මිනිසෙකුගේ ඉරණම!


මා ලියන්න හදපු කතාවට පාදක වන්නේ මා බලපු (හා බලන) ව්ලොගයක්. ඉහත නමින් සිංහලට පරිවර්තනය කරපු කෙටි කතාවක් තියනවා කියා මට මතකයි. එය මා හිතන්නේ සෝවියට් සාහිත්‍යකරුවෙකු වන මිහයිල් ශොලොහොෆ් ගේ සුද්බා චිලවියෙකා කියන කතාවේ පරිවර්තයයි. එම කතාව මට දැන් මතක නැහැ. තිබුණත් දැන් යලි කියවන්නට වෙහෙසෙන්න ආසාවක් නැහැ.

ගොඩක් දෙනා අද දේවල් කියවන්නේ අන්තර්ජාලයෙන් නේ. ඒ වුනාට පොත්පත් තවමත් මුද්‍රණය වෙනවා. මා බ්ලොග් කියවීම අඩුකර, ව්ලොග් වලට මාරු වුණා. බ්ලොග්, ව්ලොග් හා ෆේස්බුක් වැනි සියලු අට්ටාල වලින් ගොඩක් වෙලාවට සිදුවන්නේ අර මනෝජ් කියුව වගේ, මිනිසුන් ආශ්‍රය කිරීමක්.

තමන්ට ශාරීරිකව හමු වන කුඩා පිරිසක් වෙනුවට, මේවා හරහා විශාල පිරිසක් සමග සම්බන්ද වීමට හැකියාව ඇතිවී තියනවා. ඒ අතරම ඉස්සර, කෙටිකථා, නවකතා හා අනිකුත් කළා කෘති වලින් කෙරුණ සමහරක් සන්නිවේදන කාර්යයන්, මේ මාධ්‍ය විසින් කරනවා කියා කියුවොත්, එය සත්‍යයට ටිකාක් කිට්ටුයි.

අනික අන්තර්ජාලය නිසා, සමහර මිනිසුන්ගේ විනෝදාංශ, එයාලගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටත් පත් කරගෙන තියන හැටි ඔබත් දකිනවා ඇති. මගේ කතාවට අදාල වන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන බෝල්ඩ් ඇන්ඩ් බැන්ක්රෆ්ට් යන නමින් තියන ව්ලොගයක්. ඔහු සාමාන්‍යයෙන් කරන්නේ, චාරිකා සටහන්

කතාවට පෙරවදනක් ලෙස මා කෙටි විස්තරයක් ලියන්නම්. බෝල්ඩ් ඇන්ඩ් බැන්ක්රෆ්ට් බෙලරුසියාවේ ගම්මානයක කාරයෙන් යන විට, ඔහුගේ වාහනයට ගොඩ වන්නේ රුසියානුවෙක් හෝ බෙලරුසියානුවෙක්. ටිකක් පරුෂ ගතියක් පෙන්වන, මේ මනුස්සය කියන්නේ, මගේ ගෙදරට ගිහින් දාපන් කියා.

කොහොමින් හරි යන්තමින් අදහස් හුවමාරු කර ගන්න මේ දෙන්න එන්නේ, පාලුවට ගිහින් තියන ගම්මානයකට. ඔබට මතක ඇතිනේ චර්නොබිල් ඛේදවාචකය. ඇතිවූ ගින්න නිවන්න යවපු මුල් ගිණිනිවන කණ්ඩායම් වලට එය, න්‍යෂ්ටික අනතුරක් කියා කියා නැතැයි කියා මා කියවා තියනවා. ඔවුන් මොහොතින් මැරී වැටී තියනවා.

කොහොම හරි ඒ අවට නගර හා ගම්මාන විශාල ප්‍රමාණයක් ඒ අනතුර නිසා පාළුවට ගිහින් තියෙන්නේ, ඒවා මිනිස් වාසයට අදටත් සුදුසු නැති නිසා හා මිනිසුන් ඒවායින් ඉවත්කර ඇති නිසා.

