පෙර දිනෙක!


අපට දැන් සීතලයි. සිතල සමග එන ලෙඩ වලින්ද බහුල කාලයක්. තව සතියකින් පසු පාසල් ළමුනට සීත කාල නිවාඩුව ලැබෙනවා. මාත් නිවාඩුවක් දාන්න ඉන්නේ. බලමු කොහොම වෙයිද කියා.

ඉහත මල් වල පින්තූර අවුරුදු දෙකකට පමණ පෙර ගත්තු එව්වා. එම මල් තාමත් තියනවා. ලබන මස සෘණ උෂ්ණත්වය සමග ඒවා වියැකී යාවි.

හැකි පමණින් මල් වැවීම මා ආස කරන දෙයක්. එය සමහරවිට මහා මැස්කියුලින් යටතට ගැනෙන කටයුත්තක් නොවුණත්, මට සිතට සතුටක් ඇති කරන දෙයක් ලෙස, අවස්ථාවල් ලද විට ජීවිතය පුරාම කරපු දෙයක්.

එයිට අමතරව වැඩිහිටි ජීවිතයේ දිගටම නොකඩවා කරපු අනික් විනෝදාංශය නම්, මධ්‍යසාර සමග තියන ආශ්‍රයයි. එයත්, සමාජ සාරධර්ම කියන එව්වා එක්ක, එකට යන දෙයක් නම් නොවේ. මා නම් එය ගැන මා සිතන්නේ සාරධර්ම ප්‍රශ්නයක් ලෙස ලෙස නොවේ. සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස.

සමාජය කරන දේවල් වලට අනුව අපව වර්ග කරනවනේ. ගොඩක් විට එම වර්ග කිරීම් වලට අනුගත වෙන්න අප, අපගේ ක්‍රියාකාරකම් වෙනස් කර ගන්නවනේ. නැත්නම්, අප අවුට්කාස්ට් වෙනවා.

සමාජාශ්‍රයේ තියන එක පුරස්නයක් වන්නේ එයයි.

සහකරුවන් හා කාරියන් සොයන දැන්වීම් වල පවා ඔබ දැක ඇති, සුරා සූදුවෙන් තොර, මල් නොකඩන, ඉතා සුචරිත මිනිසුන් හා ගැහැණුන් තමන්ට ගැලපෙන කෙනෙක් සොයන හැටි.

ඒ සොයන අයවලුන්ගෙන් කී දෙනෙක් ඔය කියන දේවල් වලට අනුගතද? නැත්නම් ඔවුන්ගේ ඒ ඉදිරිපත්කිරීම්, අර සිංහල වර්ගයා බෝ කරන්න කියා, දරුවන් දහයක් දොළහක් හදන්න කියා අනුන්ට කියන, හැබැයි එක දරුවෙක් හෝ දෙන්නෙක් හදන, ලාංකික සිංහල මධ්‍යම පන්තියේ සෝබන සිතිවිලද?

Advertisements

Comments Off on පෙර දිනෙක!

Filed under Lifestyle, Photography

Comments are closed.