එක හිත දෙතැනක නතර වෙලා?


මා සටහනක් ලියා ඇති වැඩිහිටියන් විසින් තමන්ගේ ළමා කාලය, අද ළමයින්ගේ ජීවිතය හා සසඳා හොඳ හෝ නරක කියන හැටි. ගොඩක් වෙලාවට නරක. එනම්, එදා ගත්තු ආතල් අද ළමයිනට නැහැ කියා. ඔය කුරුම්බැට්ටි මැෂින්, පොල් පිති හරක් හා වලකජු ගැහීම වගේ දේවල් නැතුව, ස්මාර්ට් ෆෝන් බලමින්, කොම්පියුටර වල කරක් ගහමින් ඉන්නවා කියා.

අන්න එවැනිම සැසඳීමක් තමා මා හිතන්නේ, මා වැනි සංක්‍රමණිකයෙක්, ඉපදුන පරිසරයේ ඉන්න කෙනෙක් ගේ ජීවිතය හා තමන්ගේ ජීවිතය සැසඳීම හා එහි අනෙක් පැත්ත වන, ඉපදුන රටේම දිගටම ඉන්න කෙනෙක්, තමන්ගේ ජීවිතය හා සංක්‍රමණික ජීවිතය සැසඳීම. සසඳා එකක් හොඳයි, අනික නරකයි කීම. මේ අවස්ථා දෙකේදීම, අර ළමා කාලය වගේ, දෙවගයක වැඩ කරන්නේ එකම මිනිහා නොවන නිසා, එවැනි දෙයක තියන ඵලදායිත්වය හරි අඩුයි.

ඒ වෙනුවට කොහේ හිටියත්, අප අත්දකින දේවල් වල සමානත්වය, මුහුණ දෙන ප්‍රශ්න වල තියන සමානත්වය හෝ දේවල් රසවිඳින හැටියේ තියන සමිපකම ගැන සිතීම වඩාත් ඵලදායකයි. ඒ මගේ සිතිවිල්ලක් විතරයි.

මේ දිනවල හඳට ගිය පළමු ගමනේ අර්ධ ශතකය සමරන නිසා ඒ කතා හැම තැනම ඇසෙනවා. අද මා බලපු බ්‍රයන් කොක්ස් ගේ ඉන්ටර්විව් එකක, එයා කියුව දෙයක් තමා, ඔහු හැමවිටම වෙහෙසෙන්නේ ස්වභාව ධර්මය කියන්නේ මොකක්ද, එය හැසිරෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න උත්සහ කිරීම කියා.

ඔහුත්, විශ්වය තේරුම් ගන්න (අපට වඩා හැකියාව ඇති) තවත් මිනිසුන් කියන දෙයක් තමා, මිනිසා හැමවිට උත්සහ කරන්නේ තමන්ගේ වටපිටාව තේරුම් ගන්නය කියන එක. ඔවුන්ම කියන දෙයක් තමා, මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ නොනැසී පැවැත්මට, අනිවා ඩෙපා මේකෙන්, ඒ කියන්නේ පෘථිවියෙන් එළියට යන්න වෙනවා කියන එක.

අපගේ ජිවිතයම හරියට සිතා බැලුවොත්, ඉබේ එහෙම නිර්මාණයක් වුනේ කොහොමද? අපගේ ශරීරය කොතරම් සංකීර්ණ පද්දති ගණනාවකින් ගොඩ නැගෙන්න අවුරුදු බිලියන ගණනක් ගියා තමා. නමුත්, ඉබේම එහෙම දෙයක් නිර්මාණය වීම කොතරම් ආශ්චර්ය ජනක දෙයක් ද?මෙහෙම සිතන්නට හෝ අපට ඉඩක් එන්නේ නැහැ. බ්‍රයන් ලා වගේ ඒ ගැන සිතීම තමන්ගේ ජිවිකාවත් හා විනෝදාංශයත් කර ගත් අය වගේ නොවේ, සාමාන්‍ය අපට එවැනි දේ සිතන්නට හැකි බුද්ධියත් එපමණට නැහැ, අනික් අපගේ ජීවිතය පවත්වාගෙන යන්න පොරබැදීම යන කරුණ තියන නිසා, ඕවට වෙලාවකුත් නැහැ.

සංක්‍රමණික ජීවිතය ගැන මා යලි ලියුවොත්, එහෙම නොවන කෙනෙකුට දැනෙන ගොඩක් අඩුපාඩු නැත්නම් මිස් වෙන දේවල් ගොඩක් තියෙන්න හැකියි. මේවා එකිනෙකාට දැනෙන්නේ වෙනස්ව. මගේ සටහන් වල යන්තමින් මට දැනෙන හැටි ලියා ඇති.

මේ සටහන් ලිවීමට පටාන් අරන් දැන් වසර අටක් ගෙවී අවසන්. මෙහි අද මා සිතන විදිහට එකඟ නැති ගොඩක් සටහන් තියනවා.

Advertisements

3 Comments

Filed under Anniversary, Lifestyle, Migration, Nature

3 responses to “එක හිත දෙතැනක නතර වෙලා?

  1. /අපගේ ශරීරය කොතරම් සංකීර්ණ පද්දති ගණනාවකින් ගොඩ නැගෙන්න අවුරුදු බිලියන ගණනක් ගියා තමා. නමුත්, ඉබේම එහෙම දෙයක් නිර්මාණය වීම කොතරම් ආශ්චර්ය ජනක දෙයක් ද?/

    ඇත්තටම මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රියයන්වල සංකීර්ණත්වය ගැන හිතල බලනකොට එවන් ආශ්චර්යයක් කොපමණ දීර්ඝ කාලයක් ගත වූවත් ස්වාභාවිකව නිර්මාණය වූයේ යැයි සිතීමට යම් අපහසුතාවයක් වගෙත් දැනෙනවා.

    කියන්නට බෑ මිනිසා යම් ඉතා දියුණු සහ ඉතා පැරණි වෙනත් ජීවීන් කොටසක නිර්මාණයක් වෙන්නත් පුලුවන්.

    Who knows? nothing is impossible..

  2. ඒ වගේම රවී, සමහර ජීවීන් පරිසරයේ නොනැසී පවතින්න විකරණය වී තියන අන්දම ගැන සිතුවහමත්, ඒ වගේ දේවල් ඉබේම වෙන්න හැකිද කියන ප්‍රශ්නය නැගෙනවා. ඒවා එතරම්ම නිර්මාණශීලි හා සංකීර්ණයි.

    අප වෙන ජීවීන්ගේ නිර්මාණයක් නම්, ඔවුන් කාගේ නිර්මාණයක්ද? That’s the question! 😀

  3. pra jay

    “Now take a human body. Why wouldn’t you like to see a human body with a curling tail with a crest of ostrich feathers at the end? And with ears shaped like acanthus leaves? It would be ornamental, you know, instead of the stark, bare ugliness we have now. Well, why don’t you like the idea? Because it would be useless and pointless. Because the beauty of the human body is that is hasn’t a single muscle which doesn’t serve its purpose; that there’s not a line wasted; that every detail of it fits one idea, the idea of a man and the life of a man.”
    ― Ayn Rand