හෙට දිනය කොයි වගේද?


මගේ සටහන් කියවන ප්‍රා, ඒ සටහන් බලා සිනා සුණත්, දුක් වුණත්, මා කනගාටු වෙන්නේ නැහැ. මේවා කියවා සිනහා වෙන්න හැකි නම්, මා වඩාත් සතුටුයි.

බටහිර විද්‍යාව නිසා උපන්, අන්තර්ජාලය කියන දේ නිසා ඇතිවුන එක විපර්යාසයක් තමා, ඉස්සර ගොඩ වෙදුන් ලෙස අප හැඳින් වූ, (කිසිම ෆොර්මල්) ඉගෙනීමක් නැති, නමුත් සමාජයට යම් කිසි බලපෑමක් කරන්න හැකි වූ, පිරිසට ඒ කාලයේ නොතිබුණ වේදිකාවක් තනා දීම. මේ කියන ෆොර්මල් ඉගෙනීම කියන එක අර්තකරණය මා දැනට අමතක කරන්නම් .

ඉඳහිට මා විනෝදයට, ෆේස් බුකයේ (සිංහල සමාජයේ) හුවමාරු වෙන දේවල් බලනවා. මේ මෑතක ලංකාවේ ටයි දමන් කියෝන මහා විකට පුද්ගලයෙක්ගේ වීඩියෝවක් යන්තමින් බැලුවා.

ඔහු කියූ එක කරුණක් තමා, වර්තමාන මිනිසා පැවත එන්නේ ලංකාවෙන් කියන එක. මේ තියරියේ අනින් උපාංග මන් දන්නේ නැහැ. මෙවෛනි මිනිසුන්, අප පොඩි කාලයේ ඔය ඉස්පිරිතාල වල, ඉස්සරා මොනවා හරි විකුණා ගන්න, විවිධ මනස්ගාත කියවූ මිනිසුන්ගේ අද පවතින අන්තර්ජාල අවතාරයයි.

දයිවයේ සරදම නම්, ඒ පොස්ට් එකේ මාතෘකාව, අපට වසර 70ක් වැරදුනේ ඇයිද කියා හෝ එයට සමාන යෙදුමක්. වැරදීමක් තියනවා නම්, එයට හේතුවක් වන්නේ, එදා වැරහිලි ඇඳන් කියපු ඒ දේවල්, අද ටයි කෝට් දමන් අද කියවන මනස්ගාත අසන්න, විශාල පිරිසක් අප සමාජයේ ඉන්න එක තමා. එය තමා සැබෑ ඛේදවාචකය.

මේ වැනි දේවල් තවත් ඇති. අහසින් යාමේ තාක්ෂනය. ලෝකෙටම ආහාර නිපදවීමේ තාක්ෂනය, අනුන්ගේ සිත් කීමේ තාක්ෂනය යනාදී වශයෙන්, බටහිර විද්‍යා තාක්ෂණයේ, අග්‍රගන්‍ය නිපැයුමක් වන අන්තර්ජාලය මගින්, හුවමාරු වන වෙනත් ෆේක් නිවුස් ඇත්තේ එක දෙකක් නොවේ.

හංසයා කිරි, වතුරින් බේරා බොන සේ (මෙයත් වෙනවද කියා මා දන්නේ නැහැ) මොනවාද ඇත්ත, මොනවාද බොරු කියා, තෝරා බේරා ගැනීමේ හැකියාව අප සතු විය යුතුයි.

මා කලින් සටහනේ ලියුවනේ, අධ්‍යාපනයට වැය කරන්න තියන මුදල ඉතා ඉහල වීම නිසා, බටහිර වසන බොහෝ දෙනෙක්, අප අද මෙතනට ආවේ කොහොමද කියා දන්නේ නැති වග. ඉතින් අනික් සමාජ ගැන කවර කතාද?

මේ නිසාම අන්තර්ජාලයේ, සුරූපී රූ සපුවක් ඇති, කිසි ඉගෙනීමක් නැති, යුවතියකගේ අදහස් වලට කැමති පිරිමින් ලක්ෂ ගණන් බටහිර ලෝකයෙන් සොයා ගන්න හැකියි. එක අතකින් ඔවුන් තමා අද සමාජයේ ඉදිරි ගමන තීරණය කරන්නන්. ආහාර වල තියන ගුණාංග වල සිට, ලෙඩ රෝග වලට නොවරදින බෙහෙත් යනාදී වශයෙන් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ආස කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස් ලොව පුරාම ඉන්නවා.

