නාන් රොටි හා පොල් සම්බෝල!


හැරල්ඩ් බෝල්ඩර් ගේ ලංකා චාරිකා මා නරඹන්නේ ආසාවෙන්. මෙවැනි ව්ලොග් වල කොමෙන්ටු දකින විට, අප ජිවත් වන ලෝකය ගැන වෙන පොත් වලින් කියවනවට වඩා, පී එච්ඩි කරනවට වඩා අවබෝධයක් ගන්න පුළුවන්. අප වැනි සංක්‍රමණිකයන් ලංකාවෙන් ඉවත් වී, ලංකාව හදන්න උපදෙස් දෙන නොයෙකුත් ලිපි, ව්ලොග්, ටීවී වැඩසටහන් කරන විට, නොසලකන දේවල්, හැරල්ඩ් ගේ ලංකා ව්ලොග් දෙක තුනින් අපට (හරි හැකියාවක් තියනවා නම්) අවබෝධ කර ගන්න පුළුවන්.

ලංකාවට එන ආයෝජකයෙක් ගෙන් දේශපාලකයන් කොමිස් ඉල්ලන කතා ගැන එෆ්බි පොස්ටු දමන, සමහර සාමාන්‍ය මිනිසුන්, ඔවුනතර ඉන්නා, සමහරවිට ඔවුන්ම සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන හැටි, නමුත් ඒ ගැන කිසිදා නොසිතන හැටි ගැන හැරල්ඩ් ගේ ව්ලොග් අපට කියා දෙනවා.

අනික් අතට මේ ව්ලොග් (වල කුණු) රසය විඳ, දියුණු වෙමින් පවතින ලෝකයේ ඉන්නේ, ගාණක් කඩා ගන්න බලන් ඉන්න මිනිසුන්, ඕකුන් ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන, ජීවිතයේ කිසි දිනෙක තමන් ඉපදුන රටින් ඉවත නොගිය, කොම්පියුටර ඉස්සරහා ඉන්න බටහිර (මෝඩ) මිනිසුන්ගේ ගේ මනසත් අපට අපට යන්තමින් අවබෝධයක් ගන්න හැකියි.

හැරල්ඩ් අපට, ලංකාවේ තියන ඉන්න නරකම මිනිසුන් හා ලබන්න හැකි ඉතාම නරක අත්දැකීම් වගේම, රටක් හා සමාජයක් වශයෙන් අපගේ හොඳත් පෙන්වා දෙනවා. සුදු හමක් දුටු විට, ගානක් කඩා ගන්න බලන මිනිසුන් අතරේ, යන්තමින් හෝ ඉංගිරිසි නොදත් නමුත්, ආගන්තුක පරිසරයකදී කෙනෙකුට, කිසිවක් නොබලා උදව් කරන මිනිසුනුත් ඒ අතර ඉන්න පුළුවන්.

මේ සේරම දේවල් මා ජීවත් වූ බටහිර රටවල් වලද, මා අත්දැක තියනවා. සමහර දේවල් ඉතා අප්‍රසන්න වුවත්, මා වඩාත් සිතේ තියා ගන්න උත්සහ ගන්නේ මිනිසුන්ගේ කුරිරු කම් වලට වඩා, ඔවුන්ගේ කාරුණික කමයි.

Leave a comment

Filed under Opinion

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.