දැන් අර රුසියනුවා එන්නේ, එයා විතරක් ජිවත් වෙන තමන්ගේ පාළු ගම්මානයට. ගරා වැටී තියන, ඔහුගේ කළුවර නිවසේ ඉන්නේ, ඔහුත්, මියනුත් පමණයි. ගමේ අනික් සියලුම දෙනා එක්කෝ වෙනත් ප්‍රදේශ වලට යන්න ඇති. නැත්නම් අකාලයේ මිය යන්න ඇති. ඔහුට වෙන කොහෙවත් නොයන්නට වෙන හේතු ඇති. ඒ කිසිවක් මේ වීඩියෝවෙන් ඔබට දැන ගන්නට බැහැ.

නවකතාවක් හෝ කෙටි කතාවක් කියවා, එහි ඉතිරිය හෝ අවසානයට පසු වෙන්න පුළුවන් මොකක්ද කියන එක ගැන සිතුවිලි අතර කිමිදෙනවා වගේ, ඒ ප්‍රශ්න ගැන ඔබට තව දුරටත් සිතන්න හැකියි.

ඒ කතාවේ ඉන්න කෝල්යා කියපු එක දෙයක් මා නැවත මතක් කරන්නම්. ගෙදර දොර වසා එලියට බහින ගමන් ඔහු කියනවා, මිනිසෙකු වීම සමහරවිට හරිම අමාරුයි කියා. ඔහු කියන්නේ, මිනිසෙකු වශයෙන් ඉපදීම හරිම අමාරු කටයුත්තක් කියන ආගමික මතාන්තරය නොවේ. මා හිතන්නේ, සතෙකු නොවී, අවට වෙන දේවල් තේරුම් ගත්තත්, ඒවා වෙනස් කරන්නට හැකියාවක් නැතිව, තනිව ගෙවන ඒ ජීවිතය කොතරම් අමාරුද කියන එකයි කෝල්යා කියන්නේ. මා හිතන්නේ එයට අප ගොඩක් දෙනාට, එක එක පැති වලින් සමීප වෙන්න හැකි අදහසක්.

2 Comments

Filed under Lifestyle, Opinion

2 responses to “මිනිසෙකුගේ ඉරණම!

  1. මිනිසෙකුව ඉපදෙනවාට වඩා මිනිසෙකුව ජීවත් වීම අපහසුයි..

  2. කෝල්යා අදහස් කරන්නේ එයයි මහේෂ්. හැබැයි එහෙම කියන විට අදහස් දෙකක් එනවා. එකක් තමා තමන්ට පාලනය කල නොහැකි බලවේග හා ගැටෙමින් ගෙවන ජිවිතයේ අපහසු කම. අනික මිනිසෙකු වී ඉපදුනත්, මිනිසත්කම කියන අප සාමාන්‍යයෙන් හඳුන්වන ගති එක්ක ජීවත්වීමට ඇති අපහසු කම.

    මොනවාද කන්නේ කියල කෝල්යගෙන් අහන විට, ඔහු කියන්නේ, ඔහු අවංක කෙනෙක්, කිසිදා අනුන්ගේ දෙයක් කඩා-වඩා ගෙන නැහැ. දෙයක් ඕනි නම් එය ඉල්ලා ගන්නවා කියා.

    මෙහි දෙවන කොටස මා දැමුවේ නැහැ. එහි කෝල්යා කියනවා, මොක වුවත් අද යුද්දයක් නැහැ නේ. කියා. ජිවිතයේ සියලු දේ නැති වුවත්, ඔහු පසු කරපු කාලයන් එදා, අදටත් දුෂ්කර වෙන්න ඇති. ඔබ දන්නවනේ, ජිවිතයේ එවැනි කිසිම අත්දැකීමක් නැති මිනිසුන් හා ගැහැණුන් මේ අට්ටාල වල හැසිරෙන දුෂ්ට විදිහ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.