එක්ක වචනයක් කතා කරන්න හෝ වෙහෙසේවිද? මා කියන්නේ ආදරය, සෙනෙහස වැනි ගැඹුරු හැඟීම් ගැන නොවේ. එවැනි දේවල් වලට යන්න පෙර, නිකම් සිනහා වෙන කෙනෙක් ගැන.

අනික් සියලුම මිනිසුන්ගෙන්, වියුක්ත වී, තනිව ගෙවන ජීවිතය මොනවගේ වේවිද? එහෙම ජීවිතයකට, සමාජයේ තීරණ, එනම් අනෙක් මිනිසුන්ගේ තීරණ නිසා, යොමු වන්න වුවොත්, ඔබගේ ජීවිතය මොන වගේ වේවිද? මා මෙහෙම දෙයක් ලියුවේ මොකද කියාත්, ඊළඟ, එනම් යලිත් මා ලියන සටහනක ලියන්නම්.

Advertisements

10 Comments

Filed under Opinion

10 responses to “මිනිසෙකුගේ ඉරණම -පළමු කොටස

  1. //මා මෙහෙම දෙයක් ලියුවේ මොකද කියාත්, ඊළඟ, එනම් යලිත් මා ලියන සටහනක ලියන්නම්.//
    ටිකක් දිග ඇඩ් එකක් වගේ! කතාව ලියනකම් බලා ඉන්න වෙනවා. 🙂

  2. Anonymous

    කතාව ලියනකම් බලා ඉන්න වා

  3. ඇඩ් එකක් කියා කියන්නේ වැඩිපිරිසක් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම්නේ ඉකෝ. 😀

  4. ස්තුතියි. නමුත් මෙය කතාවකට වඩා ඔපිනියන් කියන කැටගොරියට වැටෙන එකක්.

  5. Anonymous

    කියවන්න බලාගෙන ඉන්නවා .අර පඩ ෂෝ කතාව නම් සහතික ඇත්ත

  6. දැන් රයිගම් මේ බ්ලොග් එක ලියන එකත් එක විදියක සමාජාශ්‍රයක් නෙමේද ?අපි හැබැහින් හමුවෙලා නැතත් අදහස් වලින් සමාන,අසමාන බොහෝ දෙන මේ සමාජ මාධ්‍ය භාවිතයත් එක්ක හඳුනාගන්න පහසු වෙලා තියෙනවා.මිනිස් ඉරණම් තීරණය කරන්න ඒ දේවල් පවා ඉවහල් වෙනවා.

  7. pra jay

    “A wonderful fact to reflect upon, that every human creature is constituted to be that profound secret and mystery to every other.”
    ― Charles Dickens

  8. ඔව් මනෝ, බ්ලොග් පමණක් නොවේ, සියලුම සමාජ මාධ්‍ය ජාල හරහා මිනිසුන් කරන්නේ, පෙර එකිනෙකා ශාරීරිකව හමුවීමෙන් කරපු සමාජාශ්‍රය ම තමා. දැනට මාස දෙක තුනකට පමණ ඉහත තිබුණ, අන්තර්ජාලයේ 30ස් වන සංවත්සරයට, එහි පියා කියන, Tim Berners-Lee කියුවේ, දැනට මිනිසුන් ඉන්නේ අන්තර්ජාලය මත, නමුත් ඉදිරියේ මිනිසුන් ජීවත් වනවා ඇත්තේ අන්තර්ජාලය තුල කියා. එය දැනටම වෙනවා. අපේ දරුවනට අන්තර්ජාලය නැතුවම බැරි දෙයක්. ඔබ කියන කරුණ, මගේ කතන්දරයට හරිම අදාලයි. බලමු වෙලාව ලැබෙන හැටියට. 🙂