සුද්දන්, එනම් බ්‍රිතාන්‍ය ජාතිකයන්, ලෝකයේ නොයෙක් රටවලට මා අනර්ථ කාරී දේවල් කෙරුවා. අප උපන් ලංකාවත්, ඔවුන්ගේ ෆුට් බෝලයට අසුවුන එක රටක් පමණයි.

මොන රටක ජෝගි නැතුවත්, ඔවුන්ගේ හොඳ ලක්ෂණද අපට අමතක කරන්න බැහැ. කැලයෙන් වැසි තිබුණ සීගිරි ගල සොයා ගත්තෙත් සුද්දෙක් විසින්. එපමණක් නොවේ, ලංකා ඉතිහාසය පිළිබඳව, මනස්ගාත හිතේ නොමැතිව, ගවේෂණය කරපු, පරණවිතාන, ඔබේසේකර, ගුණසිංහ යනාදී වශයෙන් අප දන්නා සියලු මිනිසුන්, බටහිර ඉගෙනීම් නිසා සික්ෂණයන් ලද පිරිස්. අද බටහිර විද්‍යාවට සිනා සෙන මහා මන්ත්‍රාචාර්යය නලින් සිල්වා පවා, ඔය කියන අදහස් තාර්කිකව ගලපා ගන්න උගත්තේ, බටහිර අධ්‍යාපනයේ උදව්වෙන්.

එපමණක් නොවේ, ලෝකයේ විවිධ ශිෂ්ටාචාර වලින් කොල්ල කෑ කොටස් නතර වුනෙත් බටහිරම තමා. ගොඩක් වෙලාවට ලන්ඩනයේ කෞතුකාගාර වල. ඒවා, එහිඇත්ත පරිසරයේ තිබුණට වඩා සුරැකිව තිබීම, මනුෂ්‍ය සංහතියක් වශයෙන් අප කනගාටු වෙන්නට අවශ්‍ය කරුණක් ද?

ලංකාවේ පවා සමහර පුස්කොල පත් සුරැකිව පවතින්නේ, ලන්ඩනයේ කියා අප අසා තියනවා. ඒවා කොල්ල කෑම් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි, විවිඩ පුරාන රජමහා විහාරස්ථාන වල දිරාපත් වන, පුස්කොල පොත් අමතක කෙරුවත්, කොළඹ අගනගරයේ, කෞතුකාගාරයේ තිබුණු එයිතිහාසික වටිනාකමක් ඇති, කඩු ටිකවත් රැක ගන්න අපට හැකි වුණාද? නැහැනේ! ලංකාව පමණක් නොවේ, අතීතයේ උදාරම් ශිෂ්ටාචාර තිබුණ, බොහෝ රටවල තත්ත්වය එයයි.

මගේ සටහන් කියවා බලා, නිකම් සිත නරක් කර ගන්න එපා. මගේ සිතිවිලි වල සටහන් කිරීමේ බලාපොරොත්තුව ඔබත් මා හා සතුටක් ලැබීම පමණයි.

3 Comments

Filed under Opinion

3 responses to “හෙට දිනය කොයි වගේද?

  1. pra jay

    😀

  2. pra jay

    කලින් පෝස්ට් එකේ මං හිනාවුනේ ඔබ කිව්ව තාක්ෂණය ගැන නෙමෙයි.පිරමිඩ් , මාචු පීචු වාගේ තාක්ෂණය මෙහෙ නොතිබුනා වෙන්න බෑ.
    මං කිව්වෙ ඒවගේ දේවල් නෙමෙයි, රාවණා සයන්ස් ෆික්ශන් ගැනයි

  3. Just chill Pra.
    මොකක් හරි ප්‍රවේශයක් ඕනි නිසා ලියුවේ. ඔබ මේ සටහන් වලට සිනා වෙනවා කියා හිතුනු නිසා නොවේ. අතීතය ගැන ගවේෂණය කිරීම ජෝකර්ලා බාර ගත්තු එක ගැන ඔබ කියුව කරුණ ගැන මා වැඩිපුර ලියුවා.