සරල දිවියක්?


මේ ගතවෙන්නේ දකුණු අර්ධගෝලයේ වින්ටරය මැද. මැද කියුවට, මෙතෙක් සිට, දරුණුම (එහෙම කාලයක් තියනවා නම්) කාලය අවසන් කියා මා සිතනවා. හොඳින් බැලුවොත්, ගස් වල දළු හෝ මල් හටගන්නා අවස්ථාවේ මුල දැන් තියෙන්නේ. කොහොම වුවත්, අපගේ දිවා කාලයේ කෙටිම දිනය ජූනි වලයි තියෙන්නේ. දැන් එය ටිකින් ටික යලිත් දිගු වෙමින් යන්නේ.

ගෙවල් වලම සිටපු ගොඩක් දෙනා යළි එළියට බහිනවා කියා පෙනෙනවා. එයට දැන් ගොඩක් දිනවල තිබූ අව් රශ්මියත්, ඉතා සීතල නැති පරිසරයත් හේතු වෙනවා. අපගේ මානසික සිතිවිළි හා පරිසරය අතර තියන සම්බන්ධය ගැන කියා දෙන, පැහැදිලි පර්යේෂණ තියනවා. මේවා ගැන කියවන්න, මෙයට වසර හත අටකට පෙර වෙහෙසුන තරම්, අද මා වෙහෙසෙන්නේ නැහැ.

මිනිසුන් හා දරුවන් එළියට බැස්සත්, සීයට අනුවක් වගේම අතේ ෆෝන් හෝ එවැනි ගැජට් එකක් තියනවා. ඇවිදීම හොඳ දෙයක් තමා. හැබැයි, ගොඩක් දෙනා ඇවිදින්නේ, තිරයේ තියන ලෝකයේ ඉන්නා ගමන්. දෙපස සිටින කුරුල්ලන්, තියන ගස් වැල් හා ගලා යන දිය දහරා ගැන හාන්කවිසියක වත් හැඟීමක් නැතුවා වාගෙයි. එයත් තමන්ගේ පෞද්ගලික තේරීමක්. හැබැයි, ගෙදර ගැජට් බැලීමත්, එළියේදී බැලීමත් දෙකක් කියා ඔවුන්ම පෙන්නුම් කරනවා.

එකෙක් නසා, අනිකාගේ පැවැත්ම තහවුරු කෙරෙන ලෙස, ස්වභාවධර්මය තීරණය කර පරිණාමය වුනේ ඇයිද කියන එක මා නිතර සිතන දෙයක්. කොටියෙකුට අහුවන, මුවෙකුට උරුම වන්නේ වේදනාත්මක මරණයක්. මේ වේදනාව තවත් වැඩිවෙනවා කියා උපකල්පනය කරන්න පුළුවන්, මී හරකෙක්, ජිරාෆයෙක් හෝ අලියෙක් අහුවුනහම. මොකද, ඔවුනට සටනක් දීමට තියන හැකියාව වැඩි නිසා.

ශාක වලට දියුණු ස්නායු පද්ධතියක් නැති නිසා, ඔවුන්ව නැසිමේදී වේදනාවක් නොදැනෙනු ඇතැයි අප සිතනවා. හැබැයි, ශාක අතරත්, එකිනෙකා හා තමන්ගේ අභ්‍යන්තරයේ විවිධ සන්නිවේදන කටයුතු කරන වග අප දැනට දන්නා දෙයක්. ශාකයක් නැසීමේදී, එයට යම් වේදනාවක් නොදැනෙනු ඇති කියා, සහතික කර කියන්න අපට බැහැ.

එයට අමතරව, අද ලොකුවට කතා කෙරෙන හා ප්‍රවර්ධනය කෙරෙන ජීවන විලාසිතාවක් තමා වීගන්. වීගන් කියන්නේ සත්ත්ව මාංශ හෝ සත්ත්ව ප්‍රභවයන් සහිත භාණ්ඩ හෝ ඇඳුම් පැළදුම් භාවිතා නොකර, ශාක නිෂ්පාදන වලින් පමණක් ජීවිතය ගෙවීම.

බැලූ බැල්මට අපට එකඟ වෙන්න පුළුවන්. එවැනි ජිවිතයක අරමුණ, අනික් ජිවියෙකුගේ ජීවිතයට හිංසාවක් නොකර, තමන්ගේ දිවිය පවත්වාගෙන යාම. හැමතැනම එක ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති වුවත්, ඕස්ට්‍රේලියාවේ සත්ත්ව පාලන ක්‍රියාවලියේ අනුගමනය කෙරෙන පිළිගත් හා ඒ අනුව කෙරෙන ක්‍රියාවලියක් තියනවා.

මරණය කිසිදා රමණීය වන්නේ නැහැ. හැබැයි, සම්මත පටිපාටිය අනුගමනය කෙරෙන, ඝාතනාගාරයකදී බැටළුවෙක් විඳින වේදනාව, කොටියෙක් හෙමින් සතෙක් මරණ වේදනාවට යන්තමින් හෝ වෙනස් වෙනවා කියා අපට සිත හදා ගන්න පුළුවන්.

හැබැයි ශාක පමණක් ආහාරයට ගැනීමෙන්, සතුන්ට වන මරණීය හානි නැති කරන්න හැකිද? එවැනි කෘෂිකර්මයකට අද ලෝකයේ ඉඩක් තියනවාද? අප ආහාරයට ගන්නා පාන් ගෙඩියකට දිවි දී තියන ජීවිත ගණන, අපට ගණනය කරන්න හැකිද, බත් හා පරිප්පු කන විට, ඒවා නිපදවීමට පූජා කර ඇති ජිවිත ගණන කොතෙක් ද කියා ඔබ දන්නවද?

මේ පුරස්න වලට පිළිතුරු සොයන්න යාමේදී, මා මුලින් මගෙන්ම අසා ගන්න // එකෙක් නසා, අනිකාගේ පැවැත්ම තහවුරු කෙරෙන ලෙස, ස්වභාවධර්මය තීරණය කර පරිණාමය වුනේ ඇයිද කියන එක මා නිතර සිතන දෙයක්// කියන සිතිවිල්ලට ඔබටත් යොමු වන්නට හැකියි.

Leave a comment

Filed under Agriculture, Nature, Opinion

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.