Monthly Archives: September 2019

ජිවිතයේ රස!


මා අද දිනය ගත කෙරුවේ පරිසරය සමග කියුවොත් යම්තාක් දුරට නිවැරදියි. හැබැයි, ඒ කියන්නේ මහා ගණවනාන්තරයක් නොවේ. මිනිසා විසින්, පරිසරය රස විඳින්නට සැකසු ස්ථානයක.

පරිසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20ක් හෝ ඒ ආසන්නයේ වූවා. එළිමහනක ගත කරන්නට කදිම දිනයක්. අවට විශාල පිරිසක් නොසිටියත්, ඒ පරිසරය පාළු එකක් නොවේ.

ඕනෙම කෙනෙකුට භාවිතා කරන්නට හදා තිබූ උදුනේ, ගෙන ගිය මස් ටික පුළුස්සන ගමන්, ගැනීම පිණිස, අපගේ සරීර සෞඛ්‍යය පවත්වා ගෙන යන්නට සැකසු, සුමධුර පානයක්ද අප ගෙනිහින් තිබුණා.

අප වැනි පිරිස්, මෙවැනි පරිසර වල, සුමධුර පාන සමගින්, රස විඳින විට, ඇත්තටම එවැනි පරිසර වල ජිවත් වෙන ජනයා කරන්නේ කුමක්ද, ඔවුන් මුහුණ දෙන පුරස්න මොනවාද කියා මා කල්පනා කෙරුවේ, අද පමණක් නොවේ.

ඇමේසන් වනාන්තර ගිනි තැබීම හෝ ගිනිගැනීම ගැන අප වැනි හාන්සිපුටු “පරිසර වේදීන්” පසුගිය සති කිහිපය පුරා අත්තර්ජාල පිටු විවිධ භාෂා වලින් පුරවන්න ඇති. ඔබත්, තමන් දන්නා භාෂා වලින් ඉන් කිහිපයක් හෝ කියවන්න ඇති.

නගරය ඉන්න අප, නිවාඩුවකට අලි බලන්න කැලේට යන්න ආසා කරත්දී, කැලේ අවට ඉන්න මිනිසුන් අලි මරන්නේ ඇයි කියා ෆේස්බුක් පොස්ට් හුවමාරු කර ගන්නවා.

මෙවැනි දේ වෙත්දී, තවත් සමහරක් කාබනික කෘෂිකර්මය එකම විසඳුන ලෙස ප්‍රචලිත කරන්න වෙහෙසෙනවා. බෝග දෙමුහුන් කරණයට විරුද්ධව මේ අන්තර්ජාලේ පිටු පුරවනවා. ජාන තාක්ෂණයට විරුද්ධයි. සතුන් මනුෂ්‍ය ආහාරය ඇති කිරීමට එරෙහියි.

අප හැමෝම නිශ්චිත වෙලාවක ජිවත් වන්නේ, එකිනෙකට ප්‍රති විරුද්ධ ලෝක දෙකක. නගරයේ සුවපහසු කාමර වල ජිවත් වන ජනයා, තමන් ලබන නිවාඩුව ගත කරන්න “පරිසරය” සොයා යන්නට වෙහෙසෙන විට, ඇත්තටම ඒ පරිසරයේ සිය ජීවිතය හා පොරබදන පිරිස්, ලත වෙන්නේ, ඊළඟ දිනය ගෙවන්නේ කොහොමද, මොනවායින්ද කියන සිතිවිලි සමහ.

තියන වනාන්තර, ඉන්න අලි, තණ කන මුවන් රැක ගන්න නම්, අද අප දැනටම වෙනස් කර ඇති බිම් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ කියන්නේ හැකි විට සිරස් අතට ගෙවල් හැදීමත්, දැනට වවන භුමි වලින් උපරිම අස්වැන්න ගැනීමත්.

එහෙම නැතුව අර කියන කොම්පියුටර ඉස්සරහා ඉඳන් ඔය දේවල් දිගටම ලියන්න හැකි වෙන්නේ, අප අතර ඉන්නා බොහෝ පිරිස් පරලොව යවා, ඒ වෙනුවට තවත් පිරිස් නොහැදිමෙන් පමණයි.

(පින්තූර පසුව ඔබමි).

3 Comments

Filed under Lifestyle, Opinion